ඩොලරය රුපියල් 1,000ට එහා යන තත්වයක් ගැන මහ බැංකු අධිපති කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    me ponnyage kathawa balapllako

    ‘ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසුවේය.

    මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ ‘අර්බුදයන් තුළ නීතියේ කාර්යභාරය’ මැයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදීය.

    අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මන්ත්‍රණය පැවැත්විණි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

    ‘ආර්ථික අර්බුදයට හේතු වූයේ ආර්ථික ක්‍රියාකාරකම් හෝ තීරණ පමණක් නොවේ. එය දශක කිහිපයක් තිස්සේ ඇදී එන කාරණයක්. විශාල අය වැය පරතරයක් පවත්වාගෙන යෑම වගේම පරතරය පියැවීමට ණය ලබාගැනීම ආදියද ඊට ප්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැකියි.

    රජය ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රජයේ ණය ස්වෛරීත්ව ණය ආදිය නොසිතූ ලෙස ඉහළ යනු ලැබුවා. විදේශ ප්‍රේෂණ පහළ යෑමත් මෙරට ආර්ථික අර්බුදය පටන් ගැනීමට හේතුවක් වුණා. ඒ අතරම මෙරට රජය කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මූලිකව සිදුකරන්නේ මෙරට ජනතාව ඉල්ලන ඉල්ලා සිටින දේ ලබාදීමයි.

    ඔබ ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ මූල්‍ය ප්‍රතිපත්තියයි. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නොවේ.

    ජනතාව සහන ඉල්ලා සිටීමයි. මේ නිසා තමයි මම කියන්නේ ජනතාව හැටියට ඔබ තේරුම් ගත යුතුයි මොනවාද ඔබ ඉල්ලන්නේ කියා. ඔබ ඉල්ලා සිටින දෙය ඔවුන් ලබාදෙන විට එය ආර්ථික අර්බුදයට මඟ පාදනවා. එවිට කවදාවත් ඔබට හොඳක් නම් සිදුවන්නේ නැහැ. ඒ වගේම රටටත්.

    ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පාවීමට ඉඩදෙනු ලැබුවේ දිනෙන් දිනට ආනයන බර වැඩිවීමත් මුදල් සොයා ගැනීමට විකල්පයක් නොමැති වීමත් යන කරුණු මතයි. එහිදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 203 වෙනකල් අඩු කරන්න මහ බැංකුවට අවස්ථාව ලැබුණා.

    ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා.

    සෑම වසරකම ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් අපි ණය වාරික විධියට ණය හිමියන්ට ගෙවිය යුතු වෙනවා.

    2020 වසරේදී බිලියන 6ක ණය වාරික ශ්‍රී ලංකාව ගෙවනු ලැබුවා. 2021 වසරේදී තවත් බිලියන 6ක ප්‍රමාණයක් වාරික ලෙස ගෙවනු ලැබුවා.

    ණය ගෙවීමත් සමඟ අපේ සම්පත් සම්පූර්ණයෙන්ම හිඟ වුණා. ඒවා පියැවීම සඳහා අපි කෙටි කාලීන ණය ලබා ගනු ලැබුවා. එයින් සිදුවුණේ අපේ සම්පත් බින්දුවට සිඳුණු එකයි. අපි පසුගිය කාලයේ සිටියේ එවැනි තත්ත්වයකයි.

    මෙරට ඇතැමුන් වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පසුගිය කාලයේ ගිලගනු ලැබුවා. පැහැදිලිවම එය ඔට්ටු තැබීමක්. රුපියල 203ට ස්ථාවර වී තිබියදී සමහරුන් අඩු මුදලට ඩොලර් ලබාගෙන ඩොලර් සඟවාගෙන සිටියා. කාපට් යට, මෙට්ට යට සමහරු ඩොලර් සඟවාගෙන සිටියා.

    ඩොලර් සම්බන්ධයෙන් කළු කඩ වෙළෙඳපොළක් මෙරට නිර්මාණය වූයේ ඒ හරහායි. සමහරුන් සිතුවේ එය තමයි වෙළෙඳපොළ පරිවර්තනය කියා. ඒ සියල්ල අපි දන්නවා. මෙරට ඇති සැබෑ යථාර්ථය එයයි.

    පසුගිය මැයි මාසය වෙන්කොට රුපියල 203 සිට 380 වෙනකම් ඉහළ ගියා. සමහරු බලාපොරොත්තු වුණා විනිමය අනුපාතිකය තවත් ඉහළට යයි කියා. නමුත් මහ බැංකුව වෙළෙඳපොළ අවබෝධ කරගෙන ක්‍රියාත්මක වූ නිසා එය පාලනය කිරීමට අපට හැකිවුණා.

    ඊළඟ මාස කිහිපය තුළ විනිමය අනුපාතික කොයි වගේද කියලා ඉදිරියේදී විනිමය අනුපාතික තීරණය වන්නේ ඉල්ලුම සැපයුම මතයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ජනතාව සහන ඉල්ලා සිටීමයි. මේ නිසා තමයි මම කියන්නේ ජනතාව හැටියට ඔබ තේරුම් ගත යුතුයි මොනවාද ඔබ ඉල්ලන්නේ කියා. ඔබ ඉල්ලා සිටින දෙය ඔවුන් ලබාදෙන විට එය ආර්ථික අර්බුදයට මඟ පාදනවා. එවිට කවදාවත් ඔබට හොඳක් නම් සිදුවන්නේ නැහැ. ඒ වගේම රටටත්.
    හරි නන්දේ කියන දේ
    හිගන සිංහලුන්ට සහන දීලා තමයි කෙලවිලා ඉන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,797
    28,984
    113
    රජය කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මූලිකව සිදුකරන්නේ මෙරට ජනතාව ඉල්ලන ඉල්ලා සිටින දේ ලබාදීමයි.

    ඔබ ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ මූල්‍ය ප්‍රතිපත්තියයි. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නොවේ.

    ජනතාව සහන ඉල්ලා සිටීමයි. මේ නිසා තමයි මම කියන්නේ ජනතාව හැටියට ඔබ තේරුම් ගත යුතුයි මොනවාද ඔබ ඉල්ලන්නේ කියා. ඔබ ඉල්ලා සිටින දෙය ඔවුන් ලබාදෙන විට එය ආර්ථික අර්බුදයට මඟ පාදනවා. එවිට කවදාවත් ඔබට හොඳක් නම් සිදුවන්නේ නැහැ. ඒ වගේම රටටත්.
    100% true. 😍
     
    • Like
    Reactions: Hapuwa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    * ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත්

    ඉතින් අනුරයියා කියන්නෙත් ඕකමයි.... හරිනේ ආයෙ දැන් වෙන්නේ ඒකනම් අමුතුවෙන්.... ජෙප්ලට දෙන්න ඔනේ නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ඉස්සරහට වෙන්න තියන දෙයක් පෙන්නේ නැ
    "ඔය කිව්වට හරියයි "
    "එහෙම වෙන්නේ නැ පිස්සුද "
    ඔන්න ඔය දෙක දාල සිත සනසගන්නවා. අනේ පව් ඉතින් මෝඩ යක්කු. මේ එළකිරි එකේම කියක් ඉන්නවද බලපන්
    මේකේ එහෙම නම් ලංකා සමාජේ සමස්තයක් බලපන් ඔහොමම තමා
    ඕක තමා කියන්නේ ජස්ට් මයිග්රේට් කියල
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    හැන්කිය බලන් හිටියේ ගුපියෝ විල්බැරෝ එකේ සල්ලි අරන් ගිහින් බඩු ගන්න කම්නේ.දැන් ඌට පුකෙන් යන්න වෙන්නේ.හාමු ඇවිල්ල ගුපියන්ට සාක්කුවේ දාගෙන යන්නවත් සල්ලි නැති කළා. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    කෝ අර ඩොලර් එක අඩු වෙනවා රනිල් වැඩ්ඩා ගගා පැයෙන් පැයට ත්‍රෙඩ් දාගෙන සිංහ නාද කරපු සිංහලු? දැන් ඇයි මීක් නැත්තෙ @Heshan Daminda 🤣🤣
    බුකියේ උනුයි මේකේ උනුයි උදේ හවා මන්තරේ වගේ ජප කරන්න ගත්තනේ ඕක තාවකාලිකයි බැස්සට වඩා ඉකමනට නගිනවය කියලා. ඉතින් නගින එක අහන්නත් දෙයක්ද. ආකර්ෂණ නීතිය තමා. හැමෝම මේක බහිනවම කියල කිව්වා නම් තාම බැහැලාම තමා. කොහෙද ඉතින් සිංහලු එක්ක වැඩක් කරන්න පුලුවනැයි. කකුලෙන් අදින්න බලාගේනනේ ඉන්නේ. :dull:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    බුකියේ උනුයි මේකේ උනුයි උදේ හවා මන්තරේ වගේ ජප කරන්න ගත්තනේ ඕක තාවකාලිකයි බැස්සට වඩා ඉකමනට නගිනවය කියලා. ඉතින් නගින එක අහන්නත් දෙයක්ද. ආකර්ෂණ නීතිය තමා. හැමෝම මේක බහිනවම කියල කිව්වා නම් තාම බැහැලාම තමා. කොහෙද ඉතින් සිංහලු එක්ක වැඩක් කරන්න පුලුවනැයි. කකුලෙන් අදින්න බලාගේනනේ ඉන්නේ. :dull:
    ආකර්ෂණ නීතිය finance walath tiyanawada ponnayo
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,797
    28,984
    113
    ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසුවේය.
    ඉතින් කතාව සම්පූර්ණ ඇත්තනේ. කබ්රාල් කලේ debt restructering, IMF EFF, dollar inflow මුකුත් නැතිව රුපියල පාකරලා දැම්ම අවුරුදු 1.5 ක් reserve පුච්චලා 200ට අල්ලන් ඉඳලා. එකනේ එක පාරක් 400ත් පන්නල රුපියල වැටුනේ .
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,777
    87,203
    113
    ආශ්චර්යමත් රටක

    සක්කිලි වෘතිය සමිති සතුටු කිරිමෙන් වලකින්න ඕනේ.... ඒ වගේම ඒ වෘතිය සමිති මෙහෙයවන බල්ලන්වත් මඩු වලිගෙන් තලන්න ඕනේ...​

    ඒ ඔක්කොමත් කරලා මහබැංකුවෙන් හොරාකල රටේ ණය බර වැඩි කරපු පුස් ඇට පොන්නයව ජනාධිපති කරන්න ඕන. 😂 😂 😂 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බුකියේ උනුයි මේකේ උනුයි උදේ හවා මන්තරේ වගේ ජප කරන්න ගත්තනේ ඕක තාවකාලිකයි බැස්සට වඩා ඉකමනට නගිනවය කියලා. ඉතින් නගින එක අහන්නත් දෙයක්ද. ආකර්ෂණ නීතිය තමා. හැමෝම මේක බහිනවම කියල කිව්වා නම් තාම බැහැලාම තමා. කොහෙද ඉතින් සිංහලු එක්ක වැඩක් කරන්න පුලුවනැයි. කකුලෙන් අදින්න බලාගේනනේ ඉන්නේ. :dull:

    හේතු පල න්‍යාය දන්නේ නැති උනාම ඔහොම දේවාල/ විශ්ව ශක්ති පස්සේ යන එක සාමාන්යයි

    වෙන දේ මොකද්ද කියලා ස්ටඩි කරපන් 🙂