අල්ලන් ඉන්න එක හොදයි කියන්න බෑ.. මුන් අල්ලන් ඉන්න ක්‍රමේ තමා වැරදි.. මේක ගැන සම්පූර්න විස්තරයක් කලොත් තමා තේරෙන්නෙ. නැත්නම් මැදින් කිව්වට තේරෙන්නෙ නෑ.. කොහොම හරි මුන් මේ අල්ලන් ඉන්නෙ ලෝන් වල පිහිටෙන්. අතෑරියොත් අනාත වෙලා කෙල වෙලා යනවා.. කොටින්ම කිව්වොත් දැන් ලංකාවෙ ආර්තිකෙ කෙලම වෙලා තියෙන්නෙ. මේ ලෝන් දෙක තුනක් අරගෙන මේක අල්ලන් ඉන්නෙ. හැබැයි අමතක කරන්න හොද නෑ ලෝන් වලට ගෙවන්න ඩොලර් ඕන කියලා. කොච්චර සල්ලි අච්චු ගැහුවත් වැඩක් නෑ මොකද ඩොලර් එන්නම ඕන. සල්ලි අච්චු ගහන්නෙ හිඟය පියවගන්න. අය වැය හිඟය පියව ගන්න. අයවැය හිගයක් එන්න හේතුව තමා කරන්න බැරි පොරොන්දු දෙන එක. සහනාදාර දෙන එක. බදු සහන දෙන එක. අන්න ඒ හිගය පියවගන්න තමා සල්ලි අච්චු ගහන්නෙ.
මේ විදියට තව ඉස්සරහට ගියොත් රටක් දුවන්න බැරි වෙනවා. ඊට පස්සෙ චීනෙන් ගත්ත ණය වලට හරියන්න උන්ට ඒවා දෙන්න වෙනවා. ඊට පස්සෙ ඒවගෙ පරිපාලනය උන්ට ඕන විදියට කරන්න ගන්නවා. ඒක වෙනම කතාවක්
ඩොලර් එක ගැන කියනවා නම් තව, ඩොලර් අර්බුදය නිසා විදේශ ණය ගෙවීමට වත්කම් නැති උනොත් සමස්ථ බැංකු පද්දතියමත් මහ බැංකිවත් කඩා වැටෙන්න පුළුවන්. දැනට මහ බැංකුවෙ තියෙන්නෙ ඩොලර් මිලියන 50 වගෙ පොඩි ගානක්. ඒකෙන් අත්‍යාවශ්‍ය ආහාර බෙහෙත් වගේ තෙල් ගෑස් ගේන්න මදි. ණය ගෙවන්නම මීට වඩා සිය දහස් ගුණයක් ඕන. ඔන්න ඔය නිසා තමා මුන් මේ ඩොලර් එකතු කරන්නෙ එක එක නීති දාලා. හැබැයි රජය මේක ගැන තවමත් කිසිම නිවැරදි වැඩ පිලිවෙලක් කරන්නෙ නෑ.. මේ විදියට තව මාස තුනක් ගියොත් අනිවාර්‍යෙන්ම අපිට බස් වල නැතුව පයින් යන්න වෙයි.. දුප්පත් කම බඩගින්න විරැකියාව උඩට ඒවි.ස්මහර විට අපිට හෙම්බිරිස්සවකින් උනත් ජීවිතේ අහිමි වෙන්න පුළුවන් වෙන ගානට වැටෙයි බෙහෙත් නැතුව සල්ලි නැතුව.
පිටරට මිනිස්සු සල්ලි එව්වොත් හරි නේ ? - ඔව් යම්තාක් දුරට සල්ලි එව්වොත් හරි.. ඒත් ආන්ඩුවෙන් ගෙවන්නෙ උපරිම 213 ( අදට ) නමුත් කළු කඩ වලින් 230 වගේ ගනන් වලට මරු කරනවා. එතකොට වැඩි පුර මිනිස්සු පෙලබෙන්නෙ 230 ගානෙ මාරු කරන්න. ඕවත් ප්‍රශ්න අන්න ඒක නිසා තමා ඊලඟ ස්ටෙප් එක විදියට කබ්‍රාල් කලු කඩ් ටිකට කෙලින්න හදන්නෙ.
ඩොලර් තියෙන්නෙ කා ගාව ද - එක්පෝටර් ලා ගාව ඩොලර් තියෙනවා. ඒක නිසා කබ්‍රාල් උන්ට කෙලින්න රූල් එකක් ගෙනාවා එක්ස්පෝටර් ලා මාසයක් ඇතුලත ඩොලර් මාරු කරන්න ඕන සෙන්ට්‍රල් බෑන්ක් එකට සහ වටිනාකමට රුපී දෙනවා කියලා. ගැටලුව තියෙන්නෙ මාසයක් ඇතුලත කියන එක. එක්ස්පෝටර් ලට ඩොලර් අත්‍යාවශ්‍යයි. අමු ද්‍රව්‍ය ගෙන්න ගන්න. එතනින් ප්‍රශ්නෙ විසදෙන්නෙත් නෑ.. දැන් ගහන්න තියෙන පොයින්ට්ස් ඔක්කොටම ගහලා තියෙන්නෙ..
අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.
සුපිරි පැහැදිලි කිරීම. වැඩේ තියෙන්නේ බහුතරක් දෙනාට මේක තේරෙන්නෙ නෑ.
දැන් නම් තේරුනත් ඇති වැඩක් නෑ..
එහෙමම කියන්න බෑ..ගොඩාක් දුරට unp/sjb අයගේ ප්‍රතිපත්තිවල ඩොලර් එක පාවෙන්න අරිනවා.ඒක නිසා තමයි 120 ඉන්දලා 180ට ආවේ ඒ දවස්වල...මම දේශපාලනික අතින් නෙමෙයි ආර්ථික අතින් මේක පැහැදිලි කරන්නේ.ඔයා unp/sjb අයට අකමැති වෙන්න පුලුවන්..අනික එයලා කොහොමත imf යන්න එච්චර ලත වෙන්නේ නෑ,තව lrt,mcc වගේ ප්‍රොජෙක්ට් පටන් ගන්නකොට බිල්ලෝ මවන්නේ නෑ.ගොඩක් වෙලාවට ආර්ථික ෆ්‍රී ෆ්ලෝටින් වෙන්න අරිනවා sjb/unp ආන්ඩුවක දී.මේක මම කියන්නේ 2000 පස්සේ මෙයාලා කරපු ආන්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති එක්ක..මේකට දෙන්න තියෙන එකම උත්තරය ප්‍රඩක්ශන් වැඩි කරන එක විතරයි රටේ.ඒක කවුරුවත් කරන්න උත්සහ කරන්නෙ නෑ.
එහෙම කරන්නත් දැන් පරක්කු වැඩියි. තේ පොල් රබර් ආපහු උස්සන්න සැහෙන්න වියදම් කරලා මාස 10-12ක් වත් බලා ඉන්න වෙයි.
ගාර්මන්ට් වගේ දේවල් වලට බදු ගෙන්න ඩොලර් දෙන්න වෙයි. අලුත් බිස්නස් ආවත් ඒවා profit කරන්න කෙසේ වෙතත් setup + කොමර්ෂල් පටන් ගන්න එකටත් අවුරුදු 1-2ක් යනවා.
එතකොට කෑමට, බීමට, තෙල් වලට දෙන්නත් ඕනා
මොනා කරන්න හදනවද කියලා හිතාගන්න බෑ.
------
Post added on Dec 2, 2021 at 3:55 PM