ඩොලර් බිලියන 5ක් ගේන සුපිරි වැඩක්

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” යටතේ ශ්‍රී ලංකාවට පළමු ඇමරිකානු ඩොලර් බිලියනය රැගෙන ඒමේ වගකීම තමන්ම භාරගන්නා බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

    ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවක් වන “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” ( Golden Paradise Programme ) යනු විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ දිගුකාලීන නේවාසික වීසා ලබාදීමට අදාළ වැඩසටහනකි

    මෙම වැඩසටහන ඔස්සේ නේවාසිකභාවය ලබාගැනීමට අපේක්ෂා කරන විදේශිකයකු මුලින්ම මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් එහි තැන්පත් කළ යුතු වේ. එයින් වසරකට පසු අදාළ පුද්ගලයාට එම මුදලින් ඇමරිකානු ඩොලර් 50,000ක් දක්වා මුදලක් ආපසු ගතහැකි අතර දෙවැනි වසරේ සිට ඉදිරියට ඔහු හෝ ඇය මෙරට රැඳී සිටින සම්පූර්ණ කාලය තුළ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් එම ගිණුමෙහි පවත්වාගෙන යා යුතු බවයි ධම්මික පෙරේරා මහතා සිය වැඩසටහනෙන් යෝජනා කර ඇත්තේ.

    එමෙන්ම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,000 ට වැඩි, වයස අවුරුදු 60 ඉක්මවූ විදේශිකයින් සඳහා වසර 10ක වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද ඒ මහතා සිය වැඩසටහන මගින් යෝජනා කර තිබේ.

    මෙම වැඩසටහන පිළිබඳ යෝජනාව ධම්මික පෙරේරා මහතා විසින් පසුගිය මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඊට සිය අනුමැතිය ලබාදෙමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට නියම කර තිබුණේ මෙය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සතියක් තුළ සම්පාදනය කරන ලෙසයි.

    ඒ අනුව සතියක් තුළ ඊට අදාළ මූලික කටයුතු සම්පාදනය කෙරුණු අතර ඊළඟ සතියේදී ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ද සකස් කර, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ද ලබාගන්නා ලදී.

    මෙම වැඩසටහනේ මූලික අනුමැතීන් ලැබුණු වේගයෙන් ම මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ද තමන් සකස් කරන බවයි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අප වෙත සඳහන් කළේ.

    දැනට මෙසේ විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ දිගුකාලීන නේවාසික වීසා ලබාදීමේ වැඩසටහනක් වේගවත්ව ක්‍රියාවට නැංවීමට නොහැකි බාධාව වී ඇත්තේ මෙරට ආගමන – විගමන නිලධාරීන් ගෙනයන නිලධාරීවාදී පිළිවෙතයි. වුවමනාවෙන්ම විදේශිකයින් අනවශ්‍ය ලෙස රස්තියාදු කරමින් මීට දීර්ඝ කාලයක් ගතවෙන ලෙස ඔවුහු සිය ක්‍රියා පටිපාටිය කරගෙන යනු දක්නට ලැබේ. (Red tapism) මෙය අපේ රටේ රාජ්‍ය අංශය තුළ බොහෝ තැන්වල දැකිය හැකි ඉතාම පසුගාමී, හානිකර තත්වයකි.

    මීට විසඳුමක් වශයෙන් මෙහි අනුමැතිය ලබාගැනීමේ කටයුතු සියල්ලම පාහේ අන්තර්ජාලය ඔස්සේ (Online) විදේශිකයින්ට සිදුකර ගතහැකි පරිද්දෙන් සැලසුම් කළ යුතු බවයි ධම්මික පෙරේරා මහතා පවසන්නේ. එහිදී පළමු අනුමැතිය (Approval in principal) මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව හිමිවනු ඇති අතර සෙසු සියලුම වැඩකටයුතු අනවශ්‍ය නිලධාරීවාදී මැදිහත්වීම් වලින් තොරව අන්තර්ජාලය හරහාම ඉටුකර ගැනීමට ස්වර්ණමය පාරාදීසය වැඩසටහනේ වීසා අපේක්ෂකයින්ට හැකියාව ලැබෙනු ඇත.

    එමෙන්ම මෙවැනි වැඩසටහනක් ක්‍රියාවට නැඟීමේදී විදේශිකයින් මීට ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රචාරණ කටයුතු ද තමන් විසින්ම සිදුකරන බව පැවසූ ධම්මික පෙරේරා මහතා තම යෝජනාව පරිදිම මේ ඔස්සේ ශ්‍රී ලංකාවට පළමු ඇමරිකානු ඩොලර් බිලියනය රැස්කරදීමේ අභියෝගය ද තමන්ම භාරගන්නා බවයි අප වෙත පැවසුවේ.

    මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට අපේක්ෂිත විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහකි
    Who the fuck wants to get longterm visa to this shit? 😅😂🤣
    Is Dhammika nuts or are we fools ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උන් මොකටද ඔච්චර ඉරාගෙන වීසා ගන්න එන්නේ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    රාජපක්ෂ කුක්කා..දෙරණ තමා ඕකව පුම්බන්නේ

    සීරාවටම මුන්ගේ ආදයම් ඩබල් තිරිබල් කරලා අහින්සක මිනිස්සුන්ට එලාගෙන කෙලින් ආර්තිකයක් හදාන තියේන්නේ මේන්න මුන්. මුන්ට මේක මාර ෆන් එකක්. ඔය අස්සේ රාජපක්ශලා මුන් ගෙනුත් ගානක් කෙල ගෙන පාඩුවේ ඉන්නවා.​

     
    • Sad
    Reactions: Sandy_Fdo