ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න සියළු ණය හිමියන් එකග වේ.. දැන් තවත් ණය ගත හැකියි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,820
    50,702
    113
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වයෙන් යුතු නිල ණය හිමි කමිටුව විසින් තහවුරු කර ඇත.

    ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුයේ ශ්‍රි ලංකාවේ සියලු ම නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් බවයි.

    ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාරිකය නිදහස් කිරීමට විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලැබෙනු ඇති බවත් ඔහු පවසයි.

    ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.6ක් වන අතර එයට ඩොලර් බිලියන 10.94 ද්විපාර්ශ්වික ණය ඇතුළත්ය.

    අමතරව ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ද ගිවිසුමකට එළඹිය යුතුය.