තංගල්ලේ මෙහෙයුම-Operation Tangalle
පසු ගියදා ශ්‍රි ලංකාවට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදින් විසින් දියත් කළ මෙහෙයුමක් අද අප මෙසේ එලි කරමු.
මේ මෙහෙයුමේ අරමුණ වී ඇත්තේ දැනට ශීඝ්‍රයෙන් තම ඉලක්ක කරා ලඟා වෙමින් සිටින ලංකාවේ ආර්ථිකය කඩා බිඳ දැමීමය.ශ්‍රි ලංකාව මේ වේගයෙන් සංවර්ධනය වුවහොත් තව මාස හයක් ඇතුලත ලෝකයේ ආර්ථික බලවතා වීම කිසිවෙකුටත් නවතා ලිය නොහෙන බවට ඔත්තුසේවා විසින් පසු ගිය කාලයේ වාර්තා කර තිබිණි. මේ පිලිබඳව බරපතල ලෙස කල්පනා කල බටහිර බලවතුන් ශ්‍රී ලංකා ආර්ථිකය කඩා දැමීමේ මෙහෙයුම සඳහා තම ඔත්තු සේවා වෙත පවරා ඇත.
ඔපරේෂන් ටැන්ගෝල් යනුවෙන් හැඳින්වූ මෙම මෙහෙයුමේ ප්‍රධාන ක්‍රියාකරු තෝරා ගැනීමේදී ඊශ්‍රායලයේ මොසාර්ඩ් ඔත්තු සේවය පවසා ඇත්තේ මෙය මෙතෙක් ලෝකයේ ක්‍රියාත්මක වූ භයානක හා බරපතලම මෙහෙයුමක් බැවින් ,ප්‍රධාන ක්‍රියාකරු තම නියෝජිතයෙක් විය යුතු බවයි. එහෙත් බ්‍රිතාන්‍යයේ එම්.අයි. 5 ඔත්තු සේවය එයට එරෙහි වෙමින් එම අවස්ථාව තම නියෝජිතයෙකුට ලැබිය යුතු බවත් නො එසේනම් තමන් මෙම මෙහෙයුමට එක් නොවන බවත් පවසා ඇත. අවසානයේරටවල් දෙකම සැනසීම සඳහා බ්‍රිතාන්‍යයේ පදිංචි ඊශ්‍රායෙල් ජාතිකයෙක් මේ සඳහා යොදා ගැනීමට තීන්දූ විය.
ප්‍රථමයෙන්ම මෙම ඔත්තුකරුවා අන්තර්ජාලයේ සැරිසරා හෝටල් හිමි ශ්‍රීලාංකික කාන්තාවක් සමග හැඳුනුම් කමක් ගොඩනගා ගත යුතුය. මේසඳහා අදාල ඔත්තුසේවා විසින් සුදුසු කාන්තාවක් තෝරා දෙනු ඇත.
අනතුරුව ඔත්තුකරු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති අතර එහිදී ඔහුගේ සහකාරිය වශයෙන් තෝරාගෙන තිබූ රුසියානු ජාතික ඔත්තුකාරිය මුණ ගැස්සවීම සිදු විය යුතුය. මේ සඳහා රුසියානු කාන්තාවක්ම තෝරා ගත්තේ රුසියාව හා ලංකාව අතර ඇති දැඩි සබඳතාවලට හානි කරනු සඳහාය.ඇය කොලඹදී ඔත්තුකරුට මුණ ගැස්සවූයේ , අයාලේ යන ගණිකාවක් වශයෙන් පෙන්වීම සඳහාය.
ඉන්පසුව සැලස්ම ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් දේශීය ඒජන්තයාට අවශ්‍ය උපදෙස් දෙනු ලැබීය. ඔහුට කල යුතුව තිබුනේ දැනුම් දෙන වෙලාවකදී අදාල හෝටලය තුල තෝරාගත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කර ගැනීමත් අහම්බෙන් මෙන් එම පුද්ගලයා අතට අජීව උණ්ඩ සහිත ටී 56 තුවක්කුවක් පත් කිරීමත්ය. ඉන්පසු ඔහු සැඟවිය යුතු අතර ගැටුමේදී බොරු උණ්ඩ වදින ඔත්තුකරු හා ඔහුගේ සහායිකාව මළාක් මෙන් සිටිද්දී ඔවුන් එතැනින් ඉවත් කර තානාපති කාර්යාලයට ගෙන යනු ඇත.
නමුත් මේ බ්‍රිතාන්‍ය ජාතික ඔත්තුකරු නොදැන සිටි දෙයක් වූයේ ඔහුටත් හොරෙන් තුවක්කුවට ජීව උණ්ඩ යොදන්නට ඔහුගේ හාම් පුතුන් වන බටහිරයන් සැලසුම් කර තිබු බවයි.අධිරාජ්‍යවාදින්ගේ හැටි එසේය. ඔවුන්ට බෞද්ධ අපට මෙන් මිනිස් ජීවිතවල වටිනාකමක් නැත.
සියල්ල මෙසේ සැලසුම් කරගත් ඔත්තු කරු ශ්‍රී ලංකාවට පැමිණ තම සහායිකාව සමග තංගල්ලේ අදාල හෝටලය වෙත ගියේය.ඉන්පසු සිදු වූ සියල්ල බටහිරයන්ගේ සැලසුම අනුව සිදු වූ බව අපි දැන් දනිමු. දැන් ඔවුන් රුසියානු කාන්තාවට අතවර සිදු කලා යැයි අපට දොස් කියයි. අපේ සංචාරක කර්මාන්තය වට්ටන්නට ඔවුන් හදන්නේ එහෙමය.
ශ්‍රී ලංකාවට එරෙහිව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් බටහිරයන් විසින් සිදු කරනු ඇත. අප අවදියෙන් සිටිය යුතුය.
සටහන- මේ අප විසින් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටයකට ලියූ තිර කතාවක සංක්ෂිප්තයක් බව කරුණාවෙන් සලකන්න.