වකුගඩු ප්‍රශ්නෙට තාත්ත දිගටම පෙන්නුවෙ කොලඹ prof. Lanaroll ට. Covid කාලෙ කොලඹ එන්න කරදර නිසා කරාපිටියෙ හිටපු දොස්තරල දෙන්නට prof ලියුමක් දුන්න හදිස්සියක් උනොත් පෙන්නන්න කියල. කිව්ව වගේ තාත්තට අමාරු වෙලා dr. Iresha ට පෙන්නනව. අර ලියුම් ඔක්කොම විසි කරල ‘එක එකා ලගට ගිහින් අමරු උනාම මෙහෙ උස්සගෙන එනව' ද අහල 'තමුන් දන්නවද තමුන්ගෙ වකුගඩු දෙකම නරක් වෙලා තියෙන්නෙ' කියලා (නරක් වෙලා නිසානෙ යෝදියෙ දිගට බෙහෙත් ගන්නෙ) පිස්සුවක් නටනව. තාත්‍ත එන්නෙ හෙම්බත් වෙලා හොදටම මානසිකව වැටිල.
ඒපාර අනිත් එක්කෙනා dr. Darshi ඊට හපන්. කරාපිටිය Dialysis unit එකේ ඉඩ තියෙද්දිත් මිනිස්සුන්ව private කරවන්න යවනව 'අඥී ඉඩ ඥෑ' කියල. පස්සෙ බලද්දි private ගාස්තුවෙන් බාගයක් දොස්තරගෙ සාක්කුවට. (Dialysis කරද්දි සතියට එක සැරේකින් පටන් ගෙන 2/3 වතාවක් පවා කරන්න සිද්ද වෙනව. Private hospitals වල rs. 10,000-15,000ක charge එකක් යනව එක සැරේකට)
පව් ඉතින් අසරණ මිනිස්සු!
වකුගඩු අමාරුව හැදිල කරාපිටියට යන මිනිස්සු මැරෙන්නෙ ලෙඩේ නිසා නෙවෙයි. මානසිකව වැටිල. හැබැයි අර දොස්තරල කවදවත් මැරෙන් නෑ. එයාල නොමැරෙන මිනිස්සු!
---------------------
අම්මගේ ෆොටෝ ගහගත්තා, මරණෙත් ෆොටෝ ගහගත්තා. අද වට්ස්ඇප් එකටත් එකෙක් අම්මගේ ඡායාවක් තියෙන ෆොටෝවක් එවලා.
මොන මගුලක්ද මන්දා මට පොටො දැක්කම පිස්සු හැදෙනවා. නොබිව්වත් බිව්වා වගේ වෙනවා. මහ කලහකාරී හැඟීමක් එක්ක දුකක් එනවා.
ඒ අතර ඊයේ ලොකු කාර් එකක ද්වේශයෙන් යන ඇස් දෙකක් දැක්කා. මන් මගේ දෝණිවත් බයික් එකේ තියාගෙන කතාවකයි ආවේ. ඒත් මන් එයා අඳුරගත්තා.
කරාපිටිය හොස්පිට්ල් එකේ වකුගඩු සායනේ භාරව ඉන්න මැඩම් ඉරේසා තමයි එයා.
අන්තිම දවසට කලින් දවසේ මන් ක්ලිනික් ගියපු එකක සටහනක් දාලා එකවුන්ට් එක බේරගත්තෙත් අමාරුවෙන්. දොස්තරලා හැමෝම ජීවකලා නෙමේනේ.
අම්මා ජීවත් වෙන්න ආසාවෙන් උන්නේ. ලොකු දොස්තර නෝනා ගාවට ලෙඩාට විතරයි යන්න දෙන්නේ. එයා සක්විති රජ වගෙයි හොස්පිට්ල් එකේ ඉන්නේ. අම්මා, අහිංසක අම්මා අමාරු මැද්දෙන් ලොකු දොස්තරගේ මේසෙන් වාඩි වෙලා මොහොතකින් අම්මගේ ක්ලිනික් පොත උඩින් විසි වෙනවා මම දැක්කා.
ජීවිතේට කඳුළු එන්න අඬනවා මම දැකලා නැති අම්මා කඳුළු වක්කරගෙන එලියට ආවා.
එයාට කතාකරගන්නවත් බැහැ. වාට්ටුවේ නවතින්න කිව්වා කියන එක විතරක් එයා කිව්වා.
ලිෆ්ට් එකේ උඩට යද්දි අම්මට සැර කරලා අඩන්න හේතුව ඇහුවා.
"බේත් කරාට වැඩක් නැහැ තමුන්ගේ වකුගඩු දියවෙලා ඉවරයි කියලා තමයි අර පොත විසි කරලා තියෙන්නේ"
අම්මට ඔපරේෂන් එකක් කරන්න අත්සනක් ගත්තා. ඒ පව්කාර අත්සන ගැහුවේ මන්. පොඩි ඔපරේෂන් එකෙන් පස්සේ අම්මව ගෙදර එක්ක යන්න භාර දුන්නේ මට.
පස්සේ දන්නේ නෝනගේ ක්ලාස්මේට් කෙනෙකුත් ඒකේ දොස්තර නෝනෙක්. මන් දන්න උනුත් ඒ වාට්ටුවෙම වැඩ.
මොකෙක්වත් කිව්වේ නැහැ අම්මට වතුර දෙන්න එපා කියලා. අපි අම්ම ගෙදර එක්කන් ඇවිත් හොඳට වතුර දුන්නා..
කතා ගොඩයි. අමාරුම අම්මා ICU එකටවත් නොදැම්මේ ඇයි කියලවත් මන් ඇහඅවේ නැහැ. මිනිය භාර අරගෙන ඇවිත් දැන් මාස තුනක්.
අම්මගේ අලුත් ගඟේ පා කරලා ඉවරයි. .සොහොන් හැදුවේ නැහැ. හදලා වැඩකුත් නැහැ.
මන් එක ප්‍රාර්ථනාවක් කරනවා. වකුගඩු වාට්ටුව භාර ලොකු නෝනට කැස්සක්වත් හැදෙන්න එපා.!!!!!
එයා ගැන දැනගන්න ඕන නම් නිකමට ක්ලිනික් දවසට විසිට් එකක් දාලා නිරීක්ෂණ පාරක් දාන්න.
මේකටත් හොස්පිට්ල් සෙට් එක වටවෙලා රිපෝර්ට් ගහන්නෙපා තේරුමක් නැති වැඩක්නේ. එහෙම උනොත් මන් මේ අකුරු ජාතික තලේ තැන් වල ලියනවා.
මේ අම්මගේ මරණෙන් ඔළුව කුරඅවල් වෙච්ච පුතෙක් මාස තුනක් ගියාම දාපු වහෙන් ඔරෝ සටහනක්.
ඕනම එකෙක්ට ගන්න පුලුවන් පුංචි දෙයක් අන්තිමට මන් කියන්නම්.
තනතුර පුල්ලගේ බක ලොකු කරගන්නෙපා. මනුස්සයෙක්ට කාරඅණික වෙයල්ලා. විශේෂයෙන් දොස්තරලා ලෙඩ්ඩුන්ට කාරුණික වෙයල්ලා.
උඹ මැරෙන තරමට අසනීප වෙන එක උඹේ වරදක් නෙමේ. නමුත් ජීවිතේ අහන්න වෙන ඒ මුස්පේන්තු දැනුම්දීමත් අඩි පොලේ ගහලා, පොත් විසිකරලා, අහගන්න උනොත් උඹට උඹේ පවුලේ උන්ට දැනෙන හැඟීම මොන වගේ වෙයිද...
මචං මන් මෙහෙම ලියන්නෙත් මාස තුනක් කාගෙන ඉඳලයි.
මගතොටදි උඹේ ලොකුව වත් මගේ ලොකුව වත් කාටවත් අදාල නැහැ....... සරලයි... මන් කියන්නේ තනතුරු වල උද්දච්ච කම් කාටවත් රිද්දන්න පාවිච්චි කරන්නෙපා.
තමන් මැරෙන්න වැටිච්ච එකත් තමුන්ගෙම වරදක් වෙන්න ඇති කියලා හිතාගෙන මියගිහිපු අම්ම කෙනෙක්ගේ පුතාගේ සටහනක් තමයි මේ..
-----------------
-https://www.facebook.com/paboda.mahishanka/posts/6602140773163652