තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල

    වසීම් තාජුදීන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ පාසැල් දිවියේ සිට රගර් පුහුණුකරු ලෙස ක්‍රියා කළ විශ්‍රාමික උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බලකා ප්‍රධානී නිමල් ලෙව්කේ මහතා ජනපතිගෙන් ඉල්ලා සිටී. ඔහු ඒ බව සඳහන් කළ සංවේදී ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

    “මම පාසල්, සමාජ හා ජාතික යනාදි සියළු තල වල සාර්ථක රග්බි පුහුණුකරුවෙක් වෙමි. 1995-1997 කාලය තුල මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වශයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔවුන් ත්‍රිත්ව ශූරයන් බවට පත්කිරීමට සමත් වෙමින් එම ධුරයේ සාර්ථකව කටයතු කිරීමෙන් අනතරුව, 1998 දී මවුන්ට් ලැවීනියා හි ශාන්ත තෝමස් විදුහලේ රග්බි පුහුණුකරු වශයෙන් කටයුතු කිරීම සඳහා මට අවස්ථාව හිමි විය.



    ඒ වනවිට තෝමස් විදුහලේ රග්බි ක්‍රීඩාව එතරම් හොඳ මට්ටමක නොතිබූ බැවින් මා හට එය තරමක අභියෝගයක් වුව ද මම 17න් පහල කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම භාරගතිමි. එවකට එම පාසලේ විදුහල්පතිවරයා වූයේ විශිෂ්ට අධ්‍යාපනඥයකු වූ නෙවිල් අල්විස් මහතා වන අතර නියෝජ්‍ය විදුහල්පතිවරයා වූයේ පාක්‍යනාදන් මහතාය. බයිලා සමරසිංහ, ඒ.එෆ් පුනාන්දු වැනි මහත්වරුන් ද එහිදී මට හමු විය.



    17න් පහල කණ්ඩායමට අශාන් කාර්තලිස් සහ වසීම් තාජුදීන් තෝරාගත් අයුරු මට තාමත් මතකය. ඔවුන් දෙදෙනාම 17න් පහල කණ්ඩායමේ සිටි අඩි ‍හයක් පමණ උස වුවන් විය. වසීම් තරමක දඟකාරයෙක් විය. නමුත් ඔහු ඉතා දක්ෂ ලෙස පහර එල්ල කරන්නකු විය. මම ඔහුට පහර එල්ල කිරිමේ මූලික කරුණු කියා දුන් හැටි මතකය. ඉන්පසු ඔහු හා කාර්තලිස් පළමු පහලොවේ සංචිතයට මවිසින් තොරාගන්නා ලදි.



    මම මහනුවර කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ද කටයුතු කල නිසා මට තෝමස් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා සති අන්තයේ මහනුවර ෆීජී කණ්ඩායමේ සාමාජිකයන් ද කැඳවා ගැනිමට හැකි විය. (මලික් මේ ගැන දැන සිටියේ නෑ)


    අඩි 6 අගල් 8ක් උස ‘මිනිස් කන්ද’ යන අන්වරථ නාමයෙන් හැඳින් වූ මනාසා කෝරෝ, ඔපෙති තුරුවා, සහ කිටී යන ෆීජී ක්‍රීඩකයන් මේ සඳහා යොදාගැනීම‍ට මට හැකි වූණා. තුරුවා හට ඉතා දුරට පන්දුව එල්ල කල හැකි නිසා ඔහු ෆීජී කණ්ඩායමේ හොඳම තුරුම්පුව වශයෙන් සලකණු ලැබුවා. එවැනි හැකියාවක් හා තාක්ෂණයක් සතුවූ වෙනත් කිසිම ක්‍රීඩකයෙක් මා එතෙක් දැක තිබුණේ නෑ. ඔහු එම අගනා තාක්ෂණය වසීම් ට ලබා දුන් අතර වසීම් එම පාඩම් කෙටි කලකින්ම ඉතා හොඳින් ප්‍රගුණ කලා. වසීම් ඇත්තටම ආදරණීය දරුවෙක්. ඔහුගේ අගනා පහරවල් සමගින් ඔහු අප කණ්ඩායමේ ස්ථාවර සාමාජිකයෙක් බවට පත්වුණා. පසුකාලීනව ඔහුට හැව්ලොක් සමාජය හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ද නියෝජනය කිරීමේ භාග්‍යය හිමි වුණා.



    නමුත් මා කලින් සඳහන් කල පරිදි ඔහු ඉතා දඟකාර තරුණයෙක්. සමහර විට ඔහු පුහුණුවීම් වලට ආවේ ප්‍රමාදවෙලා. මම සෑම දිනකම 4.40 වනවිට පුහුණුවීම් සඳහා වාර්තා කරන බව මාගේ ක්‍රීඩකයන් හොඳාකාරවම දැන සිටියා. ප්‍රමාද වී පැමිණෙන අය විශේෂයෙන්ම වසීම් හා මුන්නා ලකුණු පුවරුව පිටිපස සැඟවී සිට මා ඉවතට යන තෙක් බලා සිට ක්‍රිකට් පිටිය හරහා දුවන්නට පටන් ගන්නවා. නමුත් අනික් අය ඔවුන්ව අල්ලා දෙනවා.



    අවසානයේ ඔවුන් ම‍ට හසුවී දඩුවම් විදිනවා. නමුත් ඇත්තටම එය හරිම විනේදජනකයි. අප සමැවිටම පුහුණුවීම් කලේ හරිම විනෝදයෙන්. 2001 වනවිට මට හැකිවුණා ඔවුන් ජයග්‍රාහී කණ්ඩායමක් බවට පත්කරන්නට. දිගු කලකට පසු ඔවුන් අපරාජිත ලීග් ශූරයන් බවට පත්වුණා. වසීම් එම ජයග්‍රාහී කණ්ඩායමේ සිටි අති දක්ෂයෙක්.



    2001 වසරේ දී තෝමස් කණ්ඩායම රාජකීය විදුහල පරාජය කලා. මගේ පුතා රාජකීය කණ්ඩායම නියෝජනය කල බැවින් මට එය මිහිරි මෙන්ම කටුක අත්දැකීමක් ද වුණා.
    වසීම්ගේ අනතුර පිළිබඳ සැලවූ විගස මා මගේ දියණිය හා නීතිඥ පුත්‍රයා සමග සිද්ධිය වූ ස්ථානයට පැමිණියා.



    පොලිස් නිලධාරියකු වශයෙන් ද දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් ද, එදින උදෑසන මා දුටු දේ සහ එයින් මා තුල ඇති වූ හැඟිම මා මෙහිලා විස්තර කිරීමට යන්නේ නෑ. නමුත් බලධාරීන්ගෙන් හා ජනාධිපතිතුමන්ගේ මා ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කරන ලෙසයි. යුක්තියේ නාමයෙන් මම විශ්වාස කරනවා අවසානයේ සත්‍යය හෙලි දරව් වේවි කියා.



    වසීම් කියන්නේ ඉතා ප්‍රසන්න අහිංසක තරුණයෙක්. අප අතර තිබුණේ පිය පුතු සම්බන්ධය වැනි ඉතා සමීප සබඳතාවයක්. ‍කොහේදී දුටුවත් ඔහු මා වෙත දුවගෙන එනවා. ඔහු සැමවිටම මට පියෙකුට මෙන් ගෞරව කලා. පුවත්පත් වාර්තා අනුව, මා සිතනවා වසර 3කට පසුව හෝ අවසානයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ වේවියි කියා. දැන් මෙම පරීක්ෂණය මෙහෙයවනු ලබ්න්නේ විධිමත් පරීක්ෂණ කණ්ඩායමක් (රහස් පොලීසිය) විසින් වීම සතුටට කාරණයක්.


    මෙම පරීක්ෂණය ඇරඹීම සඳහා වසර තුනක කාලයක් ගත වූයේ මන්දැයි යන්න බරපතල ප්‍රශ්නාර්ථයක්. තාජුදීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රජයේ රස පරීක්ෂක වාර්තාව පරස්පර විරෝධියි. එය විශාල ගැටළුවක්.



    පුවත්පත් වාර්තා අනුව දැන් මෙම පරීක්ෂණය නිවැරදි මාර්ගය ඔස්සේ එහි අවසානය කරා ළගා වී තිබෙනවා. නමුත් එයින් අදහස් වන්නේ නෑ ඉහල සිට පහලටම සිදුවූ සාක්ෂි යටගැසීම අමතක කල යුතුයි කියා. (එය එසේ සිදුවී ඇත්නම්)


    මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණය මූලික අවස්ථාවේදීම රහස් පොලීසිය වැනි වගකිවයුතු ආයතනයක් වෙත භාර නොදුන්නේ මන්දැයි යන්න ද ප්‍රශ්න කල යුතු කාරණයක්. මෙම අනවශ්‍ය ප්‍රමාදයට හා යටගැසීමට වගකිව යුතතේ කවුදැයි යන්න සෙවිය යුතුය. රජයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම අතපසුවීම් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුය.



    රාජ්‍ය සේවකයන් වනාහි මෙරටේ මහජනතාවගේ බදු මුදලින් යැපෙන්නන් වන බැවින් වැරදිකරුවන් සොයා ඔවුන් හට නිසි දඩුවම් ලබා දිය යුතුයි.


    ආදරණීය වසීම්, නැවත මුණගැසෙන තුරු ඔබට ආයුබෝවන්“


    නිමල් ලෙව්කේ
    http://lankaenews.com/news/2470/si
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ බලපන් තාජුදීන්ගේ පවුලේ අය කියන්නේ මරණය ගැන සැකයක් නෑ, දේශපාලන වාසි ගැන මේක අවුස්සන්න එපා කියල. පවුලේ අයටත් නැති අමාරුවක් තමයි කොහෙවත් ඉන්න වෙන කට්ටියකට තියෙන්නේ .


    11873753_1660603077508907_4468915583791466895_n.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thambiya paw.
    u wenuwen rata thambinta demu

    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol: තම්බියෙක් මැරුවම මිනිමරුවට දඩුවම් දීම == තම්බියට රට දීම :rofl:
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    මේ බලපන් තාජුදීන්ගේ පවුලේ අය කියන්නේ මරණය ගැන සැකයක් නෑ, දේශපාලන වාසි ගැන මේක අවුස්සන්න එපා කියල. පවුලේ අයටත් නැති අමාරුවක් තමයි කොහෙවත් ඉන්න වෙන කට්ටියකට තියෙන්නේ .


    11873753_1660603077508907_4468915583791466895_n.jpg

    ඕක ජනවාරිවල යකෝ කියලා තියෙන්නේ.
    ලේටස්ට් පේප ආටිකල් එකේ උන් ඉන්වෙස්ටිගේෂන් එක ගැන සන්තෝස වෙනවා.
    මේක දිගටම කෙරෙයි කියලයි උන් බලාපොරොත්තු වෙන්නේ. :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol: තම්බියෙක් මැරුවම මිනිමරුවට දඩුවම් දීම == තම්බියට රට දීම :rofl:

    :lol:

    adyapanayata 20% k wath wen karanna wenawa ban