මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.
නඩු විභාගයට අද දින නියම වී තිබුණ ද කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩුව ඔක්තෝබර් මස 29 වැනිදා කැඳවීමට අධිකරණය විසින් නියම කළා.
2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදුකළේ යයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුව තිබෙනවා.
නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.