තත්පරෙන් 1GB_Download

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    තත්පරෙන් 1GB ඩවුන්ලෝඩ් වෙන 5G වලට දකුණු කොරියාව පා තබයි





    ලෝකයේ දියුණු රටවල් රාශියක් 4G අන්තර්ජාල සේවය ව්‍යාප්ත කිරීමට සැරසෙද්දී දකුණු කොරියාව විසින් 5G සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

    දැනට දකුණු කොරියාවේ තිබෙන 4G හරහා උපරිමව තත්පරයට මෙගාබයිට් 75ක් ඩවුන්ලෝඩ් කරගත හැකිය. ඒ අනුව මෙගාබයිට් 800ක චිත්‍රපටයක් බාගත කිරීමට තත්පර 40ක් ගතවේ. නමුත් 5G වලින් ඒ සඳහා ගතවන කාලය තත්පරයකි.

    ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සබඳතා තිබෙන රටවල් 10 අතර දකුණු කොරියාවද සිටී. ඇමරිකාවේ අන්තර්ජාලවේගයන්ගේ සාමාන්‍ය අගයට වඩා දකුණු කොරියාවේ වේගය 65%කින් වැඩිය

    මෙම 5G ව්‍යාපෘතිය සඳහා සඳහා ඔවුන් විසින් ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර තිබෙන බවයි එරට විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.

    මෙම ව්‍යාපෘතියේ අත්හදාබැලීමේ කටයුතු තවත් වසර 3කින් හෙවත් 2017දී ආරම්භ කරන අතර 2020 දී එරට ජනතාවට 5G ජාලය භාවිතා කළ හැකිය.

    අල්ට්‍රා HD වීඩියෝ හා හොලෝග්‍රම් වීඩියෝ සම්ප්‍රේෂනය සඳහා මෙය බොහෝ ප්‍රයෝජනවත්වේ යැයි අපේක්ෂා කරයි.

    ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදනයෙන් 30%ක බලය අල්ලා සිටින්නේ කොරියාවයි. එම නිසා LG හා සැම්සුන් සමාගම් හා එක්ව 5G සඳහා අවශ්‍ය ජංගම දුරකථන ඉදිරියේදී නිපදවීමටද දකුණු කොරියාව බලාපොරොත්තුවේ.

    පසුගිය මැයි මාසයේ සැම්සුන් සමාගම විසින් නිවේදනය කළේ තම සමාගම 5G ජාලය අත් හදා බැලූ බවයි. ඒ අනුව ගිගාබයිට් එකක් තත්පරයත් තුලදී කිලෝමීටර් 2ක දුරක් යවා පරීක්ෂා කර තිබේ. ඒ සඳහා ඇන්ටනා 64ක් භාවිතා කර තිබුණි.




    33000lk
     
    • Like
    Reactions: hector@troy

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    attachment.php