ඩොලරය රුපියල් 168ත් පැනලා

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඩොලරය රුපියල් 168ත් පැනලා

    ඩොලරය 165 පනී


    හර්ෂණ තුෂාර සිල්වා

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 165 ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත්් කරන විනිමය අනුපාතික අනුව අද (17) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 165.14ක් ලෙසත් ගැනුම් මිල 161.81 ලෙසත් සටහන්ව තිබිණි.

    ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව එය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප‍්‍රමාණය වී තිබේ.

    බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 166ඉක්මවා තිබිණි.

    රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල කොමර්ෂල් බැංකුවේ 166.90ක් ලෙසත් මහජන බැංකුවේ 166.71ක් ලෙසත් ලංකා බැංකුවේ 166.55ක් ලෙසත් සම්පත් බැංකුවේ 166.30ක් ලෙසත් සටහන්ව තිබිණි. එන්.ඞී.බී. සහ එන්.එස්.බී බැංකුවල රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල පිළිවෙළින් 165.50ක් ලෙසත් 165.21ක් ලෙසත් සටහන්ව තිබිණි.

    රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිලඑච්.එස්.බී.සී. බැංකුවේ 168.25ක් ලෙස සටහන්ව තිබිණි.

    දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැුස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ලංකදීප’යට ඉකුත් දා පැවැසීය.

    Rec
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිලඑච්.එස්.බී.සී. බැංකුවේ 168.25ක් ලෙස සටහන්ව තිබිණි.
    hammo eka nam
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාව් වාව් වාව් ආර්තික ඔස්තාර් වද පොන්න රනිලගෙ කෙරුවාව මරුනෙ පට්ට. ..ඔහොම තමයි කරන්ඩ ඔනෙ, පොන්නයෙක් අගමැතිකරල නිවටයෙක්ව ජනාධිපතිකරගෙන වෙනස හොයන්ඩ ගිය මීහරක්ට.. :yes::yes: