ගුරු වර්ජනය එජාප සජබ හවුලෙන් සැළසුම් කර, ජවිපෙ පෙරටු ලාභ ලබන සමාගම් මගින් කෙරෙන මගඩියක් මිස සැබෑ ජනතා ව්‍යාපාරයක් නොවේ.
දිනය : 2021 අගෝස්තු 04 ( අද දින )
වේලාව : පස්වරු 1.30
ස්ථානය : පාර්ලිමේන්තුවෙ පිවිසුම් දොරටුව
සමගි ජන බලවේගයෙ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අතර සිදු වූ දෙබසක්..
රන්ජිත් මද්දුමබණ්ඩාර :
" මල්ලි හෙට ගුරු උද්ඝෝෂනයට ගුරුවරු විදිහට කී දෙනෙක් ගේනවාද.? "
තුෂාර ඉඳුනිල් :
" මම හෙට 250 ක් මාවනැල්ලට ගෙනියනවා. 9 වෙනිදා කොළඹට 500 ක් ගේනවා "
රංජිත් මද්දුමබණ්ඩාර :
" අනිත් අයගේ තත්වෙ කොහොමද..? "
තුෂාර ඉඳුනිල් :
" එදා මීටීමේ කතා වෙච්ච විදිහට හැමෝම 500 ගානේ ගේනවා "
දෙබස් 04 යි. ඒත් ඒක ඇතුළෙ ලොකු කතන්දරයක් තියෙනවා.
මේ පාරට බැහැලා ඉන්නෙ සැබෑ ගුරුවරුන් යැයි ඔබ තාමත් සිතනවාද..?
වසංගතයක් ඇතුළේ ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් මේ යන්නේ කොයිබටද..?
දේශපාලනය මෙතරම්ම ජරාජීර්ණ වෙලාද..?