තජුදීන් ගේ මිනිය කැ වද බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    තජුදීන් ගේ මිනිය කැ වද බන්

    දැන් අර ගොඩ ගත්ත තජුදීන් ගේ මිනිය කැ වද බන් ආණ්ඩුවේ පොන්සියෝ ටික?


    කෝ මොකද උනේ උඹලත් උඩදාගෙන ගැහුවා නේද? මොකද බන් උනේ .. දන්නේ නැති නිසා අහන්නේ

    පොඩ්ඩක් එකට වෙච්ච දෙයක් තියනවනම් කිහල්ල කෝ අපිට දාන ගන්නත් එක්ක
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රග්බි ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනීමැරුමක් බවට විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණය වෙත ඊයේ (03) දැනුම්දී තිබෙනවා. 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවසන් වාර්තාවයි එලෙස අධිකරණය වෙත ඉදිරිපත්වී ඇත්තේ. මොහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබෙනවා.

    කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ හේවගේ යන වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත මෙම වාර්තාව ඉදිරිපත් කළා.

    මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව ගෙළ ප්‍රදේශයට, පපුවට සහ කකුල්වලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාක සහ ඉන්පසු ඇති වූ ගින්නේ ප්‍රතිවිපාක බව වෛද්‍ය මන්ඩලයේ මතය වී තිබෙනවා. ඒ අනුව, ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත්, එම වාර්තාවෙන් දැනුම්දී ඇති බව සඳහන්.

    සිද්ධියට අදාළව අස්ථානගත වී ඇති බව පැවසුණු මොහොමඩ් තාජුඩීන්ගේ අස්ථි සාම්පල් සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් ද වෛද්‍ය මණ්ඩලය තම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ප්‍රථම වෛද්‍ය පරීක්ෂනයේ සහ එම එක්ස් - රේ පිටපත්වල ඇතුළත් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත්කමක් ඇති කලවා අස්ථි දෙකක් සහ පසු අස්ථිය ගොඩගන්නා ලද ශරීර කොටස් සමග නොතිබූ බවයි වෛද්‍ය මණ්ඩලය සදහන් කළේ.