ඩොලර් කුක්කො...😁😁

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    131503567_400098968091045_2285975365518093680_o.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

    කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

    ‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය.

    මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.

    කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.

    උදයජීව ඒකනායක
    – aruna
     
    • Like
    Reactions: Sen-lu and caltonhp

    Sen-lu

    Well-known member
  • කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

    කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

    ‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය.

    මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.

    කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.

    උදයජීව ඒකනායක
    – aruna
    ඔය පැණි නාඩගම නම් තනිකර propaganda එකක්. ටෙස්ට් කරන්න කිව්වම බොරුව ඇද ඇද ඉන්නව. ඔන්න බලපන් ඇදල ඇදල අන්තිමට කියන්නෙ නැත්ද කියල ප්‍රතිශක්තිය වැඩෙන පානයක් විදිහට ගත්තට කමක් නෑ වගේ කතාවක්.

    බිව්වම ආයේ හැදෙන්නේ නෑ. බොන උන්ට නිට්ටාවටම හොඳ වෙනවා කියල දැන් ගඟුලන පැණි සේල්ස් රෙප්ල එතකොට, "ඒකනෙ ප්‍රතිශක්තිය වැඩි වෙනව අගුණයක් නෑනෙ" වගේ හිත නිවෙනකතා කියාගෙන එයි එතකොට.
     
    • Like
    Reactions: caltonhp and dilann