ඩේසි ආත්තම්මාට සහ යෝෂිතට අදාළ නඩුව කල් යයි. ඩේසි ආච්චිට දීර්ඝායුෂ ලැබේවා!!! 🥰🙏

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    514400899_1207122954788746_5093709447248220218_n.jpg



    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

    නඩු විභාගයට අද දින නියම වී තිබුණ ද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩුව ඔක්තෝබර් මස 29 වැනිදා කැඳවීමට අධිකරණය විසින් නියම කළා.

    2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදුකළේ යයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුව තිබෙනවා.

    නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.
     
    • Like
    Reactions: vito

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    looks like something fishy is going on...either they are taking time to get some benefit or JVP is taking time to get some more solid evidence
     
    • Like
    Reactions: Rick Sanchezz