තනූජා නව නිවෙසට නාරද යුග දිවියට
තනූජා නව නිවෙසට නාරද යුග දිවියට
'රස රිසි ගී' වැඩසටහනින් බොහෝ දෙනා රස කළ නාරද - තනූජා තාමත් හොඳ යාළුවෝ.... දෙන්නගේ ජීවිතේ සුබ දේවල් සිද්ධ වෙන්නේත් එකටමද කියලා අපට හිතුණේ දෙන්නා ගැන සුබ ආරංචි දෙකක් එකවරම ලැබුණ නිසා....
පසුගිය සතියේ තනූජා තනි පංගලමේම තමන් හදාගත්තු කැදැල්ලට ගෙවැදුණා.... ඒ ලස්සන ගෙදර තියෙන්නේ බොල්ගොඩ ගඟ අසබඩ හරි ලස්සන තැනක කියලා තනූජා කියන්නේ හරි ආඩම්බරයෙන්. තනූජා ගිය සතියේ තමන්ගේ කැදැල්ලට තනියම ගොඩවැදුණාට නාරද තවත් එක්කෙනෙක් එක්ක ලබන සතියේ අලුත් කැදැල්ලකට යනවා....
ඒ පසුගිය අප්‍රේල් (11දා) නීති පොතේ අස්සන් කරලා තමන්ගේම කරගන්නත් සහකාරි දිනුෂි අතපත්තු එක්ක. දිනුෂි රාගම වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරියක්... නාරදගේත් දිනුෂිගේත් විවාහය මංගල උත්සවය හරි ජයට පැවැත්වෙනවා කියලයි ආරංචි..... කවදත් අපිට හිතවත් මේ සොඳුරු හිතවතාට සුබ මංගල්‍යයක් ප්‍රාර්ථනා කරන්න කාටත් කලින් අපිට පුළුවන් වීම ගැන ආඩම්බරයි හොඳේ.....