තනි මිනිහෙකුගේ වීරත්වය....

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    තනි මිනිහෙකුගේ වීරත්වය....

    චණ්ඩි පාට් දාපු පොලිසියට උසාවියෙන් දඩ


    නීතිය හා සාමය රකින්න ඉන්න පොලීසියේ සමහරක් නිලධාරීන් නිසා මෑත කාලයේ පොලීසිය විවිධ ආකාරයේ විවේචනයට ලක්වුණා. ඇඹිලිපිටියේ සිදුවීම ඒකට තවත් උදාහරණයක්.

    2014- අප්‍රේල් 22 කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණයට පොලිසිය ප්‍රහාරයක් එල්ල කළා. පොලිසියේ මේ අමානුෂික ප්‍රහාරයට එදා ලක්වුණේ උද්ඝෝෂකයන් විතරක් නෙමෙයි.
    රස්සාවේ වැඩ ඉවරකරලා ගෙදර යන්න කෝච්චියට ගොඩවෙන්න ආපු සාමාන්‍ය වැසියන්ටත් පොලිසියේ හිත පිත් නැති බැටන් ප්‍රහාරයට ලක්වෙන්න එදා සිදුවුණා.
    එහෙම ගුටි කාපු කෙනෙක් තමයි දුමින්ද හපුආරච්චි කියන්නේ.
    පොලිසියේ බැටන් පොලු පහර වැදිලා ඔලුවෙන් ලේ පෙරාගෙන ඉන්න දුමින්ද, මාධ්‍ය කැමරාවකට අත දික් කරලා, “පොලිසියට පුලුවන්ද එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න?” කියලා අහපු හැටි අපි හැමෝටම මතකයි. එදා එහෙම ගුටි කාපු දුමින්දට නිකන් හිටියේ නෑ. තමන්ට නිකරුනේ ගහපු පොලිසියට විරුද්ධව උසාවි ගියා. ආණ්ඩුවේ ඕනෑකමට උද්ඝෝෂණයකට පහරදීමකදී තමන්ට නිකරුනේ පහරදීමට ආණ්ඩුමට්ටු කරන්න.
    අවරුදු දෙකක් බයනැතිව පොලිස් පහරදීමට එරෙහිව නඩු කියපු දුමින්දගේ නඩුවේ තීන්දුව අද ලැබුණ. නිතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසිය අතින්, නිතිය කඩවුණු අවස්තාවක, සාමාන්‍ය මහජනයාට සාධාරණය ඉටුවීම පිළිබඳව සුභවාදී බලාපොරොත්තු අපේ රටේ සමාජයට මුදාහරිමින්.
    කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 50,000ක වන්දියක් ගෙවන්න පොලිසියට සහ රජයට නියෝග කළා. ඒ වන්දිය වගේම නඩු ගාස්තු ගෙවනකම්, පැමිණිලිකරුට අය කරගන්නත් අවසර ලබාදුන්නා. ඇත්තටම දුමින්ද ඔයා වීරයෙක්. ආදර්ශමත් පුරවැසියෙක්.

    දුමින්දට පහරදුන් අවස්ථාවේ වීඩියෝව





    Source: http://colomboxnews.com/home/index.php/2014-08-09-14-27-35/item/828-%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B6%A9
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ai ban wandiya mechchara podi? aduma gaane laksha 10k wath denna one neda mewage oluwa paluwama? paharadeepu ayata mokada danna une?