ඩොලරයේ අගය තවත් ඉහළට⬆️

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මොකා ආණ්ඩු කරත් සිංහලු එහෙම සාමුහික ප්‍රයත්න දෙන්නේ නෑ දිගු කාලිනව. කෙටි කාලින ආතල් නම් දෙනවා.
    අඩු ගානේ ඇමතිලා පඩි + දීමනා ගන්නේ නැතිව වාහන ගන්නේ නැතිව වැඩ කලානම් මිනිස්සු මීට වඩා ඉවසනවා.
    අන්තිමට රනිල්ට වැඩිපුර උපදේශකයෝයි අධ්‍යක්ෂක set එකකුයි දාගෙන පෙරහැරවල් පෙන්නන්ඩත් ඕනේ වුනානේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,636
    113
    එකමත් එක රටක
    අඩු ගානේ ඇමතිලා පඩි + දීමනා ගන්නේ නැතිව වාහන ගන්නේ නැතිව වැඩ කලානම් මිනිස්සු මීට වඩා ඉවසනවා.
    අන්තිමට රනිල්ට වැඩිපුර උපදේශකයෝයි අධ්‍යක්ෂක set එකකුයි දාගෙන පෙරහැරවල් පෙන්නන්ඩත් ඕනේ වුනානේ
    එහෙම ඇමතිලා පඩි ගත්තේ නෑ කියල අමුතු ගානක් ඉතුරු වෙන්නේ නෑ බන්.
    එහෙනම් අර මම කියපු කෙටි කාලින සිංහලු චූන් වීම වෙන්ව . එච්චරයි.. ආයිත් සිංහලු ටික තමන්ගේ සාමාන්‍ය විදියට වැඩ කරනවා..

    ගෝටා ආව ගමන් සිංහලුන්ට පොඩි චුන් එකක් ගියේ..
    දින 100 ආණ්ඩුව කාලෙත් පොඩි චුන එකක් ආවේ
    රනිල් අයින් වෙලා වෙන එකෙක් ආවත් ඒ චූන් එක ආයිත් පොඩි කාලෙකට එනව.

    එහෙම පඩි ගන්නේ නැතුව, ආදර්ශමත් චරිත වෙලා එකෙන් මිනිස්සු වෙනස් වෙලා රට වෙනස් වෙයි වගේ නම් හිතන්න එපා. :rofl:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    view
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,686
    113
    රනිල්ට ඇස් වහ වැදුන බන්. ඇස් වහ මුට්ටියක් වත් මතුරල දෙන්න වෙයි මයෙ හිතේ. එතුම වැඩ පෙන්නනකොට මේකේ එවුන් විනාඩියෙන් විනාඩිය ත්‍රෙඩ් දානව, විලාප තියනව.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    මේ වැඩේ නිසා මිනිස්සු බහුතරයක් මහ බැංකුව ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒක එච්චර හොද දෙයක් නෙමෙයි රටට.
    ඕක ගැන නෙවේ දැන් මේ රටේ රජය සහ ආයතන කිසිම දෙයක් විස්වාශ කරන්න බෑ. මොකක් කරන්න ද කියලා තෙරේන්නෙ නෑ දැන් නම්😑😑
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක ගැන නෙවේ දැන් මේ රටේ රජය සහ ආයතන කිසිම දෙයක් විස්වාශ කරන්න බෑ. මොකක් කරන්න ද කියලා තෙරේන්නෙ නෑ දැන් නම්😑😑
    හැමෝම පටු දේශපාලුවන්ට ඕනි විදියට නටනකොට රටට ගොඩ ඒමක් නෑ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේ වැඩේ නිසා මිනිස්සු බහුතරයක් මහ බැංකුව ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒක එච්චර හොද දෙයක් නෙමෙයි රටට.
    ඒක වෙලා ඉවරයි.. මහ බෑන්කු ලොක්කාට මෙච්චර කල් මොකුත් නොකිව්වා එවුනුත් බනිනවා පලු යන්න. ඈත්ත කතාව කිව්වොත් මිනිස්සු හිතන්නේ මහ බෑන්කුවෙන් වන්චාවක් කරලා උන්ව රවට්ටලා උන් එකතු කරගත්ත සල්ලි ටික හොරා කෑවා කියලා.. ඒක හරි.. මායාවක් පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි ගත්තේ.. ඕකෙන් වෙන්නේ සෑහෙන්න කාලෙකට ආයේ සල්ලි එකතු කරගන්න වෙන්නේ නෑති එක
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒක වෙලා ඉවරයි.. මහ බෑන්කු ලොක්කාට මෙච්චර කල් මොකුත් නොකිව්වා එවුනුත් බනිනවා පලු යන්න. ඈත්ත කතාව කිව්වොත් මිනිස්සු හිතන්නේ මහ බෑන්කුවෙන් වන්චාවක් කරලා උන්ව රවට්ටලා උන් එකතු කරගත්ත සල්ලි ටික හොරා කෑවා කියලා.. ඒක හරි.. මායාවක් පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි ගත්තේ.. ඕකෙන් වෙන්නේ සෑහෙන්න කාලෙකට ආයේ සල්ලි එකතු කරගන්න වෙන්නේ නෑති එක
    ආයෙ ඉතින් මහ බැංකුව රට ගැන මොකක් කිව්වත් මිනිස්සු ගනන් ගන්න එකක් නෑ. ඒකෙන් වෙන්නෙ තවත් රට වලටම යන එක. කොහොමත් ආයෙ ගොඩ ඒමක් පේන මානෙක නෑ.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ආයෙ ඉතින් මහ බැංකුව රට ගැන මොකක් කිව්වත් මිනිස්සු ගනන් ගන්න එකක් නෑ. ඒකෙන් වෙන්නෙ තවත් රට වලටම යන එක. කොහොමත් ආයෙ ගොඩ ඒමක් පේන මානෙක නෑ.
    75 වසරක සාපය නිමාකරමු ;)
     
    • Like
    Reactions: iworld

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,462
    25,731
    113
    ඩොලර් එක අඩුවුනා කියලා හෑලි ලිව්ව අඩුකුලේ නූගත් වේස බයියනි මීක් කියපියව් ඇවිල්ලා 🤣🤣🤣🤣
    එක්සත් රාජධාණියට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ ඉහළින්. පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ UK වලට ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස්ලා 5,93000 ක් ඇවිත් තිබෙනවා. නයිජීරියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය තමයි ඉහළින්ම ඉන්නේ. ඒ රටවල ජනගහණයට සාපේක්ෂව ඒක සාමාන්‍යයක්.

    Uksisa blog අඩවියට අනුව එකී කාලපරිච්ඡේදය තුළ පමණක් ලංකාවෙන් 8900 ක් පමණ ඇවිත් තිබෙනවා. එය ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රමාණයක්.

    ඒ වගේම වසරක හෝ දෙකක පශ්චාත් උපාධියක් හැදැරීමට මෙලෙස පැමිණි අය අතරින් වැඩිම ඩිපෙන්ඩස්ලා (උපාධි අපේක්ෂකයා සමග එන්නන්) ප්‍රමාණයක් UK වෙත රැගෙනවිත් ඇති රටවල් පහ අතරට ශ්‍රී ලංකාව අයත්. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව නයිජීරියාව, ඉදියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් එහි සිටිනවා.

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සුදුසුකමක් සපුරා ගැනීමේ එකම අරමුණෙන් මේ අවස්ථාවේ විදෙස් රටකට යනවා යැයි හිතන්න අමාරුයි. රටේ පවතින අර්බුදයෙන් බේරී සිටීමට හෝ ඉන් ගොඩ ඒමට ඇති ඕනකම එහි ඇති බව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අවස්ථානුකූලව Survive වෙන්න කරන දෙයක්.(The continuation of life or existence) ඒ නිසයි ටිකක් වැඩි වයසට පත්ව සිටියත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට දරු පවුල සමගම රටකට යන්නේ. මෙතෙක් කල් උපයා ගත් දේ වගේම, දෙමාපියන් සතු දේත් කැපකරමින් මේ ගමන එනවා.

    මා දන්නා පරිදි ලංකාවේ පෞද්ගලික බැංකු ඇතුළු ඇතැම් පුද්ගලික ආයතන පවා සිය මාණ්ඩලික නිලධාරීන් විශාල ප්‍රමාණයකට විදෙස් රටකට ගොස් ඉගෙන එන්න අවස්ථාව ලබා දුන්නා. ඒ පවතින ආර්ථික අර්බුදයෙන් තම ආයතනවල නඩත්තු වියදම් අඩුකර අර්බුදයෙන් ගැළවීමේ උපක්‍රමයක් හැටියටයි.

    මේ සිදුවන්නේ බුද්ධි ගලනයක්ද කියලා හරියටම කියන්නත් බැහැ. පෞද්ගලිකව තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ පශ්චාත් උපාධියක් හදාරන්න එන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ගත් අයත් නීතිය වැනි මූලික උපාධිය ඇති අයත් එවැනි පාඨමාලා හැදෑරීමට ඒමෙන් මේක තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් උපාධිය සම්පූර්ණ කරගත්තත් එකී ක්ෂේත්‍රයෙන් UK වැනි රටක රැකියාවක් ලබා ගැනීමත් පහසු නැහැ. ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල පිරිස්වලට හිමිවන අවස්ථා ඒවාට හිමිවන්නේ අඩුවෙන්. ඒ නිසා Under Skill යටතට වැටෙන රැකියාවල නිරත වීමට බොහෝ දෙනෙකුට සිදුවනවා.

    මෙලෙස ලංකාවේ සිදුවන විදෙස්ගතවීම්වලින් බුද්ධි ගලනයක් කෙසේවෙතත් විදෙස් විනිමය ගලනයක් නම් සිදුවෙනවා. පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය වන විට 8900 ක් ඇවිත් තිබුණත් 2023 ජනවාරි සහ පෙබරවාරි Intake එක සමග ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් UK වෙත පැමිණ ඇති බව අනුමාන කරන්න පුළුවන්.

    සරල උදාහරණයකට IMF එකෙන් ලංකාවට හිමිවෙන්න යන ණය මුදල ඩොලර් බිලියන 2.9 ක්. ඩොලරය රුපියල් 300 ක් ලෙස සෑකුවොත් එය රුපියල් කෝටි 8700 ක්. පෙරකී පරිදි ලංකාවෙන් සිසුන් 8900 ක් සිය දරු පවුල් සමග UK වෙත පැමිණ තිබේ නම් එක් අයෙකු අඩුම රුපියල් කෝටියක වියදමක් දරා ඇත්නම් එහි වටිනාකම රුපියල් කෝටි 8900 ක්. මේ කාලය තුළ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆින්ලන්තය වැනි රටවලටත් ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් ගොස් සිටිනවා.

    මෙතරම් ආර්ථික අර්බුදයක් පවතිද්දී මේ අන්දමින් රටට අහිමිව ඇත්තේ විශාල ධනස්කන්ධයක්. මෙලෙස එන අය පසුව හම්බු කරන එකත් රටට එවීමට වඩා වැය කරන්නේ මේ රටවල දිවි ගැටගහ ගැනීමටයි.

    ලංකාවේ සිදුවිය යුතුව තිබුණේ මෙය නොවේ. වැඩ ලෝකයට අවශ්‍ය ගුණාත්මක උපාධි පාඨමාලා සඳහා අවස්ථා වැඩිකර දී ඉන් බිහිකරන්නන් ස්කිල් වීසා යටතේ රටවලට පිටත් කර හැරීමයි. විදෙස් රටවලට ඇදී යන මේ මුදල්වලින්ම මේ සඳහා විශ්ව විද්‍යාල ඇරඹීමේ හැකියාවක් තිබෙනවා. එය රාජ්‍යයද පෞද්ගලිකද යන්න වෙනම විසඳාගත යුත්තක්.

    බොහො සංවර්ධිත රටවල හෙද, මිඩ් වයිෆ්, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සූපවේදය වැනි ක්ෂේත්‍රවලත් ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. වෛද්‍ය ඉංජිනේරු වැනි පාඨමාලා වෙනුවෙන් වැය වන මුදලට වඩා අඩුවෙන් එවැනි උපාධි ලබා දීමේ හැකියාවක්ද ලංකාවේ තිබෙනවා.

    ප්‍රශ්නය නම් මේ අර්බුදකාරී අවස්ථාවේ පවා දේශපාලකයන් මේ ප්‍රශ්න නොතේරුම් ගැනීමයි. ජවිපෙ, පෙරටුගාමී වැනි පක්ෂ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැනි කරුණු සම්බන්ධයෙන් දැඩ් පිළිවෙතක සිටියද රටෙන් පිටවෙමින් තිබෙන විශාල විදෙස් විනිමය ගැන මේ වෙලාවේ නොඇසූ කන්ව සිටින බව පෙනෙනවා.

    විදෙස් රටවල් තමන්ට අවශ්‍ය ශ්‍රම බලකාය වෙනුවෙන් ස්වදේශිකයන්ට ඉගැන්වූවද විදෙස් සිසුන්ට ඉගැන්වීම යනු ඔවුන්ට බිස්නස් එකක් පමණයි. රට වැටෙන විට විදෙස් සිසුන් ගෙන්වා ගෙන එකී රටවල් ගොඩයද්දි අපේ රටේ අපි වැටිලා ඉද්දි තියෙන විදෙස් විනිමය ටිකත් පිටට දීමක් මේ කරන්නේ.

    අපේ රටේ ඉතා අඩු වියදමකින් ලෝකෙටම වටින උගතුන් බිහිකර විදෙස්ගත කළ හැකිව තිබියදී මේ සිදුවන දෙය අඛණ්ඩව සිදුවන්නේ නම් අනාගතය තවත් අර්බුදකාරීවීම නොඅනුමානයි.

    |මහින්ද රුබසිංහ
     
    • Like
    Reactions: Tyrion Lannister