තනිකඩ ද ජාතික සභාවට ද...?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබේ චන්ද 3නම සැමට එක ලෙස සලකන...සැමට එක නීතියක් යන තේමාවට ගරුකරන සමරිසි පක්ෂයට ලබා දෙන්න
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    තනිකඩ ද ජාතික සභාවට ද...?

    නොඉදුල් චන්ද 03 ක් මා සතුයි... කාට ද...? :confused:

    ඔබේ තුන අපි සාදරයෙන් පිළිගන්නවා...

    xwn0Ayl.png

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සහෘද්ධයෙකුගේ විජයග්‍රාහී ආමන්ත්‍රණය




    මා හිතවත් එළකිරි වාසී සහෝදර සහෝදරියෙනි,

    මෙවර එළකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් "එළකිරි ජාතික සභාව යටතේ " SHEHAN_GIWANTHA වන මා ඉදිරිපත් වන බව සඳහන් කිරීමට කැමැත්තෙමි..


    වර්තමානය වන විට එළකිරිය පත්ව ඇති තත්ත්වය පිලිබඳ අදහසක් ගැනීමට වත්මන් එළකිරිය හා මීට වසර කිහිපයකට පෙර පවතී එලකිරිය සංසන්දනය කිරීම පමණක් සෑහෙන්නේ යැයි පැවසීම
    අතිශයෝක්තියක් නොවේ...වර්තමානය වන විට එළකිරියේ ගුණාත්මකභාවය විශාල වශයෙන් පහල ගොස් ඇති බව ඕනෑම එළකිරිවාසියෙකු හොඳින් දන්නා කරුණකි..එබැවින් එම පැරණි එළකිරිය නැවත අලුත් ආරකින් අනාගතය උදෙසා හැඩගැස්වීමට නායකත්වය දීමට"එළකිරි ජාතික සභාව යටතේ"මම ඉදිරිපත් වීමට තීරණය කලෙමි...එළකිරියේ ගුණාත්මක බව ඉහල නංවා ගනිමින් වඩාත් ක්‍රියාකාරී එළකිරියක් අනාගතයට දායක කිරීම උදෙසා අප සතුව ක්‍රමවත් වූ වැඩපිළිවෙලක් ඇති බව සඳහන් කිරීමට කැමැත්තෙමි...


    අප ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩපිළිවෙල මෙසේ එළිදක්වමි..



    සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම හා කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම.

    මෙමඟින් අපේක්ෂා කරනුයේ එළකිරියේ ජ්‍යෙෂ්ඨ -කනිෂ්ඨ භේදයකින් තොරව සෑම සාමාජිකයින්ගේම අදහස්වලට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ව එළකිරියේ වටිනා කම ඔප්නංවා ගැනීමට යොදා ගැනීමයි...


    මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්‍රෙඩ්වලට ලබා දෙන ප්‍රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම.


    මෙමඟින් අප අපේක්ෂා කරනුයේ වැදගත් ත්‍රෙඩ්වලට එළකිරිය තුල වැඩි අවස්ථාව ලබා දීමයි.වර්තමානය වන විට එළකිරිය තුලට පිවිසෙන විට බොහෝ අනවශ්‍ය ත්‍රෙඩ් වලින් පිරී පවතින බව දැකිය හැකිය..මේ නිසා වැදගත් ත්‍රෙඩ් වලට එළකිරිය තුල අහිමි වී යන අවස්ථාව ලබා දීමට කටයුතු කරන්නෙමු...

    :cool:සෑම සතියක් පාසාම එළකිරිවාසීන් විසින් පල කරන ලද ත්‍රෙඩ් අතරින් හොදම ත්‍රෙඩ් එක තෝරා ෆොරමයෙහි සාමාජිකයාගේ නම සමඟ මුල් පිටුවට එය පල කිරීමට කටයුතු කරන්නෙමු..
    (මේ සඳහා ගරු ඇඩ්මින්තුමාගේ සහය ගැනීමට බලාපොරොත්තු වෙමු...)

    වර්තමානය තුල එළකිරි ෆෝරමය තුල ගුණාත්මක ත්‍රෙඩ් පලවීම ඉතා අඩු මට්ටමකට පත් වී ඇත...එවැනි ත්‍රෙඩ් පළවුවද ඒවා සීමිත සාමාජිකයින් පිරිසක් විසින් පල කරන ඒවාය..
    ඉහත දැක්වූ ක්‍රියාමාර්ගය මගින් අප අපේක්ෂා කරනුයේ ගුණාත්මක වූත් වැදගත් වූත් ත්‍රෙඩ් එළකිරියට එක් කිරීම පිණිස එලකිරිවාසීන් දිරි ගැන්වීමයි...එමෙන්ම එවැනි ත්‍රෙඩ් වලට අපගේ උපරිම සහය දැක්වීමට අපි කටයුතු කරන්නෙමු...

    :cool:එළකිරිය තුල පලවන කාන්තාවන්ගෙ පුද්ගලික ඡායාරූප , අසභ්‍ය රූප, දුරකතන අංක ආදිය හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු යෙදීම.

    මෙවැනි දෑ පළකිරීම එළකිරියට අවමානයක් වන අතරම මේ තුලින් එළකිරිය පිලිබඳ වැරදි චිත්‍රයක් එළකිරියට පිවිසෙන ආගන්තුකයින්ට මෙන්ම නව සාමාජිකයින්ට ලැබේ...එබැවින් ඔවුන්ද එම රැල්ලට අසු වන නිසා එම තත්වය තවත්තීව්‍ර වේ...එවැනි පලකිරීම් වලට එරෙහිව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.....මෙහිදී ඉක්මනින් අපි Admin හා Moderator හරහා ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු...


    බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම.

    මෙමඟින් අපේක්ෂා කරනුයේ සියලු එළකිරිවාසීන්ට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පවතින ගැටළු,අදහස් හා යෝජනා ආදියට අවස්ථාව ලබා දෙමින් ඔවුන් තුල එම එක් එක් අංශය පිලිබඳ කතිකාවක් ගොඩ නැගීමයි. ඒ සඳහා සුදුසු වූ ජේෂ්ඨ සාමාජිකයින් අප හා අත්වැල් බැඳගෙන ඇති බව පවසන්නේ සතුටිනි..


    :cool:පෙර පැවතුන ආකාරට විනෝද සංචාර මෙන්ම සුහද හමුවීම් සංවිධානය කිරීම

    මීට වසර කිහිපයකට පෙර එළකිරිය තුල ඉතා හොඳ මිත්‍ර සමාගමක් ගොඩ නැගී තිබුණු බැව් අප හොදින් දන්නා කරුණකි...එම කාලය තුල විවිධ විනෝද සංචාර මෙන්ම සුහද හමුවීම් පැවති බව
    පැරණි සාමාජිකයින්ට මතකයක් ඇතැයි සිතමි..අප අපේක්ෂාවක් වනුයේ මෙවැනි එළකිරිවාසීන්ගේ සුහදතාව වර්ධනය කරන විනෝද සංචාර මෙන්ම සුහද හමුවීම් නැවත සංවිධානය කිරීමයි...එමඟින් පැරණි එලකිරිය තුල තිබූ අයුරින් සුහදතාව වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමු.....

    :cool:නව පරපුර බෙහෙවින් උනන්දු ව්‍යාපාරකරණය පිලිබඳ තොරතුරු හා සම්පත් ලබාගැනීමට ගෲප් එකක් නිර්මාණය කිරීම

    එළකිරි ෆෝරමය තුල සාමාජිකත්වය ගෙන කටයුතු කරන බහුතරය තරුණ පරම්පරාව බව නොරහසකි....එබැවින් ව්‍යපාරකරණය පිලිබඳ උනන්දුවක් ඇති නව පරපුර හට ඒ සඳහා සහාය දැක්වීම පිණිස අප සාමාජික සමූහයක් ගොඩනැගීමට අපේක්ෂා කරන අතර ඔවුන්ගේ ගැටළු,අදහස් ආදිය ඒ තුලින් සාකච්ඡාවට ලක් කිරීම අපේ අරමුණයි...එමෙන්ම එළකිරි සාමාජිකයින් ව්‍යාපාරකරණය පිලිබඳ උනන්දු කරවීමටද අපේක්ෂා කරමු.
    මේ පිළිබඳව දැනුමක් ඇති ජ්‍යෙයිෂ්ට සාමාජිකයින් රැසක් අප හා එක්වී කටුයුතු කරන බව සඳහන් කරනු කැමැත්තෙමු...

    :cool:එළකිරි හෙල්ප් අංශයට අපේගේ නියෝජිතයින් පත්කර එහි පලවන ත්‍රෙඩ් සඳහා ඉක්මනින් සහය දැක්වීමට කටයුතු කිරීම


    විදෙස් රටවල ජීවත්වෙන එලකිරිවාසීන් වෙනුවෙන් විදෙස් මිතුරු හවුලක් ආරම්භ කිරීම.

    එලකිරිවාසීන් සමහරෙක් විදේශ ගත වී සිටිති...ඔවුන් වෙනුවෙන් මිතුරු හවුලක් ආරම්භ කිරීම අපගේ අරමුණු අතරින් එකකි....ඔවුන්ගේ අදහස්,උදහස් මෙන්ම විදේශ ගතවීමට බලාපොරොත්තු වන
    එලකිරිවාසීන්ගේද දැනුවත්වීම්,ප්‍රශ්න ආදියට අවස්තාවක් විවර කර දීම අපේ බලාපොරොත්තුවක් වන අතර ඒ සඳහා විදේශගත වී සිටින එළකිරි සාමාජිකයින්ගේ සහය ලබා ගැනීමට අප අපේක්ෂා කරමු...


    :cool:අන්තර්ජාලයේ පවතින මුදල් ගෙවා ඇතුලත් වියයුතු විවිධ පාඨමාලා නොමිලේ එලකිරි වාසින් අතර බෙදාගැනීම

    වර්තමානය වන විට මාර්ග ගත පාඨමාලාවලට බොහෝ අය යොමු වී සිටිති...එවන් පාඨමාලා එලකිරිවාසීන්ගේ සුභසිද්ධිය පිණිස හුවමාරු කර ගැනීමට අප අපේක්ෂා කරමු...එලකිරිය තුල සිටින සාමාජිකයින් සම්බන්ධ කර ගනිමින් මෙම කටයුත්ත සිදු කිරීම අපේ අරමුණකි....


    එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.


    එළකිරිය වටිනා ස්ථානයක් කිරීමේ අරමුණ පෙරදැරිව අප පක්ෂය විසින් එලකිරිය වනසන රතු කොටු හිමියන් පිලිබඳ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරමු...
    ඒ අනුව එම රතු කොටු සාමාජිකයන්ට විරුද්ධව ඔවුන්ගේ හැසිරීම අනුව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත...
    අදාළ රතු කොටු සාමාජිකයින් තම කල්ක්‍රියාව වෙනස් නොකොට දිගටම කටයුතු කළහොත් සාමූහික ලෙස එකවී එළකිරියේ Admin හා Moderators හරහා ඔවුන්ව බෑන් කිරීමට කටයුතු කරන්නෙමු...


    රසවින්දනය වෙනුවෙන් එළකිරි ජාතික පක්ෂයේ වැඩපිළිවෙල

    :cool:මීට අමතරව එලකිරිය තුල රසවින්දනය ඔප් නැංවීම උදෙසාද අප පක්ෂය කටයුතු කරන්නෙමු... විදේශ රටවල ටොරන්ට් සයිට්ස් වැඩි ප්‍රමානයක් අක්‍රීයව වී නිසා චිත්‍රපට, කතා හොයාගැනීමට අපහසු වී ඇති අතර ඒ සඳහා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගැනීම සහ නිරතුරුව අලුත් චිත්‍රපට,කතා ඇතුලත් කර යාවත්කාලීන කිරීම.

    :cool:සාහිත්‍ය,සංගීතය ආදී විවිධ රසවින්දනාත්මක ත්‍රෙඩ් වෙනුවෙන් එළකිරිවාසින් දිරි ගැන්වීම හා ඒ සඳහා සහය දැක්වීම...


    :cool:විස්කි බ්‍රැන්ඩි වොඩ්කා වයින් බියර් වැනි මත්පැන් ඉතිහාසය හා නොදත් කතා පිලිබඳ ත්‍රෙඩ් සීරියක් එකක් ආරම්භකිරීම...


    මෙමඟින් එළකිරිය තුල මත්පැන් පිලිබඳ කතිකාවක් සඳහා ඉඩ වෙන් කිරීමට අපේක්ෂා කරමු...නමුත් මෙය මත්පැන් පිලිබඳ කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් නොවන බව සැලකුව මනාය...
    මෙය ආරම්භ කිරීමට අපේක්ෂා කරනුයේ මත්පැන් පිලිබඳ අදහස්,තොරතුරු,ඉතිහාසය ආදිය පිළිබද සංවාදයක් පමණි....


    මෙවැනි ක්‍රියාමාර්ග තුලින් පැරණි එළකිරිය තුල වූ ගුණාත්මකභාවය රැක ගනිමින් එලකිරියට නැවුම් වූ වෙනසක් ගෙන ඒමට කටයුතු කරමි....

    මේ වැඩපිළිවෙල වෙනුවෙන් මා සතුව ශක්තියක් මෙන්ම හැකියාවක් පවතින බව මම තදින් විශ්වාස කරමි...

    මඩ ප්‍රචාරවලින් තොරව සිය ප්‍රචාරයන් ගෙන යාමට අපොහොසත්වන අන් පක්ෂ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවෙමි...

    මා හට ඔබගේ මනාපය ලබා දී තුලනාත්මක එලකිරියක් ගොඩ නැගීමට මා හට සහය වන මෙන් ඉල්ලා සිටිමු....


    ස්තුතියි!
    නායක,
    එළකිරි ජාතික සභාව



    picture.php


    :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    දෙකම හිතට අල්ලල තියෙන්නේ.... දෙකේම හොද සෙට් එකක් ඉන්නවා.... මක්කැයි කොරන්නේ....????​

    hitapu agamathi wipaksha nayakai dennama apita enawanan monada ban apita elakiriye karanna bari

    :yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    දෙකම හිතට අල්ලල තියෙන්නේ.... දෙකේම හොද සෙට් එකක් ඉන්නවා.... මක්කැයි කොරන්නේ....????​


    set eka gena hithanna epa, prathipaththi balanna