තන්තිරිමලේ රජමහා විහාරය............

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තන්තිරිමලේ රජමහා විහාරය............

    406706_444079462326056_985516077_n.jpg


    තන්තිරිමලේ යනු ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාස වලින් එකකි... මහින්දාගමනයට පෙර සිටම මෙම ප්රතදේශයෙහි ජනාවාස පැවති බවට සාධක තිබේ... එම මුල් අවදියේ සිට අනුරාධපුරය යුගයේ අගභාගය දක්වා විහිදෙන දිර්ඝ කාල පරිච්ඡේදයකට අයත්වන ආගමික නිර්මාණ, ශිලා ලේඛන, සිතුවම් හා මිනිසුන් පරිහරණය කල වෙනත් භාණ්ඩ ආදියේ පුරා විද්යායත්මක සාධක රාශියක් මෙහි දක්නට ලැබේ... මීට අමතරව ‍ඓතිහාසික මුලාශ්රද හා ජනාප්රවාද අනුවද මෙහි සිට වයඹ දිග මුහුදු වෙරළ දක්වාම සශ්රිපක ජනාවාස පැවති බව පෙනේ... අනුරාධපුර රාජධානියේ පිරිහිමත් සමග දිර්ඝ අදුරු යුගයක් ගතකොට 1960 වර්ශයේ සිට නැවත පිබිදෙමින් ඇත...

    අනුරාධපුර මහා විලච්චිය මාර්ගයේ කි:මි 18ක් ගිය තැන දකුණු පසින් පිහිටි “ශ්රිප විමලඤාණ”මාවත ඔස්සේ කි:මි 18ක් ඉදිරියට යන විට තන්තිරිමලේ රජමහා විහාරය හමුවේ...
    මැදවච්චිය නගරයේ සිට මන්නාරම මාර්ගයේ කි:මි 18ක් පැමිණි පසු හමුවන “ගජසිංහපුර” නම් ස්ථානයේන් වමට වැටි ඇති මාර්ග‍ය ඔස්සේ කි: මි 12ක් පැමිණිමෙන් පසුවද විහාරස්ථානයට ළගා විය හැක... එම මාර්ගයෙදි ඔබට මල්වතු ඔයද පසු කිරිමට අවස්ථාව ලැබේ...

    පොත්ගුල ඇති ගල් පර්වතයේ සිට කැලෑව මැදින් ටික දුරක් ගිය විට මෙහි එක් එක් පර්ශ මාණයේ ගල්ලෙන් 5ක් දක්නට ඇත... මෙහි මහ රහතන් වහන්සේලා වැඩ සිටි බවට එහි ඇති කටාරම් සක්කි දරයි...

    ඓතිහාසික තන්තිරිමලේ අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ අද දක්වා වැඩ සිටී...බෝධීන් වහන්සේට දකුණු පසින් සමාධි පිළිමවහන්සේ වැඩ සිටිති... ගල්කුල හාරා මතුකර අඩි 8ක් පමණ උසට නිමකර ඇති සමාධි පිළිමවහන්සේ උන්නත නිර්මාණයකි...බෝධීන් වහන්සේට උතුරු දෙසින් සැතැපෙන පිළිම වහන්සේ වැඩ සිටිති...අඩි 45ක් දිගින් යුක්තය... පොලොන්නරුවේ ගල් විහාරයෙ සැතැපෙන පිළිම වහන්සේට සමාන ලක්ෂණ මෙහි ඇත...

    පරාග් ඓතිහාසික යුගයට අයත් චිතරේට විශාලතම ගල්ලෙන තුල දැකගත හැකිය... ලෝකයේ හා ලංකාවේ ඉතාමත් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දුර්ලභ සිතුවම් වසර 4000ක් පමණ පැරණි විය යුතු යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දක්වා ඇත... ශාක පතරක් යුෂ, පාට ගල් වර්ග, අල, අඟුරු, සත්ව ලේ මිශර කර සාදාගත් සායම් වලින් මෙම නිර්මාණ කර ඇති බවට විශ්වාස කරයි... සතුන්, ඉර හඳ, තාරකා දුනු ඊතල මෙම චිතරත් අතර වෙයි.


    Credit goes to (Aape Urumee.අපේ උරැමේ)

    Repostනම් සොරි..........:sorry::sorry:
    හොඳනම් සලකල යන්න.........:):):yes:
     
    • Like
    Reactions: චගු

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බොහෝම ස්තූතියි මචන්. තව පිංතුර ටිකකුත් දැම්මනම් ගොඩා වටිනවා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    good post.


    elazz ...

    බොහෝම ස්තූතියි මචන්. තව පිංතුර ටිකකුත් දැම්මනම් ගොඩා වටිනවා
    more pictures :)



    rep denna belu machoo

    බොහෝම ස්තූතියි............:):):)