ඩොලර් වෙනුවට චීනයේ යෙන් මුදල් ඒකකය ලංකාව භාවිතා කරන්න තීරනයක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මංගලගේ මඩ ෆැක්ටරි එක. මේවා ඔක්කොම වෙනවා නම් මිනිස්සු දේවාල, කපුවෝ, කේන්දර කාරයෝ පස්සේ යන එක නවත්වලා, මුගේ ඔෆිස් එකට පූජා වට්ටි අරන් යයි
     

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    චීනා පවිච්ච්චි කරන්නේ රෙන්මිබි කියල මුදල් ඒකකයක්.අහලවත් නෑ.ඒකෙන් එකක් රුපියල් 30ක් වෙනවා.ලංකාවේ රෙන්මිබි නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    Chinata salli thiyenawa.

    uta ona salli tikak pennala trade route eke ratawal tika allaganna.

    loweth salli walata mala peretha set ekak thamai dan inne.

    sorry thamai 🤣

    1602263758661.png
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලංකාව ඉන්දියාවේ කොටසක් වෙනවට වඩා චීනේ කොටසක් වෙන එක හොදයි.
    ඊලග ලෝක බලවතා චීනේ වෙනකොට ලංකාව දැවැනි ලෝක බලවතා වෙනවා. :lol:
    ඒ මොකද චීනේ අගනුවර ලංකාව වෙන නිසා :lol:
    අම්මෝ ඔහොම ආතල් දෙන්නෙපා යකෝ අසරණ බයියන්ට...දරාගන්න අමාරුයි :lol:
    ලොකු ස
    ------ Post added on Feb 8, 2021 at 4:14 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    චීනං සරණං ගච්ඡාමී - 'චිලෝන්' හෙවත් 'චී ලංකාවේ' චීනාට නැවෙන කොරෝනා නීති..!
    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ ලියුම් කරුවෙක් ලියයි

    China-Delegation-SL-Visit-2020-Oct-09.jpg



    (ලංකා ඊ නිව්ස් -2020.ඔක්.09, ප.ව.1.00) චීන විශේෂ දූත පිරිසක් අද(09) දිවයිනට එනව ලු. ඔවුන් නිරෝධායන නීති අනුව කටයුතු කරනවද? කියලා පාර්ලිමේන්තුවේදී ඇහුවම සෞඛ්‍ය ඇමති තුමිය කියන්නේ "එයාලා එහෙන් පී.සී.ආර්. එකක් කරගෙන එනවා, මෙහෙනුත් එයාර්පෝට් එකේදි පී.සී.ආර්. ටෙස්ට් එකක් අපිත් කරනවා. එයා එහේ ලොකු කෙනෙක්, මන් හිතන්නේ කොමියුනිස්ට් පක්ෂෙ දෙවෙනියා වගේ, ඔයාලා දන්නවනේ චීනේ කොමියුනිස්ට් පක්ෂෙ හැටි, එයාලා වැඩ කරන ක්‍රමේ".

    එයාලගේ කොමියුනිස්ට් පක්ෂේ, තනතුරු, වැඩ කරන ක්‍රමේ ලොකු විය යුත්තේ චීනයට ය. මේක චීන කොලනියක් නෙවෙයි නම්, එයා මෙහෙට ලොකු වෙන්න ඕනෑ නැතිය. මෙහේ නීති වලට අනුව එන්න සහ ඉන්න ඕනෑ ය. විදෙස් රටවල් සමග සතුරු ලෙස ගනුදෙනු නොකළ යුතු වගේම, කොන්ද බිඳගෙන වැඩ කළ යුතු ද නැත. නමුත් දැන් එයාලා කරන දේට විරුද්ධව මීක් කියන්නට අපේ ආණ්ඩුවට බැරිය. මොකද දැන් ආණ්ඩුව චීනං සරණං ගච්ඡාමී වෙලා නිසා ය. චීන නව යටත් විජිතකරණ උපාය මාර්ගික ණය උගුලේ ආණ්ඩුව හිර වෙලා නිසා ය.

    චීන 'ක්‍රමය'..
    චීන දූත පිරිසක් මේ වෙලාවේ කඩාගෙන බිඳගෙන ලංකාවට පැමිණීමත්, එහි නායකත්වය හිටපු විදේශ ඇමති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරක දරණ අයෙක් දැරීමත් විශේෂයකි. ඒ කොරෝනා වසංගතයෙන් පසු චීන දූත පිරිසක් දකුණු ආසියානු රටකට එන පළමු වතාව වීම නිසා පමනක්ම නොව, මේ පැමිනෙන මොහොත වෙද්දී, ඇමරිකාවෙදි ඉන්දියන් සාගරය සහ චීන බලපැම ගැන ලෝකයේ ප්‍රධාන රටවල් 4 ක විදෙස් ඇමතිවරුන්ගේ සැසියක් පැවතීමත් නිසාය. එනිසා චීනය මේ කරන්නේ, 'ලංකාව අපේ' කියන සංඥාව ඇමරිකාවට ලබා දීමත්, අපිට 'ඉල්ලන් කන්නට' සැලැස්වීමත්ය.

    චීන 'ක්‍රමය' කියන්නෙත් අපූරු එකක්. එහේ කොමියුනිස්ට් පක්ෂෙ ප්‍රමෝෂන් අනුව ඇමැති කමකට වඩා පක්ෂෙ තනතුර ඉහලයි. විනිසුරුවරයෙක්ට වැඩිය පොලිස් නිලධාරියෙක් ධූරාවලිය අනුව ඉහලයි. ඉතින් පොලිස් නිලධාරියෙක් අධිකරණයේ කියන එක වාදයකින් තොරව විනිසුරුවරයා පිළිගත යුතුයි. ඒක තමයි ඔය කියන චීන 'ක්‍රමය'. ඒ අනුව හිටපු විදේශ ඇමැති වුනාට ඔය එන "යෑන් ජිඒචි" කියන්නෙ චීන ආණ්ඩුවේ ලොකුම පොරක්. චීන කොමියුනිස්ට් පක්ෂයෙ ඉහලම මණ්ඩලය වෙච්චි දේශපාලන මණ්ඩලයෙ සාමාජිකයෙක්. මධ්‍යම කාරක සභාවෙ විදේශ ප්‍රතිපත්ති කොමිසමේ අධ්‍යක්ෂක. ඒක තමයි චීන ප්‍රතිපත්ති සැලසුම් කරන ඉහළම ආයතනය. අපිට ආරංචි විදිහට නම් මේ කණ්ඩායම එන්නේ ඇමරිකන් ඩොලර් වලින් නැතිව චීන යුආන් වලින් විදේශ මුදල් ගණුදෙනු කරන්නැයි ලංකාවට බල කරන්නයි. චීනය සහ චීන අතකොළු රාජ්‍යයන් සමග යුආන් වලින් ගණු දෙනු කරන්න කියල මේ කොරෝනා ආර්ථික අර්බුදය අස්සෙ බල කිරීම තමයි චීන්නු කරන්නෙ. වැඩේට රාජපක්ෂ අයිය මලෝ එකඟ කර ගන්න ඉතින් සල්ලි මිටියකුත් අත තියාවි.


    චීන්නු ලංකාවේ කරන වැඩ ගැන මයිල් ඉස්මයිල් වෙන තොරතුරු ටිකක්..
    ලංකාවෙ ඉන්න සාමාන්‍ය අය නොදන්නවා වුනාට කොහොමත් දැන් ලංකාව කියන්නෙ නිල නොවන චීන කොළනියක්. අපි තහවුරු කර ගත්ත තොරතුරු ටිකක් කීවොත් මයිල් ඉස්මයිල් වේවි. දැනටමත් ලංකාවෙ කොළඹ දිස්ත්‍රික්කයට වඩා ඉඩම් ප්‍රමාණයක් චීන්නුන්ට අයිතියි. සම්පූර්ණ හම්බන්තොට වරායත් කොළඹ වරායෙන් තුනෙන් දෙකක්මත් අයිති චීනයටයි. ඒ වරායවල් වලින් අපේ රට ඇතුලට චීන්නු මොන මොනවා ගේනවා ද කියලා දන්නේ උඩ ඉන්න දෙවියොම විතරයි. චීන්නු ලක්ෂ 3 ක් පමණ ලංකාවෙ ඉන්නවා. ඒ අය අතර සන්නද්ධ පුහුණුව ලත් චීන ආරක්ෂක භටයන් 500 ක පමණ පිරිසක් සිවිල් චීනුන් වගේ ලංකාවේ ඉන්නවා. ඒ අය අත ගිනි අවිත් තියෙනවා. ඒ අය අපේ ආණ්ඩුවලට කියල තියෙන්නෙ ඔවුන් ඉන්නෙ ඒගොල්ලන්ගෙ මෙහේ ඉන්න චීන ජාතිකයන්ගෙ ආරක්ෂාවට කියලයි. කොහොමටත් කොළඹ වරාය නගරයේ චීනයට අයිති කොටසේ චීන පොලිසියක් පවත්වාගෙන යන්න දැනටමත් ලංකාව ඒ ගිවිසුමේම කොටසකින් එකඟ වෙලයි තියෙන්නෙ. ඒ චීන පොලිසිය අපේ පොලිස්පතිවරයාගේ යටතේ තියෙන පොලිස් කොට්ඨාශයක් විදිහටයි පවත්වාගෙන යනවා කියන්නෙ. නමුත් ඒ කොට්ඨාශෙට කොපමණ පිරිසක් අයිති වෙනවද කියලා කොහෙවත් සඳ‍‍හනක් නෑ. ලංකාවේ මුළු පොලිසියටම ඉන්නේ ලක්ෂයකට අඩු පිරිසක්. චීනයේ ඉන්න ජනගහනයේ හැටියට ඒ හදන චීන පොලිස් කොට්ඨාශයට ලක්ෂ 2 ක් පමණ චීන්නු ආවොත් ලංකාවෙ පොලිසියට වෙන්නෙ කුද ගහ ගන්න තමයි.


    ඒ විතරක් නොවෙයි. ලංකාවෙ තියෙන සියළුම දේශපාලන පක්ෂ වලට චීනය සල්ලි දෙනවා. ලංකාවෙ ඔය පළමුවැනි දෙවැනි තුන්වැනි හතරවැනි පස්වැනි බලවේග කිය කියා පක්ෂ අටවාගෙන ඉන්නෙ නිකමට නොවෙයි. කාලයක් තිස්සෙම ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ මාසික වියදම දරන්නෙ චීනය බව ප්‍රසිද්ධ රහසක්. දේශපාලන පක්ෂ වලට විතරක් නොවෙයි දැන් දැන් ඔවුන් මාධ්‍ය ආයතන වලටත් සල්ලි දෙනවා. පහුගිය අවුරුද්දට විතරක් මාධ්‍යකාරයො සහ කලාකාරයෝ කියන ලංකාවෙ 2000 ක පමණ පිරිසක් චීනයේ විවිධ වැඩ මුළු උත්සව ආදියට සහභාගී වෙන්න කියලා චීනයට ගෙන්වාගෙන හොඳට කන්න බොන්න දීලා අතටත් ගානක් දීලා චීන තියරිය ඔලුවට දාලා ලංකාවට එවලා තියෙනවා. ඉතින් ලංකාවෙ කිසිම දේශපාලන පක්ෂයක් වත් මාධ්‍ය ආයතනයක් මාධ්‍ය කාරයෙක්වත් චීනයට විරුද්ධ වෙන්නෙ නෑ. මතකයිනෙ වරාය නගරයට මුලින් විරුද්ධ වෙච්චි සිරස පස්සෙ ගඩොලක් අරගෙන ලංකාව පුරාම ගිහින් වැඩේට සුදු හුණු ගාපු හැටි. ඒ නිකම් නොවෙයි. වැඩේට චීනය හොඳට ගෙව්ව නිසා.

    චීන්නු ලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතියටත් බැහැලා ඉන්නෙ. සෑම විශ්ව විද්‍යාලයකම වගේ කුමක් හෝ චීන ව්‍යාපෘතියක් රන් වෙනවා. ඒවාට අවශ්‍ය මුදල් සම්පත් ශිෂ්‍යත්ව ආදී සියල්ල චීන්නු දීලා තියෙනවා. අපේ ආචාර්ය මහාචාර්ය කට්ටියත් බාගෙන තියෙන්නෙ. ඔවුනුත් චීනයට විරුද්ධව මීක් කියන්නෙ නැත්තෙ ඒකයි.

    දැන් මේ චීන්නු ලංකාවෙ පන්සල් වලටත් බැහැලා. ඒ අය චීන හාමුදුරුවරුම නොවෙයි. සිවුරු දාගත්ත චීන බුද්ධි අංශ කට්ටිය. ගලගොඩඅත්තෙ ඥානසාර හාමුදුරුවන්ගෙ පන්සලේ එවැනි දෙන්නෙක් ඉන්නවා. රතන හාමුදුරුවන්ගෙ මධ්‍යස්ථානෙ එවැනි අය හතර දෙනෙක් ඉන්නවා. අස්ගිරිය මහ විහාරයේ එවැනි චීන්නු දහයක් විතර ඉන්නවා. යාන්තම් මේ දක්වා ගැලවිලා ඉන්නෙ මල්වත්තෙ පන්සල විතරයි. හෙට අනිද්දා වෙද්දි කොහොම වෙයිද කියන්න බෑ. ඔය පන්සල් වල ඉන්න හාමුදුරුවරු මූලික වෙලා අතෝරක් නැති 'ජාතික සංවිධාන' යැයි කියාගත් සංවිධාන වලට සල්ලි දෙන්නෙත් තියරි දෙන්නෙත් මේ සිවුරු දාගත්ත චීන බුද්ධි අංශ අයම තමයි. ඒ නිසා තමයි මේ තරම් 'ජාතික සංවිධාන' තොගයක් ලංකාවෙ තියෙන්නෙ. උදාහරණ එකක් කියන්නම්. ඔයගොල්ලො දන්නවද 'ලංකාව බුදුන් උපන් දේශයයි' කියලා ගෙනියන කැම්පේන් එක. ඒක තනිකරම දිගු කාලීන චීන ව්‍යාපෘතියක්. ලංකාවෙ මිනිස්සු ඉන්දියාවත් එක්ක තියෙන බිඳින්න බැරි බැඳීම තමයි බුදු හාමුදුරුවො ඉන්දියාවෙ උපන්න එක. ඒකට වැඩේ දීලා ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන බැඳීම කැඩීම තමයි චීන්නුන්ගෙ දිගු කාලීන ව්‍යාපෘතිය. ඒකට තමයි 'ලංකාව බුදුන් උපන් දේශයයි' කියලා අමු තක්කඩි බොරුවක් සමාජ ගත කරන්නෙ. ඒකට වියදම් කරන්නෙත් චීන්නුම තමයි.


    අද ලංකාවෙ කිසි කෙනෙක් චීනයට විරුද්ධ නොවෙන්නෙ ඉහත කී කාරණා නිසයි. ලංකා ඊ නිව්ස් විතරයි ලංකාවෙ සිද්ධ වෙන චීන කොළනිකරණයට විරුද්ධව කෙළින් ඉඳලා ලියන්නෙ හඬ නගන්නෙ.


    චීන්නුන්ට ඇප්ලයි කරන ක්‍රමය අපේ විදෙස් ශ්‍රමිකයන්ට කරන්න බැරි ඇයි?
    ඉතින් දේශපාලනය නොවෙයි මේ වෙලාවේ මට නම් තියෙන ගැටළුව, ලංකාවට අද එන චීන ඩෙලිගේෂන් එකට ඇප්ලයි කරන ක්‍රමය ලංකාවට බලාගෙන එන්න ඉන්න විදෙස්ගත ලාංකීය ජනතාවට ඇප්ලයි කරන්න බැරි ඇයි? යන්නයි. චීනා එහෙන් පී.සී.ආර්. එකක් කරලා, මෙහෙදි එකක් කරලා දෙකම නෙගටිව් කියලා, රටේ ජනපති, ඇගමැති හමුවෙන්න යන්න තරම් ෂුවර් නම්, ඒ අවස්ථාව මැදපෙරදිග ඉන්න අපේ අයට දෙන්න බැරි ඇයි? තවත් ෂුවර් නැත්නම් සතියක් වගේ කාලයක් නිරෝධායනය කරලා, තව පී.සී.ආර්. එකක් අරන් ඉතුරු කාලය ස්වයං නිරෝධායනයට යවන්නට බැරි ඇයි? එතකොට රජයේ නිරෝධායන මධ‍්‍යස්ථාන වල තදබදය අඩු කරගන්නට ද පුළුවන්. එහෙම කළොත් බැරි වෙන්නේ, ඔය අසරණ වෙලා ලංකාවට එන ජනතාවගේ අන්තිම සතේ දක්වා සූරා කන දිලිත් ජයවීරලා සහ ඒ හරහා තවත් දේශපාලකයන්ගේ සාක්කුවට යන මුදල වැඩි කරගන්න එක පමණයි.

    දැන් මෙහෙම කීවා කියලා ගෝලයො රොත්ත යොදවලා "මඩ නිවුස්, බොරු නිවුස්" කිය කියා කමෙන්ට් කරන්නට එන්නට එපා. සිද්ධ වෙන්නෙ ඒකට වැය කරන ඩේටා ටික අපරාදේ වෙන එක පමනයි. (මඩ ගැහුවා කියා අප වැටෙන්නේද නැත ). දැන ගන්න ඕන නම්, ලෝකයේ විවිධ රටවල් විදේශගතව ඉන්න තමන්ගේ ජනතාව ගෙන්නුවේ කොහොමද කියලා පොඩ්ඩක් සොයා බලන්න. ඒ සඳහා ගුවන් ටිකට් පත් මිල කීයද කියලා සොයලා බලන්න (මැදපෙරදිග ඉඳලා ඉන්දියාවට හා මැදපෙරදිග ඉඳලා ලංකාවට ගාන සසඳන්න ). ඒ ගෙනත් අපේ වගේ සති 2ක් කොරන්ටයින් නොකර පී.සී.ආර්. තුනක ප්‍රථිපල නෙගටිව් නම්, ස්වයං නිරෝධායනයට යොමු කරන රටවල් ඕන තරම් තියෙනවා. කලින් කී ලෙසම එහෙම කළොත් වෙන්නේ ගෝලයො රොත්තට හම්බ කරගන්න සහ ලාභ ගොඩ වැඩි කරගන්නට නොහැකි වීම පමණයි. පාඩු ලබන එයාර් ලයින් එකේ පාඩුව කවර් කරගන්න, මෙහෙම අවස්ථාවල් වෙන රටවල් යොදා ගත්තේ නෑ. උදාහරනයක් විදියට වෙනත් ගුවන් සේවාවකට ලංකාවට එන්න නොදී, අපේ කියන ගුවන් සමාගම වෙනදා වෙනත් ගුවන් සේවයක ටිකට් පතක මිල වගේ පස් ගුණයක් පමන ටිකට් පතකට ගන්නවා. (කට්ටිය ගෙනියන්න එන එක එන්නේ හිස්ව වගේ කතා කියන්න එපා, එහෙම නම් ගාස්තුව දෙගුණයක් මිස පස් ගුනයක් වෙන්නේ නෑනේ) තානාපති කාර්යාල වලින් ලබාදෙන ලංකාවට යන්න බලාපොරොත්තු වෙන අය ලියාපදිංචි වෙන ලේඛනයේ ඇත්තේ "ඔබ නිරෝධායනයට ලක්වෙන්න කැමති කුමන හෝටලයේද? ටික් එක දාන්න ඇත්තේ 'මීගමුව ජෙට්වින්ග්' හෝ 'වස්කඩුව සිට්‍රස්' යන හෝටල් දෙක පමණයි. නිරෝධායනය වෙන අයෙක් හෝටලයේ කිසිම පොදු පහසුකමක් (ස්විමින් පූල්, ජිම්) පාවිච්චි නොකළ ද දවසකට කුලිය ආසන්නව රුපියල් 17,000 - 20,000 ක් වන ලෙස අය කරනවා. බොහෝ තැන් වල එහෙම කරලත් දෙන කෑම වෙල පවා හොඳ නැති බව මාධ්‍යට කියන්නේ හමුදාපතිවරයාම වීම විහිළුවක්.

    අපේම මැදපෙරදිග අසරණ උන අයට, කොන්ද කෙලින් කරලා, සිංහ සෙයියාවෙන් ටෝක් දෙන දෙශපාලකයොන්ගෙත්, නිළධාරීනුත්, ඒවා ජස්ටිෆයි කරමින් සමාජමාධ්‍ය වල රචනා ලියන මහින්ද පතිරණ වැනි කසල ශෝධකයොන්ගෙත් ඇත්තටම තියෙන්නේ කොන්ද ගැන ප්‍රශ්නයක්. ඒ කටවල් චීනාට එරෙහිව ඇරෙන්නේ නෑ. ගොඩක් අය කියන්නේ සමාජ මාධ්‍යවල දැන් බයියෙක් සොයාගන්නට පවා නැහැ කියලා. එහෙම නෑ. උන් ඉන්නවා. මේ දවස් වල "කෑම රෙසිපි, ගෙවතු වගා" එහෙම පෝස්ට් විතරක් ශෙයාර් කරමින් ඉන්නේ උන්ය. ඇත්තටම වාචාල කටක් තියෙන පවිත්‍රා ඇමතිතුමිය පවා "එයා එහේ ලොකු කෙනෙක්නේ" කියමින් පාර්ලිමේන්තුවේදි පවා සාරිය තෙමාගෙන චූ යන සයිස් එකටම කන් කඩාගෙන බැගෑපත් ස්වර වලට මාරු වෙන තරමටම චීනාට බය පක්ෂපාත වෙලා ය. ඒ පෙන්වන්නේ අපගේ නිවට කමේ තරමය. නැවෙන්න වෙන තරමය.

    දැන් මේක සිලෝන් නොව "චිලෝන්"ය. ශ්‍රී ලංකාව නොව "චී ලංකාවය".

    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ ලියුම් කරුවෙක් විසිනි
    සඳරැවන්ට පිස්සු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ඩොලර් වෙනුවට යෙන් පාවිච්චි කරන්න බෑ.මොකද හුගක් රටවල් යෙන් ගන්නේ නෑ.යෙන් එකෙන් ගනන් හදන්න අමාරුයි.හැබයි ලංකාවේ රුපියල් අයින් කරලා චීන යෙන් භාවිතා කරන එක හොඳයි.මොක්ද රුපියල දැන් බල්ලටම බැහලා.යෙන් එක හොඳයි.ජාත්‍යන්තරය තුල යෙන් ඩොලර් කරලා ගෙවන්න වෙන්නේ.
    දැන ඉන්දියන් කාරයොත් චිනගේ පුක ලොවනවා නෙද්😂