තන් දෙක එළියේ දමා ගෙන ආ අළුත් අගවිනිසුරු
හිටපු ජනාධිපති චන්ද්‍රිකා වරක් පකිස්තානයේ නිල සංචාරයකට ගොස් ලද විවේකයේ දී සාප්පු සවාරි ගොස් තිබුනේ ජීන්ස් වර්ගයේ කලිසමකින් සැරසීගෙනය. එය ඒ දිනවල ලංකාදීපයේ දෙවැනි පිටුවේ කුඩාවට පළ කර තිබුණි. තේ විවේකයේ දී කාර්යාලයේ වැඩිහිටියකු සමග ඇදුම් සම්බන්ධ චන්ද්‍රිකාගේ ලිබරල් ආකල්පය ගැන ප්‍රශංසා කරමින් කතා කළ විට හේ ඊට බැන වැදුනේ එමගින් රටේ ජනාධිපති තනතුර හෑල්ලු වන බව කියමිනි. චන්ද්‍රිකා මිනී මරන විට, පීඩිතයන් මර්දනය කරන විට, නීතිය කඩ කරන විට ජනාධිපති ධූරය හෑල්ලුවීමක් ගැන වගේ වගක් නැති මිනිස්සු ඇගේ ඇදුම ගැන එතරම් උනන්දු වූයේ සිංහල බෞද්ධ ග්‍රාම්‍ය බයියන්ට උරුම කුහකම නිසා යැයි මම සිතුවෙමි. අදත් සිතමි.
රූකාන්ත වරක් උසාවි ගිය අවස්ථාවක මෙන්ම හිරුනිකා මේ ළග දී උසාවි ගිය අවස්ථාවක ද ඇදුම ගැන සදහන් කරමින් අවවාද කිරීමට විනිසුරන් උනන්දු වී තිබුණි. එහෙත් රටේ මූලික නීතිය වූ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙද්දී එය නොතකා හැරීමත් ඇදුම නිසා කෙනෙකු උසාවියෙන් අවවාද ලැබීමත් මට තේරුම් ගත නොහැක.
මේ තත්ත්වය තුළ වැඩබලන අගවිනිසුරු ධූරයේ දිවුරන ශිරාණි තිලකවර්ධන බටහිර පන්නයේ ඇදුමක් ඇදීමත් එය ඉවසීමට ජනාධිපතිවරයාට හා ජනාධිපති ලේකම්වරයාට හැකිවීමත් ප්රශස්ත ය. එසේම ඇදුම පිළිබද ලිබරල් ආකල්පයකින් කටයුතු කරන මේ තුන් දෙනාගේ විප්ලවීය හැසිරීම ඇගයීමට ඔවුන්ගේ දේශපාලන හැසිරීම බාධාවක් වන්නේ ද නැත.