මේක අයවැයක් නෙවෙයි.චීනෙන් ගිනිපොලීවලට ගත්ත ණයක් මාස කීපයකට වැය කිරීමක්.පාලකයෙක්ගේ ආර්ථික න්‍යාය ජනපතිවරණ කාලසීමාව තුල දෙන සහන වලට වඩා පසුගිය නව වසරක කාලය තුල ඔහු රටට දීලා තියෙන සහන දිහා බලලා තීරනය කල යුතුයි.පසු ගිය දස වසර තුල මේ ආන්ඩුව රටට කිසිම සහනයක් දුන්නේ නෑ.අවශ්‍ය ප්‍රමානයට පඩි වැඩි කරලා නැත.බඩු මිල ලයිට් ගෑස් වතුර ජනතාවට දරා ගත නොහැකි ලෙස උඩට ගියා මිසක් සහනයක් නෑ.එහෙනම් මේ මාස හයකට දෙන බොරු බෝනස් සහිත ණය වැය මගින් මේ රට තුල එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් බිහිවෙන එක වලක්වන්න බෑ.රනිල් වික්‍රමසිංහ පරද්දන්න මහින්ද හිතනවනම් ඒක මහින්ද දකින දවල් හීනයක් විතරයි.එක්සත් ජාතික පක්ෂය යුද්ධ දෙකක් තියාගෙන මේ රටේ ජනතාවට සහන දුන්න බඩු මිල අඩු කරලා තියා ගත්ත ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවපු ජනාධිපතිවරු බිහි කරපු සහ බිහි කරන පක්ෂයක්.එක්සත් ජාතික පක්ෂය තරම් රටට ජනතාවට සහන දෙන්න සහ ජනතාවගේ ආර්ථිකය නංවලා රට සල්ලි වලින් පුරවන්න පුලුවන් පක්ෂයක් ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.රනිල්ගේ ආර්ථික ශක්තිය එක්ක මහින්දට හැරෙන්නවත් බෑ.ආර්ථිකමය වශයෙන් එක්සත් ජාතික පක්ෂය සන්ධනායට වඩා සිය ගුනයකින් උඩින්ම ඉන්න ආන්ඩුවක් රටට දුන්න දෙන පක්ෂයක්.අද රටේ ජීවනාලිය එක්සත් ජාතික පක්ෂය මේ රටට දුන්න කර්මාන්ත සහ ආදායම් නිසා තවමත් දුවන්නේ.