ඩෝසර් කෙරූ සුඩකුඩා දාගැබට නොදුරින් තවත් පෞරාණික දාගැබ් දෙකක් සොයා ගැනේ
ඩෝසර් කරන ලද සාම්පූර් සුඩකුඩා දාගැබට නුදුරින් එම පොලිස් වසමේ තවත් ස්ථාන දෙකක පිහිටා ඇති පෞරාණික දාගැබ් දෙකක් සොයා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරි ටී.එම්.සී. බණ්ඩාර මහතා ප්රමුඛ ගවේෂණ කණ්ඩායමට හැකිවී තිබේ.
සුඩකුඩා දාගැබ සොයාගනු ලැබුවේ ද මෙම කණ්ඩායම විසිනි. අලුතින් සොයාගනු ලැබූ එක් දාගැබක් කට්ටපරිච්චාන්වලට නුදුරින් පිහිටි ගනේෂපුරම් ප්‍රදේශයේ පිහිටා ඇති අතර අනෙක් දාගැබ ඉලන්කන්තෙයි හෙවත් පැරැන්නන් භාවිතා කළ ඇලකන්ද නමැති ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
මෙම දාගැබ් දෙකද සුඩකුඩා දාගැබ මෙන් අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරන බව ගවේෂකයෝ පැවැසූහ. මෙහි කැණීම් සිදුකරන තුරු එය ඉදිකරන ලද අවධිය නිශ්චිතවම පැහැදිලි කරගත නොහැකි බව කී එම ගවේෂකයෝ කෙසේ වෙතත් ඉලන්කන්තෙයි ප්‍රදේශයේ වැව අසල පිහිටි දාගැබේ දැනට මතුවී ඇති ගඩොල්වල ස්වභාවය අනුව මෙම දාගැබ් අනුරාධපුර මුල් යුගයට අයත් යෑයි අනුමාන කළ හැකි යෑයි පැවසූහ. ගනේෂපුරම් සොයාගත් දාගැබ මානා පඳුරුවලින් වැසී ඇති අතර සාම්පූර් නැගෙනහිරින් පිහිටි ඉලන්කන්තෙයි දාගැබ ගරා වැටී පාදම් ගඩොල් මතුවී ඇත.
සුඩකුඩා දාගැබට අයත් වූ ඉරණම මෙම දාගැබ් දෙකට අත්වීමට ඉඩනොදී ඒවා රැක ගැනීමට වැඩපිළිවෙළක් යෙදිය යුතු යෑයි ගවේෂක කණ්ඩායම කියා සිටිති.
මේ දෙකත් ඩෝසර් කලාම තමයි සුපුරුදු පරිදි බුද්ධ ශාසන ඇමති කෙනෙක් ඉන්නවා කියලා සිහලුන්ට දැන ගන්න ලැබෙන්නේ.
divaina.com