තණකොළ කන පොහොට්ටුවේ රැස්වීම....
අවුරුදු හතරකට කළින් දිවි හිමියෙන් පුදපු මිනිස්සුන්ට දැන් තණකොළ කන්න කියනවා, ඒ කාලේ තනකොළ කවපු මිනිස්සු ටිකක් දැන් උඩ තියං යනවා. මොකක්ද වෙනස් උනේ? පක්ෂය විතරයි වෙනස් උනේ.
පොහොට්ටුව කියන්නේ තවමත් මේ රටේ බලය හිමි පක්ෂය. මේ රටේම ඉන්න අන්තම දූෂිත, පාදඩ, චන්ඩි, වංචාකාරයෝ, දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් හැදිච්ච දීප ව්‍යාප්ත සංවිධානය. මේකට සෙනඟ නැති වෙයි කියලා හිතන්න එපා. මේකට සෙනග ගෙන්නන්න පුළුවන් ඕන වෙලාවක.
ඒක තමයි පොහොට්ටුවේ බ්ලොක් වෝට් එක. පොහොට්ටුවේ මංත්‍රීලා රස්සා වලට දා ගත්ත මිනිස්සු ටික ගෙන්නුවත් ඇති සුගතදාසේ පුරවන්න. ඔය ප්‍රාදේශීය සභා වල කුණු ලොරි වලට, මුරට, අධිවේගේ ටිකට් කවුන්ටරේ, ඉස්පිරිතාලෙ කම්කරු ජොබ් එකේ, වරායේ වගේ බොහෝ තැන් වල ඉන්නේ ඡන්දයට වැඩ කරලා හිතවත් කමට ජොබ් ගත්ත මිනිස්සු. ඒ ණය ගෙවන්න මිනිස්සු පෝළිමේ යනවා පොහොට්ටුවේ රැස්වීම් වලට. ඒ බැඳීම නැති කර ගන්න ඒ මිනිස්සුන්ට බෑ. ඒකට හයියකුත් නෑ. මේ රට විනාශ කරන්න හේතු උන දේශපාලන ක්‍රමයේ ඔවුනුත් කොටස් කාරයෝ. විශේෂයෙන් ගම් වල මේ දේශපාලන බලය භුක්ති විඳපු මිනිස්සු, ගල් කඩා ගත්තු, ගස් කපා ගත්තු, වැලි හාර ගත්තු, ඉඩම් අල්ල ගත්තු හැමෝම මේකේ ඉන්නවා. ඒ දේශපාලන බලයට එරෙහිව නැගී සිටින්න ඒ මිනිස්සුන්ට බෑ. ඒ ලෙංගතුකම් බන්ධන වලින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා සුගතදාසයට තණකොළ යවලා පොහොට්ටුව විනාශ කරන්න බෑ.
ඔබ යූඇන්පීය විනාශ කරලා රට හදන්න හිතුවා. ඒකෙන් සජබේ බිහි උනා. ඔබ ශ්‍රීලනිපය විනාශ කරලා රට හදන්න හිතුවා, ඒකෙන් පොහොට්ටුව බිහි උනා. ඔබ ජවිපේ නැති වෙනකං හිටියා, ඒකෙන් ජාජබේ හැදුනා. ඉන්නේ ඒ ටිකමයි. ඒ මිනිස්සුමයි, ඒ අදහස් මයි, ඒ කතාමයි. පාටයි, සළකුණයි, පෙනුමයි වෙනස් උනා විතරයි. ඔබ කරලා තියෙන්නේ ඔය තුනෙන් එකක් පස්සේ යන එක විතරයි. අලුත් නමක් දාගෙන, අලුත් හමක් පොරවගෙන මේදා පාර අපි කරන්නේ කියලා කවුරු හරි බලයට එනවා. නමුත් මේ දේශපාලන ක්‍රමය වෙනස් උනේ නෑ. ඉන්න ටිකම කලවම් උනා, මාරු උනා, අලුතින් හැදුවා.
ඡන්දය දෙන ඔබ ඊට හපන්. හැම පාරම තමන්ගේ දේශපාලන තීන්දුව ගැන සෑහෙන විශ්වාසනීය විදියට හිතන්නේ. තමන් තෝර ගන්න එක හරි කියලා අනිත් ඒවා ඔක්කොම විනාශ කරනවා. තමන්ගේම තේරීම මෙච්චර කල් වැරදිලා තියෙද්දිත්, ආයේ ආයේ අලුත් වටේකින් තෝරනවා.
තණ කොළ කන්න ඕනේ පොහොට්ටුවේ රැස්වීමට ගිය අය විතරක් නෙවෙයි. අපි හැමෝම. රටේ දේශපාලන ක්‍රමය සකස් කර ගන්න බැරි අපි හැමෝම. පුරවැසියෙකු වෙන්න බැරි පාක්ෂික හැමෝම.
එක පාරක් නැවතිලා ආයෙත් හිතන්න. අද කාටද බනින්නේ කියලා නෙවෙයි, අදවත් තමන් කොහොමද හැදෙන්නේ කියලා හිතන්න. ඔබට පුළුවන්.
පැතුම් කර්නර් #පැතූනොමික්ස්