- තනිව සිටින විට හෘදයාබාධයක්‌ හැදුනොත් -

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    - තනිව සිටින විට හෘදයාබාධයක්‌ හැදුනොත් -

    තනිව සිටින විට හෘදයාබාධයක්‌ හැදුනොත් නොමැරී බේරෙන්නේ මෙහෙමයි..

    WxP1Z29.jpg


    හෘදයාබාධයක්‌ පැමිණෙන්නේ කිසිදු දැනුම්දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්ථාවක වුවත් මෙම තත්වය ඇතිවෙන්න පුලුවන්. එවැනි අවස්ථාවක නොමැරී බේරෙන්න නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා.
    හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස අඩුවී සිහිය නැතිවීමට පෙර තත්පර 10 ක පමණ කාලයක් ඔබට තිබෙනවා.

    එවැනි අවස්ථාවක තමාටම පිහිට වෙන්න පුළුවන් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහෙදී වඩාත් වැදගත් වන්නේ සිහිය නැතිකරගන්නේ නැතිව කලබල නොවී සිටීමයි. සිහිය නැතිකරගන්නේ නැතුව කලබල නොවී සිටීමට නම් ඔබ එහිදී කල යුතු වන්නේ පුළුවන් තරම් කහින්නට පටන් ගැනීමයි.

    කහින්නට පටන් ගන්නා සෑම අවස්ථාවකම ගැඹුරු හුස්මක් ගන්න. කහින විටදීද වඩාත් ගැඹුරින් සහ දිගටම කහින්න මතක තබාගන්න. පෙනහළු වල ඇති යමක පිටතට ගන්නට උත්සහ කරන ආකාරයෙන් කහින්න.

    සෑම තත්පර 2 වරක් ගැඹුරින් හුස්ම ගන්නට සහ කහින්නට මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු පැමිණෙන තුරු හෝ හෘදස්පන්දනය නැවත යතා තත්වයට පැමිණෙන තුරු නොනවත්වාම කහින්න.

    ගැඹුරු හුස්ම ගැනීමේදී පෙනහළු තුලට හොඳින් ඔක්සිජන් ගමන කරනවා වගේම කහින විට යම් තෙරපුමක් ලැබෙනවා.

    හදවතේ ක්‍රියාකාරීත්වය සහ රුධිර සංසරණය නිවැරදිව සිදු වීමට ඉන් ලොකු පිටුවහලක් ලැබෙනවා. එහිදී ලැබෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යෑම සඳහා උපකාරී වෙනවා.

    වෛද්‍යවරයා පැමිණෙන තුරු දිවි බේරාගැනීමට සහ සිදුවෙන අනතුරු අවම කරගැනීම සඳහා බාවිතා කරන්නට පුළුවන් ඉතාමත්ම සුවිශේෂී ක්‍රමවේදයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

    මෙමගින් තවත් කෙනෙකුගේ ජිවිතයක් බේරෙන්නට පුළුවන්.

    හෘදරෝග විශේෂඥ
    වෛද්‍යවරු සහතික කර පවසනවා යම් පුද්ගලයෙකු මෙම ක්‍රමවේදය පිළිබඳව 10 දෙනෙක් දැනුවත් කලොත් අඩුම තරමින් 1 ජිවිතයක් හෝ එයින් බේරාගැනීමට හැකියාව ලැබෙන බව.