ඩෙවොන්-කඩියන්ලෙන දියඇලි සක්‍රීය වෙයි

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඩෙවොන්-කඩියන්ලෙන දියඇලි සක්‍රීය වෙයි

    (ශාන්ත චන්ද්‍රසිරි)

    මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයන්ගේ පිහිටි දිය ඇලිවල ජල මට්ටම් අධික ලෙස ඉහළ ගොස් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙනු දැකිය හැකිය.

    තලවකැලේ-නාවලපිටිය මාර්ගයේ කඩියන්ලෙන නගරය අසල පිහිටි තට්ටු තුනකින් සමන්විත මීටර් 30 ක් උසැති කඩියන්ලෙන දිය ඇල්ල හා තලවකැලේ -හැටන් මාර්ගයේ පතන නගරය ආසන්නයේ පිහිටි මීටර් 97 ක් උසැති ඩෙවෝන් දිය ඇල්ල මෙසේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ වඩාත් සුන්දර වී තිබේ.
    ප්‍රධාන මාර්ගයන් අසලම මෙම දිය ඇලි දෙක පිහිටා තිබීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු අපහසුවකින් තොරව නැරඹීමේ හැකියාව තිබේ.
    image_5d68340859.jpg
    image_6bdc0edfc6.jpg

    ඩෙවොන් ඇල්ල
    image_6ebbba5fc4.jpg

    කඩියලෙන ඇල්ල