අගමැති රාජපක්ෂ හා ආර්යාව තිරුපති වන්දනාවේ
12/23/2021 07:01:00 PMශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බ්‍රහස්පතින්දා (23) දින දෙකක වන්දනා චාරිකාවක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර න්ද්‍රා ප්‍රදේශ්හි තිරුපති කෝවිලේ නගරයට ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තිරුපති ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය මහ ඇමති කේ නාරායනස්වාමි සහ එම් හරිනාරායන ප්‍රමුඛ චිත්තූර් දිස්ත්‍රික් පරිපාලනයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.ෙ
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අද තිරුමාලට ළඟා වන අතර රාත්‍රිය කඳුකරයේ නතර වනු ඇත. සිය පවුලේ සාමාජිකයන් ද කැටුව මහින්ද රාජපක්ෂ සිකුරාදා උදෑසන තිරුමාලා කෝවිලේ යාඥා කරනු ඇත.
වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙකු වන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ දෙදින සංචාරය සඳහා තිරුමාලා තිරුපති දේවස්ථාන විසින් පුළුල් විධිවිධාන සලසා ඇතැයි ඉන්දීය මාධය වැඩිදුරටත් විස්තර කර තිබේ.
for his trip.
.