ඩොක්ටර් හඩ්සන්
වාහන විත්ති 272 -ටෙස්ලා මොඩල් 3 විදුළි වාහනය සාර්ථක වේද ?
ලෝකයේ බොහෝ දියුණු රටවල් ටෙස්ලා වැනි විදුළි මෝටර් රථ සාර්ථක වන්නේ දැයි පරීක්ෂණ කරති. හේතුව වන්නේ, එය තාක්ෂණයේ අලුත් පිටුවක් පෙරලන නිසා පමණක් නොව, පරිසරය විෂයේ ෆොසිල ඉන්ධන වලින් ඉවත් වීමට අවශ්‍ය ප්‍රධාන පියවරක් විදුළි වාහන වලින් වන හෙයිනි.
මක්නිසාදයත්, මේ කාලයේ ඇති වී තිබෙන පුනර්ජනනීය විප්ලවයෙන් ඇතිවන ප්රතිලාභ, විදුළි වාහන වල ආරෝපණය සඳහා කෙලින්ම ප්‍රයෝජනවත් වන නිසාය.
ජර්මනියේ, මෙවැනි ආකාරයේ පරීක්ෂණ කරන “Munro & Associates”,නම් ජර්මන් සමාගමක් ටෙස්ලා 3 වාහනයක් සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වලට ගලවා මේ පහත නිරීක්ෂණ කර ඇත.
එක්තරා වැදගත්ම නිරීක්ෂණයක් වී ඇත්තේ ටෙස්ලා 3 වාහනයේ, විදුලි වාහන අතරෙන් අඩුම ‘කොබොලට්’ මූල ද්‍රව්‍යය තිබෙන බවය. එය මුළු සංයුක්ත බැටරියේ ප්‍රමාණයෙන් 2.8%කි. එනම් එය කිලෝ ග්‍රෑම් 4.5 කි. එහෙත් අනෙක් විදුලි වාහන වල මේ ප්‍රමාණය 8%කි.
ජර්මනියේ ප්‍රධාන පෙලේ බැටරි නිෂ්පාදනාගාරයක් වූ BMZ ආයතනයේ [Batterien-Montage-Zentrum (BMZ),] අධ්‍යක්ෂක කෙනෙක් වන, “ස්වෙන් බවර්” මහතා කියන ආකාරයට, ටෙස්ලා 3 වාහනයේ මේ කොබෝල්ට් අඩුවීම විශාල ජයග්‍රහණයක් බව කියයි..
මෙයට හේතුව වන්නේ, ‘කොබෝල්ට් ලෝහය ලෝකයේ ඉතා දුර්ලභ ලෝහයක් වීමත් ඒ නිසාම එය සංයුක්ත බැටරියේ තිබීම හෙයින් අවසානයේ වාහනය මිළ වැඩි වීමත්ය. මේ කොබෝල්ට් වලින් තැනෙන බැටරියේ රසායනික සංයෝගය වන ‘නිකල්-කොබෝල්ට්-ඇළුමීනියම්’ කැතෝඩයේ’ රසායනික ව්‍යුහාත්මක ආකාරය, මෙතෙක් වෙන කිසිම විදුළි වාහන සමාගමකින් උත්සාහ කර නැත.
මේ වාහනය කෑලි වලට ගලවා නිරීක්ෂණය කල ආයතනයේ ඉංජිනේරුවන් කියන්නේ, යම් හෙයකින් වාහන 10,000 ක් සතියකට නිෂ්පාදනය කරන්නේ නම්, ටෙස්ලා මොඩල් 3 වාහනය ලාභ පිට ලාභ ලබන බවය. වාහනයේ ඇති සියලු ද්‍රව්‍ය වල වටිනාකම ඩොලර් 18,000 කි.
වාහනයේ, “බේසික් මොඩලය” විකුනන්නේ ඩොලර් 35,000 කට වේ. සියලුම ආකාරයේ පහසුකම් [Options] එකතු කල වාහනය ඩොලර් 78,000 ක් වේ. ස්වයං ධාවනය [Auto pilot] ඇතිව නම්, එය ඊටත් වඩා වැඩි වේ.
ඉහත කී ජර්මන් කොම්පැනියෙන් මේ ටෙස්ලා මොඩල් 3 වාහනයක් ලබා ගෙන ඇත්තේ ඩොලර් 2,30,000 ක විශාල මුදළකට වේ. එයට හේතුව අපැහැදිළිය. සමහරවිට, ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුනේ සාමාන්‍ය පාරිභෝගිකයෙක් මෙන් වාහනය ධාවනය කිරීම නොව, වාහනය ගලවා නිරීක්ෂණය කිරීම නිසා වෙන්නට ඇත. ටෙස්ලා ආයතනයෙන් මේ මිළ ගණන් දක්වා තිබිණ.
ආයතනයේ ඉංජිනේරුවන් මේ වාහනයේ සංයුක්ත බැටරියේ ඇති බැටරි මොඩියුල එකිනෙක අතර ඇතිවන විදුලි ධාරා වෙනස ගැන බොහෝ ප්‍රසාදයට පත්ව සිටී. එනම් ඒ වෙනස මිලි ඇම්පියර් 0.2 කි.
මෙය මෙතෙක් කිසිම වාහනයක නැති අඩු අගයක් යයි ඔවුන් කියති. බැටරි එකිනෙක සමබර කිරීම හෙවත් ‘බැටරි බැලන්ස්’ කිරීමේ ප්රාතිහාර්යයක් සේ එය ඔවුන් සලකති.
තවද එම නිරීක්ෂකයන් විසින් මේ වාහනයේ ඇතුලාන්තය අති සුඛෝපභෝගී නිවාසයක තිබෙන කාමරයකට ඔවුන් සමාන කරති.
මෘධුකාංග V 8.2 [v8.2 firmware.] ට උසස් කල විට [Software upgraded] අනුව, වාහනයේ ඇතුලත උෂ්ණත්වය, පිටුපස සීට් වල උෂ්ණත්වය මෙන්ම රියැදුරාට වාහනයෙන් එළියේ නොපෙනන තැන් නිරීක්ෂණය [blind spot notification] ස්මාර්ට් දුරකථනයෙන් පාලනය සහ නිරීක්ෂණය කල හැක.
වාහනයේ ස්වයං ධාවනය තිබේ නම්, තිරිංග ක්‍රියාත්මක වීමට යන කාලය තවත් අඩු වේ. එනම් අනතුරු වන්නේය. මෙය කුඩා උදාහරණයකින් පෙන්වා දිය හැක.
ඔබ වාහනයක් පදවන විට, ඈත පාරේ යම් අනතුරක් දුටුවිට, අ) ඇක්සලරේටරයෙන් කකුල ඉවත් කර, ආ) තිරිංග පැඩලයට කකුල තැබිය යුතුය. ඈ) ඉන් පසු තිරිංග පෑගිය යුතු අතර අවසානයේ තිරිංග භාවිතයෙන් වාහනය නැවතීම ආරම්භ විය යුතුය.
අ) සිට ආ) තෙක් සහ, ඈ) තෙක් යන කාලය කුමක් වේ යයි ඔබ සිතන්නේද ? එය තත්පර කාලකදී ඔබට කල හැකි නම් ඔබ වාහන ශුරයෙක් වන ‘ශු මාකර්’ වැන්නෙකි.
සාමාන්‍ය කෙනෙක්ට එය තත්පර භාගයක් යයි සිතමු. පැයට හැතැප්ම 60ක වේගයෙන් ගමන් කරන වාහනයක්, තත්පරයට අඩි 88 ක් ගමන් කරන්නේය. එනම්, ඉහත අවස්ථාවේ ඔබ තිරිංග භාවිතය සඳහා පාදය යොමු කරන විට, වාහනය අඩි 44ක් ඉදිරියට දැනටමත් ඇදී ගොස් ඇත.
යම් හෙයකින් වම් කකුල තිරිංග මත තබාගෙන යනවා යයි මඳකට සිතන්න. එවිට එම කාල සීමාව අඩු කරගත හැක.
සටහන:- මෙය භයානක දෙයකි. එය වම් කකුල දකුණු කකුල මෙන්ම පුරුදු නොමැතිව කරන කෙනෙක් කිරීමෙන් අනතුරු ඇති විය හැක. තවද සමහර වාහන වල තිරිංග සහ ඇක්සලරේටර වලින් එකම අවස්ථාවේ වැරදි කියමන් [Readings] එන්ජින් පාලක කොටසට [ECU - Engine control unit] ගොස්, වාහනයේ පරිඝනකයේ ක්‍රියාවට එය බාධාවක් විය හැක.
[සටහන:- මගේ නම් පුද්ගලික අදහස වන්නේ, එම ආකාරයේ වාහන වල දෝෂ , මෘධුකාංග වෙනස් කර ඉවත් කල යුතුය යන්නය. මිනිසුන් වැරදි කරති. ඒ වැරදි වලට නිවැරදි වන ආකාරයට, එනම් ඒ වැරදි හඳුනා ගන්නා ආකාරයට, වාහන නිර්මාණය විය යුතුය. නැතිනම් එය ඒ වාහනයේ අඩුපාඩුවකි. එසේ නැත්නම් ඒ ආකාරයේ පාලන ක්‍රමය කල යුතු නැත හෝ, එය මේ වාහනයේ සීමාවකි යන්න, වාහනයේ උපදේශක පත්‍රිකාවේ සඳහන් වීම ඒ වාහන වඩා ජනප්‍රිය වීමේ හේතුවකි.]
යම් හෙයකින් අමතර ‘ස්වයං ධාවනයක්’ වාහනයට තිබේ නම්, එය මගින් ඉහත කී කාලය අඩු වනු ඇත. එනම්, දකුණු කකුල ඇක්සලරේටරය මතින් තිරිංග කිරීමට ගතවන කාලය ශුන්‍යය වීම මෙහිදී වන බැවිනි. එනම්, ඉහත කී උදාහරණයේ පෙන්වූ සේ වාහනය අඩි 44 ක් එවිට යන්නට පෙර නවත්වා ගන්නට හැකි වනු ඇත.
ටෙස්ලා 3 වාහනයේ ඉහළ මොඩල් වල [All options loaded] මේ හැකියාව තිබීමෙන්ද එම වාහන වලට වැඩි ඉල්ලුමක් ඇතිවනු ඇත.
පින්තුරයේ සිටින හැරමිටියෙන් ගමන් කරන මේ මහල්ලා දෙස බලන්න.
ටෙස්ලා මොඩල් 3 වාහනයක් මිලදී ගත් මහළුම පුද්ගලයා සේ ඔහු වාර්ථා වීම එතරම් ලොකු ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් 1921 උපන් ඔහු බොහෝ කාලයක් තිස්සේ වාහන විශේෂඥක් සේ නම් දරා ඇති ‘වෝල්ට් මොර්ඩේන්වී’ වේ.
රථවාහන ලෝකයේ ඔහුට ඇත්තේ විශාල ගෞරවයකි. කාලයකට පෙර ඇමරිකාවේ නිෂ්පාදනය කල හඩ්සන් වාහනයේ නඩත්තු විශේෂඥයෙක් වූ ඔහුට කියන්නේ ‘ඩොක්ටර් හඩ්සන්’ ලෙසිනි.
1935 වසරේ සිට වාහන පදවන, ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද සියලුම වාහන පාහේ එළවන ලද, නඩත්තු කර ඇති, එසේම වාහන රේස් වලට සහභාගී වූ ඔහු කියා සිටින්නේ, ඔහු මෙතෙක් එලවූ හොඳම වාහනය ‘ටෙස්ලා මොඩල් 3’ යන්නය
![]()
Last edited:


