ඩොමීනියන් තත්ත්වය යනු කුමක්ද?
ඩොමීනියන් තත්ත්වය යනු කුමක්ද?
1948 පෙබරවාරි 4 වනදා, එනම් මීට 65 වසරකට පෙර, ලංකාවට ලැබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් බව කියනු ලැබේ. නමුත් ඒ පිළිබඳ අප බොහෝ දෙනාට ඇත්තේ දළ අදහසක් පමණි. එහෙයින්, නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ ඩොමීනියන් තත්ත්වය කුමක්ද යයි සොයාබැලීමට මට සිත් විය.
අතීතයේදී ඩොමීනියන් යන පදය ඉංග්‍රීසි කිරීටයට යටත් ප්‍රදේශ සියල්ල හැඳින්වීමට යොදාගන්නා ලදී. වත්මන් එක්සත් රාජධානියේම කොටසක් වන වේල්සය 1535 පමණ සිට කලක් යනතුරු හඳුන්වා දී ඇත්තේ ඩොමීනියනයක් ලෙසය. උතුරු ඇමරිකාවේ ඉංග්‍රීසි කොලනි වූ වර්ජිනියාව සහ නව එංගලන්තය 1660 ගණන්වල සිට ඩොමීනියන් ලෙස හඳුන්වා දෙන ලදී. නමුත් මේ එකකටවත් ස්වයං පාලන අයිතියක් නොවීය. ඩොමීනියන් යන පදය මෙසේ කිරීටයට යටත් සියලු ප්‍රදේශ හැඳින්වීමට යොදාගැනීම 20 වන සියවස කරාද පැමිණි පුරුද්දකි.
අද අප ඩොමීනියන් තත්ත්වයක් ලෙස සලකන ආකාරයට ආසන්න තත්ත්වයක් ඇති ප්‍රදේශයක් මුලින්ම ඇති කරන ලද්දේ බ්‍රිතාන්‍ය උතුරු ඇමරිකා පනත (1867) මගිනි. ඒ කැනඩා සහසන්ධීය රාජ්‍යයයි (Canadian Confederation). වර්තමානයේ කැනේඩියානු ව්‍යවස්ථාවේ කොටසක් වන බැවින් මෙම පනත එරටේදී හඳුන්වනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත (1867) ලෙසය. මීට පෙර පැවති කැනඩා පළාත දෙකඩ කොට ඔන්ටාරියෝ සහ ක්විබෙක් නම් පළාත් දෙකක් නිර්මාණය කර, ඊට නිව් බ්‍රන්ස්වික් සහ නොවා ස්කොෂියා පළාත් දෙකද එක් කර, පළාත් හතරකින් යුතු සහසන්ධීය රාජ්‍යය පිහිටවන ලද්දේ 1867 ජූලි 1 වනදාය. එහෙයින් කැනඩාවේ ජාතික දිනය හෙවත් ”කැනඩා දිනය” සමරනු ලබන්නේ ජූලි 1 වනදාය. 1867 දී කැනඩාවේ පළමු අගමැතිවරයා ලෙස තේරී පත් වූයේ ජෝන් ඒ. මැක්ඩොනල්ඩ් ය.
මින් පසු 1901 වසරේ පිහිටුවන ලද ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයටද ඩොමීනියන් තත්ත්වය ලැබිණ. 1907 පැවැත්වූ යටත් විජිත සමුළුවේදී කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඩොමීනියන් ලෙස හඳුන්වා දෙන ලද අතර, ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිත වූ නවසීලන්තය සහ නිව් ෆවුන්ඩ්ලන්තයද ඩොමීනියන් තත්ත්වයට උසස් කරන ලදී. (ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිතවලට ඒවායේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල තිබුනද ආණ්ඩුක්රමය සහ කිරීටය සමඟ යටත් විජිතයේ තිබුණු සම්බන්ධය පිළිබඳ නීති සැකසීමට අයිතියක් නොවීය. උදාහරණයක් ලෙස ගතහොත් ඩොමීනියන් රාජ්‍යයකට 1972 ශ්‍රී ලංකාව සිදුකළ පරිදි කිරීටය සමඟ වූ සම්බන්ධතා බිඳ දැමිය හැකි වුවද ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිතවලට ඒ අයිතිය නොවීය).
මින් ටික කලකට පසු 1910 දී දකුණු අප්‍රිකාව බිහි වූ අවස්ථාවේ, එරටට ඩොමීනියන් තත්ත්වය දෙන ලදී. 1922 අයිරිෂ් නිදහස් රාජ්‍යයටද එම තත්ත්වය ලබා දෙන ලදී. 1937 දී කිරීටය සමඟ සම්බන්ධතා බිඳ දමා ජනරජයක් බවට පත් වූ පළමු ඩොමීනියන් රාජ්‍යය බවට එය පත් විය.
1926 බැල්ෆෝර් ප්රකාශනය මඟින් ඩොමීනියන් රාජ්‍යයක් යනු කවරක්දැයි අර්ථ දක්වන ලදී. ඒ අනුව ඩොමීනියන් රාජ්‍යයන් යනු ”බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල එකිනෙකා හා සමාන තත්ත්වයෙන් යුතු, අභ්‍යන්තර හෝ බාහිර හෝ කිසිදු කරුණකදී ඔවුන්ගෙන් එකකට වඩා පහත් නොවන, එනමුත් කිරීටය සමඟ වන සම්බන්ධතාවයෙන් බැඳී සිටින, ස්ව කැමැත්තෙන් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වන සමූහයන්ය.”
1931 දෙසැම්බර් 11 වනදා ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ සම්මත වූ වෙස්ට්මිනිස්ටර් ආඥාපනත (1931) ඩොමීනියන් රාජ්‍යයන්ට ඉතා වැදගත් විය. එම පනතට අනුව, ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට ඩොමීනියන්වලට බලපාන ලෙස නීති සැකසීමට එතෙක් තිබූ බලය අහෝසි කෙරිණ. මින් ඉදිරියට එසේ නීතියක් සකසන්නට ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට ඉඩ ලැබුණේ අදාළ ඩොමීනියන් රාජ්‍යය විසින්ම ඉල්ලීමක් කළහොත් පමණි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු බොහෝ රටවල් නිදහස ලබා ගනිද්දී ඩොමීනියන් තත්ත්වය ලබා දෙන ලදී. යටත්විජිතවාදය අවනතියට පත් පැවති මේ යුගයේ එසේ නිදහස ලද රටවල් ඩොමීනියන් ලෙස නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හඳුන්වා දෙන ලදී. මේ රටවල රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජිනයි. කිරීටයේ නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරයෙක් කටයුතු කළේය. එමෙන්ම රටේ උපරිමාධිකරණ බලය වූයේ ප්‍රිවි කවුන්සිලයටය.
කෙසේ නමුත් ඇතැම් යටත් විජිත (උදාහරණයක් ලෙස බුරුමය) නිදහස ලබද්දී කෙලින්ම ජනරජ බවට පත් වීමට කැමැත්ත පල කළහ. ඩොමීනියන් බවට පත් වූ බොහෝ රටවල්ද නිදහසින් පසු වසර කිහිපයක් තුළ ජනරජ බවට පත් වූහ. ජනගහනයෙන් බහුතරය ඉංග්‍රීසි කතා කරන සුදු ජාතිකයන් වන ඩොමීනියන් සහ ඇතැම් කුඩා ඩොමීනියන් තවමත් ඒ තත්ත්වය පවත්වාගෙන යනු දක්නට ලැබේ. මුලින්ම බිහිවූ කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයද මේ අතර වෙති. නිව්ෆවුන්ඩ්ලන්තයද වර්තමානයේ කැනඩාවේ කොටසකි