තණමල්විල , තණමල්විල

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    තණමල්විල , තණමල්විල







    තණමල්විල , තණමල්විල
    අපි යන්නේ තණමල්විල
    මත්තල තිබුනාට මොකද
    අපි යන්නේ තණමල්විල

    මල් පිපෙන්නේ තණමල්විල
    ඈත එපිට වන ලැහැබක
    කන්න නැතත් මොකද අපිට
    මල් ඇත්නම් තණමල්විල

    රෑට කන්නේ තණමල්විල
    නිදියන්නෙත් තණමල්විල
    ඇහැරෙන්නේ දෙව් ලෝකෙක
    පාට පාට මල් හීනෙක

    නගිමි කුලුන අපි මත්තල
    නෙලුම් මලකි සුවඳ හමන
    යාත්‍රාව මග එන තෙක්
    අපි දකින්නේ තණමල්විල

    දුකට සැපට හැම එකටම
    ළඟ තියෙන්නේ තණමල්විල
    ගෝන මාලු තලප සමග
    සුවඳ උරමි වන මල් වල

    ඒරොප්පේ සුදු මහතුනි
    අනේ එන්න හම්බන්තොට
    ඔබ එන තෙක් බලා සිටිමු
    සුවඳ බිබී මල් රොන් වල

    එන්න දුරයි යලි කොළඹට
    මම නවතිමි තණමල්විල
    යොතක් දුරට ඉඩමක් ගෙන
    වගා කරමි මගේ සම්පත

    මල් පිපුනම කොළ පාටට
    සුවඳ දිදී සිරියාවට
    ගිනි තියමින් මල් ගොමුවට
    වැතිර නිදමි මහා පොළොවේම

    ජීවිතයේ දුක් මුසු තැන්
    පිට කරන්න බැරි සුසුමන්
    පාලු කුලුන තුල හිඳිමින්
    මුදා හරිමි වා තලයට

    දිනෙත් මල්ලිකාරච්චි

    fb eken gaththe


     
    • Like
    Reactions: PMUB and mcwolfe

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පුන්චි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා... :cool: