තන්හාව දුරුකිරීම සැපතක්ද?

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    තන්හාව දුරුකිරීම සැපතක්ද?

    තන්හාව දුරුකිරීම සැපතක් වෙන්නෙ කොහොමද බන්?සිරාවටම මේක මට ගැටලුවක්.
     
    • Like
    Reactions: Hasantha125

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    avatar476738_4.gif
    wena gatalu nadda umbata :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ,අල්ලගත්තු තරමට දුකයි,අතැරිය තරමට සැපයි.ඒ කියන්නේ තන්හාව යනු දෙයක් දැඩිව රඳවා ගැනීමයි.අපි හිතමු ආසම ඇඳුමක් කියලා.ආසාව වැඩි නිසා තන්හාවක් ඇතිවෙනවා ඒක ගැන.එතකොට ඒ ඇඳුම කවුරුහරි හොරකන් කරයි කියලා හරි ඒ ඇඳුම නැතිවෙයි කියලා බයයි.ඉතින් හරියට පරිස්සන් කරනවා.බැරිවෙලා හරි හානියක් වුනොත් දුකයි,ඒ හානිය කාගෙ හරි අතින් වුනානන් ඒ කෙනාට වෛර කරනවා,රණ්ඩු වෙනවා.රණ්ඩුවල ,වෛරයේ අවසානය දුකක්.ඉතින් තන්හාව නැහැයි කියන්නේ දුකත් නැහැයි කියන එකයි.අන්න ඒ වගේ හේතු තමයි පිලිතුර වෙන්නේ.(මම ඔය පෙන්වල දුන්නේ සුලු උදාහරණයක් විතරයී):yes:
     
    Last edited:
    • Like
    Reactions: Astromaze

    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    තන්හාව කියන්නේ යමකට අසා කිරීම. දැන් මේ අසා කිරීම නිසා අපි ඒක ගැන හිතන්න පෙළඹෙනවා. ඊළගට අපි අසා කරන දේට හානි වෙයි, ඒක නැතිවෙයි කියලා හිතෙනවා.
    ඉතිං මේ වගේ බැදීම නිසා සසර දික්වෙනවා. මැරුණම පස්සෙත් එක එක දේට තණ්හාවෙන් සුගතියට නොයා ප්‍රේත ආත්ම වල ඉන්නා උදවිය ගැන බෞද්ධ පොතපතෙහි සදහන් වන්නේ.

    අනික තමයි නිවන් අවබෝධ කරගැනීම, සසර ගමන කෙටි කරගන්නත් ඕනෑවට වඩා අසා වෙන්න හොද නෑ. එතකොට එකත් බාදාවක් වෙනවා නිවන කරා ගමන් කරන්න.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බෞද්ධාගමේ කියන්නේ මෙහෙමයි
    "තණ්හාය ජායතී ශෝකෝ - තණ්හාය ජායතී භයං"

    ඒ කියන්නේ තණ්හාව නිසා ශෝඛය උපදින්නේය, තණ්හාව නිසා භය උපදින්නේය.
    ඒ වගේම තණ්හාව නිසා වෙන දේවල් පවා උපදින්න පුලුවන්. මේ ප්‍රකාශයෙන් එහෙම නැහැයි කියන්නේ නෑ.
    උදාහරණයකට සතුට උදාහරණයකට Antic බඩු එකතුතණ්හාවෙන් එකතු කරගන්න කෙනෙක් තමන්ගේ වස්තුව දිහා දැකලා සතුටු වෙන්න පුලුවන් එතකොට ඒක තණ්හාව නිසා සතුට ඇති කරගත්ත අවස්තාවක් වෙනවා ඒක නිසා තණ්හාව නිසා සතුට උපදින්නත් පුලුවන්. නමුත් සතුට කියන්නේ අපි කැමති දෙයක් නමුත් අපි හෝ කවුරු වුනත් දුකට කැමති නෑ ඉතින් දුක නැති කරගන්න ඕනේ නම් තණ්හාව නැතිකරගත යුතුමයි. නමුත් තණ්හාව නැති කළ පමණින් දුක නැති වෙන්නේ නෑ මොකද දුක උපදින හේතු තවත් තියෙන්න පුලුවන් උදාහරණයකට වෛරය, ඊර්ෂියාව, මානසික ලෙඩ රෝග, කායික ලෙඩ රෝග ඒවානුත් දුක උපදිනවා. එතකොට දුක නැති කරගන්න ඕනේ නම් මේ සියල්ලම නැති කරගන්න ඕනේ.නමුත් තණ්හාව නැති කර ගැනීමෙන් යම් සහනයක් ලභාගන්න පුලුවන් මොකද එතකොට තණ්හාව නිසා දුකක් ඇති නොවන නිසා.
    තණ්හාව නැති වුනාම තණ්හාවෙන් උපදින සතුටත් නැති වෙනවා. නමුත් සතුට උපදින වෙන ක්‍රම තියෙන්න පුලුවන් ඒවා නැති වෙන්නේ නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    උදාහරණය කොල්ලෙක් කෙල්ලෙක්ව සෙට් කර ගන්න යනවා.

    කෙල්ලව දැකලා තන්හාවක් ඇති වෙනවා, ඊට පස්සේ විනිශ්වය කරනවා (මෙයා අරයට වැඩිය හොදයි, මෙයාගේ මේවා හොදයි :P ) ඊට පස්සේ ඡන්දරාගයෙන් බැදෙනවා. ඒ කියන්නේ, කැමැත්තෙන් ඇලෙනවා/බැදෙනවා. ඊට පස්සේ ඒක පරිහරනය කරන්න ගන්නවා. ඊට පස්සේ බයක්, ඊර්ශාවක් ඇතිවෙනවා වෙන අය මේක පරිහරනය කරන්න ගනීද කියලා, ඊට පස්සේ ආරක්ශා කරන්න ගන්නවා. අරක්ශා කරන්න නිකන් බෑ, දඩු අතට ගන්නවා පොලු අතට ගන්නවා, කති, පිහි, තුවක්කු වගේ ඕන දෙයක් ගන්නවා. ඒව අරගෙන නොයෙකුත් අකුසල කර්ම කරනවා. කොරල ඉතින් අපයෙ පැහෙනවා.

    අපයෙ පැහෙද්දි අපිට සැපක් නැහැ, දුකක් තියෙන්නෙ. අන්න ඒ දුක දැකල තම්යි බුදු හාමුදුරුවො. තන්හාව දුකට හේතුවයි කියල කිව්වේ

    වැඩි විස්තර තන්හාමූලික සූත්‍රයේ ඇති
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තන්හාව දුරුකිරීම සැපතක් වෙන්නෙ කොහොමද බන්?සිරාවටම මේක මට ගැටලුවක්.


    තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදියි


    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
    හිටපු කථිකාචාර්ය
    ගන්තුනේ අස්සජි හිමි

    බුදුදහමෙහි ‘සාමුක්කංසික දේශනා’ නමින් හැඳින්වෙන චතුරාර්ය සත්‍යයට ඇතුළත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කෙරෙන්නේ ජාති, ජරා, ව්‍යාධි,මරණ ආදි විවිධ දුක්වලට සත්ත්වයා ගොදුරු වන්නේ කුමක් හේතු කොටගෙනද යන්නයි. බුදුදහම අනුව දුක නැවැත ඇතිවන්නේ කිසි හේතුවක් නැතිව ඉබේම නොවේ. එම දුක කිසියම් සර්ව බලධාරි දෙවි කෙනෙකු විසින් ඇති කරනු ලබන්නක්ද නොවේ. දුක වශයෙන් හැඳීන්වෙන උපාදානස්කන්ධ තුළම දුක ඇතිවීමේ සැබෑ හේතුවද ඇතුළත්ව තිබේ. එය හැඳින්වෙන්නේ ‘තණ්හා’ නමින්ය. කඳින් පැළවෙන ගසක මුලට හානියක් වී නැත්නම් එම ගස කපා දැමුවත් නැවැත ලියලයි. එමෙන්ම තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයයි’ බුදුරාජණන් වහන්සේ දේශනා කර ඇත.
    ශරීරය අබල දුබල වීම අතපය වාරු නැති වීම, ගිලන්වීම ආදි දුක් කරදරවලට අප භාජනය වන්නේ ජාතිය හෙවත් ඉපදීම නිසාය. නැවැත නැවැත ඉපදීමක් නැත්නම් නැවත නැවැත ජරා මරණ ආදි දුක්වලට පත් නොවේ. නැවැත නැවැත උපදින්නේ තණ්හාව නිසාය. එබැවින් එය පෝනෝභවික තණ්හා නමින් දැක්වෙයි. පුනර්භවයට හෙවත් සසර නැවැත නැවත ඉපදීම සිදුවීමට මූලික වන බැවින්ද මෙලොවදීම විවිධ දුක් කරදර හිරිහැරවලට හේතුවන බැවින්ද තණ්හාව දුක් ඉපදවීමේ සැබෑ හේතුව ලෙස බුදුදහමෙහි ඉගැන්වේ.
    z_p07-thanha.jpg

    පුද්ගලයා තුළ විවිධ ස්වරූපයෙන් තණ්හාව ඇති වෙයි.රූපාදිය ඇසුරෙන් ඇස ආදි ඉඳුරන් පිනවීමේ ආශාව වශයෙන් පහළවීම එක් ස්වරූපකි. රූප ශබ්ද ආදියට කාමවස්තුයැයි කියනු ලැබේ. කාමය නම් රාගය හෙවත් ඇලීමයි. ඒ ඇලීම වන්නේ රූප ශබ්ද ආදි අරමුණුවල නිසාය. ඒවා කාම වස්තු ලෙස හැඳින්වෙන්නේ ඇසට හමුවන රූප පදනම් කරගෙන ලැබෙන ආශ්වාදය නිසා අපි ඒවාට ආශා කරමු. නැවැත නැවැත එබඳු රූප දැකීමට, ලබා ගැනීමට කැමැති වෙමු. එය රූප තණ්හාවයි. කනට ඇසෙන ශබ්දවලින් ලැබෙන සතුට නිසා යළි යළිත් එබඳු ශබ්ද ඇසීමට ආශා කරමු. එය ශබ්ද තණ්හාවයි .එසේම නාසයට ගන්ධයත්, දිවට රසයත් ශරීරයට ස්පර්ශයත් ලැබෙන විට දැනෙන ආස්වාදය නිසා ඒවා නැවැත නැවැතත් ලබා ගැනීමට ආශාව ඇතිවේ. ඒවා පිළිවෙළින් හැඳින්වෙන්නේ ගන්ධ, තණ්හා රස තණ්හා සහ පොට්ඨබ්බ තණ්හා කියායි. ඇස කන ආදි ඉන්ද්‍රියයන්ට ගොදුරු නොවන සිතට පමණක් ගොදුරු වන අරමුණු ධම්ම නමින් හැඳින්වෙයි. අප පිළිගත් යම් යම් දෘෂ්ටි ආදියද ඊට ඇතුළත් වෙයි. ඒවාට ආශා කිරීම ධම්ම තණ්හාවයි. රූප ශබ්ද ආදි සියලු අරමුණුවලින් ලැබෙන ආස්වාදය නිසා ඒවා යළි යළිත් ලබා ගැනීමට ආශාව ඇතිවෙයි. එසේ ඒ කැමැති අරමුණු ලබා ගැනීමට ඇති අශාව හෙවත් කාමයට ඇති ආශාව කාම තණ්හාවයි.
    කාමයන්ගෙන් තෘප්තිය මෙලොව ජීවත්වන කාලය තුළ පමණක් නොව භවගාමීව නැවැත නැවැත ඉපදෙමින් සදාකාලිකව ලැබීමට ආශාව ඇති වෙයි. එය තණ්හාව පහළවීමේ තවත් ස්වරූපයකි. එසේ පහළවන තණ්හාව හඳුන්වා තිබෙන්නේ භව තණ්හා යනුවෙන්ය. ශාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූ තෘෂ්ණාව ලෙස හැඳින්වෙන්නේ මෙම භව තණ්හාවයි.
    පරලොවක් පිළිබඳ විශ්වාස නොකරන නැවැත නැවැත ඉපදෙමින් මැරෙමින් ඇදී යන සාංසාරික ජීවිතයක් ඇතැයි නොපිළිගන්නා අය තුළ වෙනත් ස්වරූපයකට තණ්හාව ඇති වෙයි. එවැන්නන්ගේ පිළිගැනීම මෙම ජීවිතය මරණයෙන් කෙළවර වූ පසු නැවැත ඉපදීමක් නැති බවයි. එම නිසා ඔවුන්ට ආශාව ඇතිවන්නේ මරණය පැමිණෙන තුරු හැකිතාක් කාම වස්තුන්ගෙන් ආස්වාදය ලබා ගැනීමටයි. ඉන්ද්‍රියයන් පිනවීමටයි. නැවැත භවයක් පිළිබඳ බලාපොරෙත්තු නොතබා මේ ජීවිතයේ වඩ වඩා කම්සැප සෙවීමට ඇති එම ආශාව හැදින්වෙන්නේ විභව තණ්හා නමිනි. උච්ඡෙද දෘෂ්ටියෙන් මිශ්‍ර වූ තණ්හාව ලෙසද මෙය හැඳීන්වේ.
    ඉහත සඳහන් කාම, භව, විභව යන තුන් වැදෑරුම් තෘෂ්ණාවම ඇතිවන්නේ රූප ආදී කාම වස්තුන්ගෙන් ලැබෙන ආස්වාදය පදනම් කරගෙනය. නැවැත ඉපදීම ගැන හෝ නවැත නො ඉපදීම ගැන හෝ නොසිතා රූපවලින් ලැබෙන ආස්වාදයට යළි යළිත් ආශා කිරීම රූපය පිළිබඳ කාම තණ්හාවයි. රූපයෙන් ලැබෙන ආස්වාදය නැවැත නැවැත ඉපදෙමින් ලැබීමට ඇතිවන ආශාව රූපය පිළිබඳ භව තණ්හාවයි. නැවැත උපතක් නැත. එබැවින් මැරෙන තුරු රූපවලින් ආස්වාදය ලැබිය යුතුයයි ඇති වන ආශාව රූපය පිළිබඳ විභව තණ්හාවයි. මේ ආකාරයටම ශබ්දය රසය ආදි කාම වස්තුන් පිළිබඳවද, තණ්හාව ඇති වෙයි. තෘෂ්ණාව විවිධ ස්වරූපයෙන් හට ගන්නා ආකාරය මේ අනුව තේරුම් ගත හැකිය.
    කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදයට ඇති කැමැත්ත නිසා ඒවා තමා සතු කර ගැනීමට පුද්ගලයා උත්සාහ කරයි. ආස්වාදය නොලැබෙන දේ බැහැර කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා හොඳ දේ මෙන්ම නරක දේ ද කරයි. ආස්වාදය ලබාදෙන අරමුණු ලබා ගැනීමට හා රැක ගැනීමට බාධක පැමිණෙන විට නරක දේ කිරීමට යොමුවෙයි. එයින් පව් රැස් කර ගනී. යහපත් දෙයක් පවා කරන්නේ වඩ වඩා කාමාස්වාදය ලැබීමේ ආශාවෙන් නම් එබඳු අයට සසරින් මිඳීමක් නැත. තෘෂ්ණාව නැවැත නැවැත දුක උපදවන හේතුව ලෙස දැක්වෙන්නේ එබැවිනි.
    තණ්හාව නිසා වර්තමාන ජීවිත කාලය තුළදීම අපි විවිධ දුක් කරදර හිරිහැරවලට භාජන වෙමු. අප දැඩි ලෙස ඇලුම් කරන දෙයක් හදිසියේ විනාශ වුවහොත් හෝ පැහැර ගනු ලැබුවහොත් හෝ අපි බලවත් දුකට කම්පාවට පත්වෙමු. එහි පි‍්‍රය විප්‍රයෝග දුක මෙන්ම සෝක දුකද ඇතුළත් වෙයි.
    විනාශ වූ හෝ පැහැරගනු ලැබූ හෝ වස්තුව කෙරෙහි කිසිම බැඳීමක් නොවූ තැනැත්තෙකුට එම වස්තු විනාශය නිසා කිසිදු දුකක් වේදනාවක් ඇති නොවෙයි. එකම වස්තුව විනාශ වු විට අයකුට දුකක් ඇතිවීමටත් අයකුට දුකක් නැති වීමටත් හේතු වූයේ කුමක්ද? පළමු තැනැත්තා තුළ අදාළ වස්තුව කෙරෙහි ආසාවක් පැවැතිණි. ඒ නිසා ඔහුට දුකක් වේදනාවක් ඇතිවිණි. එම වස්තුව පිළිබඳ ආශාවක් නොවුණු නිසා දෙවැන්නාට දුකක් වේදනාවක් ඇති නොවිණි. තෘෂ්ණාව නිසා පුද්ගලයා දුක්වලට ගොදුරුවන ආකාරය එයින් පැහැදිලි කරගත හැකිය. මේ ජීවිත කාලය තුළදිත් සාංසාරිකවත් අප දුකට භාජනය වන්නේ තණ්හාව නිසා නම් දුකින් මිඳීම සඳහා අප කළ යුතු වන්නේ තෘෂ්ණාව අනුක්‍රමයෙන් තුනීකර සම්පූර්ණයෙන් ප්‍රහීණ කරන වැඩ පිළිවෙළකට ධෛර්යයෙන් සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තව බැස ගැනීමයි. තණ්හාව පහාතබ්බ ධර්මතාවක් ලෙස දැක්වෙන්නේ එබැවිනි.

     
    • Like
    Reactions: Astromaze

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මේකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ,අල්ලගත්තු තරමට දුකයි,අතැරිය තරමට සැපයි.ඒ කියන්නේ තන්හාව යනු දෙයක් දැඩිව රඳවා ගැනීමයි.අපි හිතමු ආසම ඇඳුමක් කියලා.ආසාව වැඩි නිසා තන්හාවක් ඇතිවෙනවා ඒක ගැන.එතකොට ඒ ඇඳුම කවුරුහරි හොරකන් කරයි කියලා හරි ඒ ඇඳුම නැතිවෙයි කියලා බයයි.ඉතින් හරියට පරිස්සන් කරනවා.බැරිවෙලා හරි හානියක් වුනොත් දුකයි,ඒ හානිය කාගෙ හරි අතින් වුනානන් ඒ කෙනාට වෛර කරනවා,රණ්ඩු වෙනවා.රණ්ඩුවල ,වෛරයේ අවසානය දුකක්.ඉතින් තන්හාව නැහැයි කියන්නේ දුකත් නැහැයි කියන එකයි.අන්න ඒ වගේ හේතු තමයි පිලිතුර වෙන්නේ.(මම ඔය පෙන්වල දුන්නේ සුලු උදාහරණයක් විතරයී):yes:

    thankz ashmi for ur great expalanation :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ,අල්ලගත්තු තරමට දුකයි,අතැරිය තරමට සැපයි.ඒ කියන්නේ තන්හාව යනු දෙයක් දැඩිව රඳවා ගැනීමයි.අපි හිතමු ආසම ඇඳුමක් කියලා.ආසාව වැඩි නිසා තන්හාවක් ඇතිවෙනවා ඒක ගැන.එතකොට ඒ ඇඳුම කවුරුහරි හොරකන් කරයි කියලා හරි ඒ ඇඳුම නැතිවෙයි කියලා බයයි.ඉතින් හරියට පරිස්සන් කරනවා.බැරිවෙලා හරි හානියක් වුනොත් දුකයි,ඒ හානිය කාගෙ හරි අතින් වුනානන් ඒ කෙනාට වෛර කරනවා,රණ්ඩු වෙනවා.රණ්ඩුවල ,වෛරයේ අවසානය දුකක්.ඉතින් තන්හාව නැහැයි කියන්නේ දුකත් නැහැයි කියන එකයි.අන්න ඒ වගේ හේතු තමයි පිලිතුර වෙන්නේ.(මම ඔය පෙන්වල දුන්නේ සුලු උදාහරණයක් විතරයී):yes:

    aththa kathawa..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    තන්හාව දුරුකිරීම සැපතක් වෙන්නෙ කොහොමද බන්?සිරාවටම මේක මට ගැටලුවක්.
    ------------Mama mea thread eka three hours ago dakala nawatha uvamanavenma soya gattha. Oba mea question eka asimen buddhimath kenek bava penava. Namuth thread eke samahara aya deela thiyena answers piliganna baha. Mama meka pahadili karannam . Oba eya obage nuwanin vimasa hari nam piliganna.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama example ekakin patan gannam. [1] Rahathun wahanse kenekuta sex feelings enne naha. [ 2] Api athara sitina samahara Rogi ayatath sex feelings enne naha. Aya manasika or kaika rogayak venna puluwan. --------Dan mea Rahathun wahanseta sex feelings naha. Rogi ayatath sex feelings naha. Rahathun wahanse Rogiyata samanadha ???????? answer--- Samana nowe.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ------- Rahathun wahanse manasa magin sex OVERCOME [ABIBAVA] kara athi athara Rogiya ge sex DESTROY [VINASA] vee atha. Overcome and Destroy deke venasa haduna ganna.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Another example, kenek grade 8 wala sitinawa yai sithanna. Grade 8 wala GRADE 9 NATHA. Dan grade 10 wala sitinawai sithanna. Athakotath GRADE 9 NATHA. Grade 8 waladi Grade 9 DESTROY vee athi athara Grade 10 waladi grade 9 OVERCOME kara atha. DESTROY and OVERCOME deke venasa haduna ganna. NIRVANAYA CONNECT VENNE OVERCOME HARAHAYA. [NOT DESTROY]
     
    • Like
    Reactions: ela

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Another example-----Take a mountain as a example. You can take a Bulldozer and DESTROY the mountain. THEN THERE IS NO MOUNTAIN .You have destroyed the mountain. But if you can without destroying the mountain, then climb up to top of the mountain, NOW ALSO THERE IS NO MOUNTAIN. Now you have OVERCOME the mountain[same to Nirvanaya][Top of the mountain]
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nirvanaya is after OVERCOMING desires. But Nirvanaya is not after DESTROYING desires.
     
    Last edited: