ඩොලර් මිලියන 10කට වඩා ඉපයූ YouTubeහි AI චැනල් 16ක් වසා දමයි!

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    Youtube Eka Asa Na wage e wadeta :( :yes:

    632542473_1380579697443070_8222857415372540400_n.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com

    COLOMBO (News 1st) - කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් Content නිපදවා දැවැන්ත ආදායමක් උපයමින් තිබූ ප්‍රධාන පෙළේ YouTube නාලිකා 16ක් වසා දැමීමට Google සමාගමට අයත් YouTube ආයතනය පියවර ගෙන තිබේ.

    අදාළ නාලිකා මගින් YouTube ආයතනයේ "අනිසි භාවිතය සහ ස්පෑම්" (SPAM) සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වසා දැමීමට හේතුව කුමක්ද?

    YouTube ආයතනය පෙන්වා දෙන්නේ අදාළ නාලිකා මගින් "AI Slop" හෙවත් කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නොමැති, ස්වයංක්‍රීයව (Automated) නිපදවන ලද, එකම දේ නැවත නැවත ඉදිරිපත් කරන වීඩියෝ දහස් ගණනින් පළ කර ඇති බවයි.
    මෙහිදී වැඩි වශයෙන්,
    - පරිශීලකයින් නොමග යවන සුළු මාතෘකා සහ පින්තූර (Clickbait) භාවිතය.
    - අඩු ගුණාත්මක මට්ටමේ AI හඬවල් සහ රූප රාමු පමණක් යොදාගෙන වීඩියෝ නිෂ්පාදනය කිරීම.
    - නියම නිර්මාණකරුවන්ගේ අවස්ථා අහුරමින් පද්ධතිය (Algorithm) අනිසි ලෙස හැසිරවීම.

    එම YouTube නාලිකා ලැබූ ආදායම සහ බලපෑම

    වාර්තාවලට අනුව, වසා දමන ලද මෙම YouTube නාලිකා 16 සතු කරුණු මෙසේය.
    - මුළු ග්‍රාහකයින් (Subscribers): මිලියන 35කට වඩා වැඩි
    - මුළු නැරඹුම් වාර (Total Views): බිලියන 4.7කට වඩා වැඩි
    - වාර්ෂික ඇස්තමේන්තුගත ආදායම: ඇ. ඩොලර් මිලියන 10කට ආසන්නයි (ශ්‍රී ලංකා රු. බිලියන 3කට වඩා වැඩි).
    වසා දමන ලද නාලිකා අතර මිලියන 5කට වඩා ග්‍රාහකයින් සිටි Cuentos Facinantes සහ Imperio de Jesus වැනි ප්‍රබල නාලිකා ද ඇතුලත් වන බව සඳහන් වේ.

    මේ පිළිබඳව YouTube ප්‍රධාන විධායක නිලධාරියාගේ (CEO) ගේ ප්‍රකාශය:

    YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මෝහන් (Neal Mohan) මීට පෙර සඳහන් කර තිබුණේ, AI තාක්ෂණය නිර්මාණකරුවන්ට සහායක් ලෙස භාවිතා කිරීම ගැටලුවක් නොවන නමුත්, මිනිස් ශ්‍රමයකින් තොරව හුදෙක් මුදල් ඉපයීමේ අරමුණින් පමණක් පද්ධතියට මුදාහරින "SPAM" අන්තර්ගතයන් ඉදිරියේදී තවදුරටත් දැඩි පාලනයකට ලක් කරන බවයි.
    මෙම පියවර මගින් සැබෑ නිර්මාණකරුවන්ට (Human Creators) සාධාරණ අවස්ථාවක් ලබා දීම YouTube හි අරමුණ වී තිබේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,992
    5,672
    113
    Youtube Eka Asa Na wage e wadeta :( :yes:

    632542473_1380579697443070_8222857415372540400_n.jpg
    AI අවුලක් නෙමෙයි low effort content ඒකයි. ඕව සමහර ඒවා ෆිල්ම්ස් වලට හදපු බොරු ටේලර්ස්.. නැත්තං නිකංම ජෙනරේට් කරගත්ත මෙලෝ රහක් නැති ක්ලිප්ස්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මෙහෙම සීන් එකකුත් තියෙනවා සමහරක් චැනල්ස් තියෙනවා ඉන්දියාවට පහර දෙන එව්වා චීනෙන් රන් කරන
    එව්වටත් එක්ක තමා මුන් ගේම දෙන්නෙ
    සී ඊ ඕ ඉන්දියන් එකෙක් නෙහ්

    ඕකුන් රිංගුවොත් ඉවරයි .
     
    • Love
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,971
    15,442
    113
    35
    Spain
    මේක නම් හොඳ දෙයක්, මෙලෝ රහක් නැති ප්‍රස්තූතයට අදාළ නැති ක්ලික් බේට් දාලා මිනිස්සු රවට්ටන චැනල් වීඩියෝ තියෙනවා, සමහර චැනලවල වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ සත්‍ය පුවතක් විදියට. එත් ඒවා අලි බොරු කියල කමෙන්ට් කියවනකම් දන්නෙත් නැහැ.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    හොඳයි බන්. කොච්චරද කියන්නේ මන් DIY ප්‍රොජෙක්ට් විඩියෝ බලනව (පරන කාර්, ටෙක් අරව මේවා restore karana video ehema). ලඟදි ඉඳන් DIY වලටත් AI වලින් හදපු හුප්තවල් සජෙස්ට් වෙනවා. සිරාවට අප්පිරියයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    අදාළ නාලිකා මගින් YouTube ආයතනයේ "අනිසි භාවිතය සහ ස්පෑම්" (SPAM) සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වසා දැමීමට හේතුව කුමක්ද?

    "AI Slop" හෙවත් කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නොමැති, ස්වයංක්‍රීයව (Automated) නිපදවන ලද, එකම දේ නැවත නැවත ඉදිරිපත් කරන වීඩියෝ දහස් ගණනින් පළ කර ඇති බවයි.
    මුන්ගේ NEWS එක තමයි නොමග යවන පචේ .

    චැනෙල් AI SLOP උනාට බෑන් කරන්නේ නැහැ ,

    Firefly වගේ models ඇරෙන්නේ අනිත් ඒවා commercially safe නැහැ , එහෙම ඒවාට google එකට monetize කරන්න බැහැ.
    අන්තිමේදී කොහෙවත් යන නඩු උන්ට වැටෙන්නේ .

    අඩු තරමේ VEO එකේ වත් එන output commercially safe කතා google එකෙන් කියන්නේ නැහැ .

    ඒ නිසා ගූග්ලේ එකෙන් reports & නොර්මල් අනිත් ඒවාට එන violations වලට delete කරන්නේ මුන් වගේ මීඩියා කාරයෝ වෙන බයිලා ගහනවා .

    google එකෙන් කොහෙද මෙහෙම කියන්නේ ? :lol:
    ""AI Slop" හෙවත් කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නොමැති, ස්වයංක්‍රීයව (Automated) නිපදවන ලද, එකම දේ නැවත නැවත ඉදිරිපත් කරන වීඩියෝ දහස් ගණනින් පළ කර ඇති බවයි."



    AI නෙමේ හේතුව බෑන් කරන්න , උන් allow නොකරන content තියෙන එක .
    දැන් ඔහොම උන් allow නොකරන content AI වලින් ලේසියෙන් low cost හදලා දාන්න ස්පෑම් කරන්න පුළුවන් . ඉස්සර cost එක වැඩි .
     
    • Like
    Reactions: Cypress