ණය අරගෙන සතුටුවන අප

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🙏
    🙏
    🙏
    දානය
    🙏
    🙏
    🙏

    අප හැමෝම දාන දෙන්න බොහෝ කැමැත්තක් දක්වනවා. නමුත් සමහර විට ඔබ නොදන්නා දෙයක් කියන්න උත්සාහ කරන්නේ. සමහර පිංවතුන් මේ ගැන දන්නවා. දානය කොටස් තුනකට බෙදෙනවා.
    1. දාන පති.
    2. දාන සහයක.
    3. දාන දාස.
    🌹
    දාන පති
    යමෙක් තමන් අනුභව කරනවාට වඩා උසස් අන්දමින් දානය සකසා දෙන දානය.
    🌹
    🌹
    දාන සහයක
    යමෙක් තමන් පරිභෝජනය කරන තරමින්ම දානය සකසා දෙන දානය.
    🌹
    🌹
    🌹
    දාන දාස
    යමෙක් තමන් පරිභෝජනය කරනවාට වඩා පහත් මට්ටමින් සකසා දෙන දානය.
    මෙහි වඩාත්ම සුදුසු වන්නේ දාන පති දානයයි.ඇයි එහෙම කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දෙන දානයක් නිසා. ඇයි එහෙම කියන්නේ.
    දානය සමගින් බැඳුණු අනෙක් වචනය තමයි චාග . චාග කියන්නේ අත හැරීම.
    අපට අවශ්‍ය නැති දෙයක් කාට හරි දුන් විටද
    අප භාවිතා කරන දෙයක් කාට හරි දුන් විටද
    අප භාවිතා කරන එකට වඩා වටිනා දෙයක් දුන් විටද.අපට දැනෙන්නේ. වඩා වටිනා දෙයක් දුන් විට නේද. අනෙක් අවස්තා දෙකේදීම අත් හැරීම ගැන එතරම් තැකීමක් නෑ නේද.
    එහෙනම් අතහැරිම ප්‍රගුණ වන්නේ කොතනදැයි ඔබට වැටහෙනවා ඇති.
    ඒ වගේම එම දානය අප පූජා කරන්නේ අපට වඩා ඉතා උසස් අයට.
    සමහර ඇත්තන්ට කියන්න පුළුවන් තියෙන විදියට දාන දුන්නත් පිං ලැබෙනවා කියලා. ඔව් නමුත් දානයෙන් ඉතාමත් වටිනා කොටස තමයි අත්හැරිම( චාග)
    තමන්ට පුලුවන් විදිහට දෙන දානය දාන සහයක කොටසට වැටෙන්නේ.