තක්කඩි සංවර්ධනයට යටව අවසන් හුස්ම හෙලන හන්තාන
හන්තානේ අක්කර 20ක් වෙන්දේසියට
පර්චසයක් රුපියල් ලක්ෂ තුනයි.
හන්තාන පාරිසරික පද්ධතියට ඇතුල් වන්නා වූ සංචාරකයින්ගෙන් මුදල් අය කිරිම සදහා හන්තාන වතු යායේ වතු අධිකාරි විසින් හන්තාන ගලහා මාර්ගයේ 4 කණුව පිවිසුමේ මේ වන විට ගේට්ටු දමා දැන්වීම් පුවරුවක් සවි කොට ඇති ආකාරයයි.
මෙම ස්ථානයේ ටිකට් පත් නිකුත් කිරිම සහ මුදල් අය කිරිම නීතී විරෝධි වන අතර මෙය හන්තාන පාරිසරික ආරක්ශක කලාපයට අයත් ප්‍රදේශයකි. මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් හන්තාන පාරිසරික ආරක්ෂක කළමනාකරණ කමිටුව වෙතින් කිසිදු අවසරයක් හෝ අනුමැතියක් ලබා දී නොමැත. හන්තාන පාරිසරික ආරක්ශක ප්‍රදේෂය වනසා දමනු ලබන හන්තාන වතු පාලකයින් විසින් මේ වන විට හන්තාන ප්‍රදර්ෂනය කරමින් මුදල් ඉපැයිමේ කාර්යයක නිරත වෙමින් සිටියි.
හන්තාන පාරිසරික පද්ධතිය හරහා 2020. 04. 23 වන දින හමා යන දැඩි සුළගින් එකී පාරිසරික පාරිසරික පද්ධතියට දැඩි හානියක් සිදු වූ අතර එකී සුළගින් දැවැන්ත ගස් ආසන්න වශයෙන් 200-300 පමණ ඇද වැටුණු අතර එකී ගස් පෞද්ගලික ව්‍යාපාරිකයෙකු වෙත විකිණිම සදහා මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යම පළාත් අධ්‍යක්ශ වරයා විසින් හන්තාන පාරිසරික ආරක්ශක කළමනාකරණ කමිටුව විසින් අනුමැතියක් ලබා නොදුන් අවස්ථාවක තම තනි මතයට අදාළ පාරිසරික් නිශ්කාෂණය නිකුත් කොට ඇත. කෙසේ වෙතත්, මේ වන විට අදාළ භූමියෙන් ගස් ඉවත් කිරිම සිදු කරනු ලබන්නේ කිසිදු පාරිසරික ආරක්ෂණ ක්‍රමවේදයක් හෝ භාවිතා නොකරමිනි. මෙම තත්වය මත අදාළ භූමීය මේ වන විට පාංශු ඛාදනය වන ප්‍රදේශයක් ලෙසට 1951 අංක 25 දරණ පාංශු සංරක්ෂණ පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව 1988. 09. 16 වන දින අංක 523/21 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කොට ඇත. මෙම අනාරක්ෂිත ආකාරයෙන් ගස් ඉවත් කිරිම හේතුවෙන් මේ වන විට දැඩි පාංශු ඛාදන තත්වයක් හන්තාන පාරිසරික ප්‍රදේෂය තුළ දක්නට ඇත.
තවද, හන්තාන පාරිසරික ප්‍රදේශය වෙනුවෙන් හන්තාන වතුයාය සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් කිසිදු පාරිසරික සංරක්ශණ ක්‍රමයක් සදහා, ව්‍යාපෘතියක් හෝ වෙනයම් ආකාරයක කිසිදු කටයුත්තක් සිදු කර නොමැත. මෙම පාරිසරික පද්ධතීයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු නොකරන ඉහත ආයතනයන් හන්තාන පරිසර පද්ධතිය නැරබීමට පැමිනෙන්නන් ගෙන් රුපියල් 100/- සිට 500/- දක්වා වූ මුදලකට ටිකට් පත් අලෙවි කරමින් ඔවුනගේ අදායම් තත්වය ඉහළ නංවා ගන්නා අතර හන්තාන එක් පසෙකින් විනාශයට පත් කෙරමින් සිටියි.
මෙම ලබා ගනු ලබන මුදල් රාජ්‍ය ගිණුමකට බැර වන්නේ ද නැතිනම් එකී මුදල් පෞද්ගලික ගිණුමකට බැර වන්නේ ද යන්න මේ වන විට ගැටළුවකි.
හන්තාන කඳු වැටියේ ඉහළ භූමි කලාපයේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් යම් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙළි කරමින් සීටී.හන්තාන, උඩුවෙල, උඩගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ (වසම් අංකය-946) පිහිටි ජල පෝෂක කලාපයක් මෙලෙස එළි පෙහෙළි කරමින් පවතී.
මෙම ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී ඇතැයි පැවසේ. හන්තාන කඳුවැටියේ අඩි 2500 ත් 3000 ත් අතර කලාපයේ මෙම ඉඩම පිහිටා තිබේ.
අදාළ ඉඩමේ මානා ශාක ආවරණය මේ දිනවල ඉවත් කරමින් පවතින අතර, ඉඩම කොටස් කර අලෙවි කිරීම සඳහා මෙලෙස එළිපෙහෙළි කරන බවද අනාවරණය වේ. එමෙන්ම මෙම ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ තුන බැගින් විකිණීමටද නියමිත බව ප්‍රදේශවාසීහු පවසති.
හන්තාන කඳු වැටියේ ප්‍රධාන ජල පෝෂක කලාපයක් වන මෙම ඉඩම පිහිටි භූමිය මෙලෙස එළි පෙහෙළි කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් හන්තාන පහළ ප්‍රදේශයේ පදිංචි පවුල් 300කට පමණ ජල හිඟයකට මුහුණ පෑමට සිදුවන බව නොවනුමානයි.
සංවර්ධනය කෙරෙන ඉඩම සහිත භූමිය අභ්‍යන්තරයේ හුණුගල් පාෂාණ සහිත බවද එළි පෙහෙළි කිරීම නිසා අධික වර්ෂා තත්ත්වයකදී නායයෑමේ අවදානම් ඇතිවිය හැකි සම්භාවිතාවය ඉහලය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ අධ්‍යක්ෂ සෙනෙරත් විජේරත්න කියා සිටියේ මීට වසර දෙකකට පමණ පෙරදී ගාල්ල ප්‍රදේශයේ අයකුට නීත්‍යානුකූලව අදාළ ඉඩම ලබාදුන් බවයි.
උපුටා ගැනීම - Saviors Of Nature පිටුවෙන්

Last edited: