ඩොලර් වලට පිං නැති මර්වියා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඩොලර් වලට පිං නැති මර්වියා

මර්වින් සිල්වා දැන් දවස් ගානක සිට හදිසියේම අමාත්‍යංශයට ගොස් හැමෝටම පේන පරිදි සිය කාර්යාලට අස්පස් කරගෙන යයි,නමුත් දින දෙකකට පසු ඇමති ගෝලයන් එම අස් කරපු බඩු හොරෙන් ආපහු ඇමති කාර්යාලට ‍රැගෙන එයි. මේක ෆේස් බුක් සහ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීමත් වෙයි.සියලු අමත්‍යංශ සේවකයන්ට මෙය ප්‍රහෙලිකාවකි.නමුත් දැන් රහස හෙලිවී ඇත.
ඇමති කෙනෙක් ආන්ඩුවෙන් පනින බව සැලවුන විගස මුදල් මිටි පුරවාගත්ත BMW කාරයක් කොලඹින් එම ඇමතිගේ නිවස කරා වහා පිටත්වේ.ඔහුට බර ගානක් ඇතෙක් බරට දී ඔහුව නවත්වාගැනීමට පිරිසක් පැමිනේ.මර්වින් සිල්වාව විපක්ෂයට ගන්නේ නැත.නමුත් ඔහුට මේ කාර් එක ගෙන්වා ගැනීමට උත්සහ කරමිනි සිටී.මර්වින් පනිනවා කීවාට ඔහුව විපක්ෂයට නොගන්නා බව දන්න නිසා මේ වාහනය මර්වින් කරා යවන්නේ නෑතිය.
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    00000.jpg

    IO SIRESENA 6.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තමන් දැන් ඉන්නේ බොහෝම කලකිරීමෙන් බවත් කොරහක් ඇතුළේ බවත් ඇමැති මර්වින් සිල්වා කියයි.

    ඔහු මෙසේ පැවසුවේ දොමේපෙ ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

    ‘මගේ ගනුදෙනු නෑ. මම දුෂණ කරලා නෑ. යමක් ලැබුණා නම් ඒ මගේ මහන්සියෙන්. මට මන්ත‍්‍රීකමට වඩා හොදයි තමුන්නාන්සේලා සමග එකතු වෙලා වැඩකරන්න. තනතුරු අවශ්‍ය නෑ වැඩකරන්න.

    කැලණියේ මටත් නොතේරෙන පිරිස් ඉන්නවා ගගෙන් දිය බී මුහුදට ආවඩන අය, අපි කටින්, ඇසින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් පවට බර වුණොත් අපායෙම තමයි.අපි කවදා හරි දවසක ජීවිතයේ නැවතීම ඇති කරන්න ඕනෑ.

    මට පුළුවන් ශක්තියෙන් තමුන්නාන්සේලා වෙනුවෙන් වැඩ කරනවා. කාමර 25 බැගින් තිබෙන තරුපහේ හෝටලයක් මං හැදුවා. යාපනය, කතරගම, මහියංගණය, මුලතිව්, පොළොන්නරුව, අනුරාධපුරය තව හදනවා.

    අවංකවම තමන් විසින් පාලනය වෙනවානම් පොලීසි ඕනෑ නෑ. අවංකවම කියනවානම් මම බොහොම කලකිරීමෙන් තමයි තනතුර දරන්නේ’ යයිද ඇමතිවරයා එහිදී කීය.
     

    power

    Member
    Mar 17, 2007
    39
    3
    0
    50
    ජනපති බිය කර වරප්‍රසාද ගන්නා ඇමතිවරු ......

    ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් තමන් ආණ්ඩුවෙන් ඉවත්වී පොදු අපේක්ෂකයාට එක්වන බවට ඇතැම් මාධ්‍ය හරහා පලකරවා ගනිමින් ජනාධිපතිවරයා බිය ගන්වා විවිධ වරප්‍රසාද ලබා ගැනීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක නිරතව සිටින බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
    ආණ්ඩුවේ අවස්ථාවාදී මැති ඇමතිවරු පිරිසක් මෙය ජාවාරමක් කරගෙන තිබෙන බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් හෙළිදරව් කරගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
    තමන් යනවා කියා ඔවුන්ට හිතවත් මාධ්‍ය වලට වෙනකෙකු ලවා තොරතුරු දී පසුව රාජපක්ෂවරුන් කලබල වූ විට, නොගිහින් සිටීමට කියා ගාණක් කඩා ගැනීම හෝ වාහනයක් ලබා ගැනීම හෝ විවිධ වරප්‍රසාද ලබා ගැනීම මෙම ඇතැම් මැති ඇමතිවරු කටයුතු කර ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
    :D:D:D