තපුටා සහ අත්හැරීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඒ කාකකගේ කතාව බයේ දාල පැනල යන කතාවක්. ඌ ජිවිතේට තියන තන්හාවට ඒක දාල දුවන්නේ .
    ඔව්නේ ඉතින් එහෙමනේ ඌ අහන්නෙත් ජිවිතේ බේරගන්න හැටිනේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කැමති දෙයකට කැමැත්ත තියාගෙන දාල යන එක එකක්.
    දෙයකට තියන කැමැත්ත හිතෙන අත්හරින එක තව එකක්.

    සිද්ධාර්ථ ගිහිගෙයි අත් හරියේ ගිහිගෙයි ගැන තිබ්බ ආසාව හිතෙන අයින් කරල මිසක් එකට තිබ්බ කැමැත්ත තියාගෙන නෙවෙයි නේ.
    කාක්කා කෑම එක දාල ගියේ කෑමට තිබ්බ ආසාව අත් හැරලා නෙවෙයි .ඒ ආසාවට වඩා ජිවිත ආසාව වැඩි උන නිසා.

    ඔය අත්හැරීම් දෙක දෙකක්.

    ඔය දෙක දෙකක් විදිහටත් දකින්න පුලුවන් එකක් විදිහටත් දකින්න පුලුවන්. එක දෙක වෙනවද දෙක එකක් වෙනවද කියන එක තීරණය වෙන්නෙ අපේ මතවාදයටත්, අපිට සමාජයට සන්නිවේදනය කරන්න ඕනෙ මතවාදයටත් සාපේක්ෂව.

    ඔය අත්හැරීම කියන වචනය ලෙහන්න අමාරු වචනයක්. මම ඕක ගැන මේ ශාසනයට අදාල කරගෙන කල්පනා කලාම මගේ දැනුම අනුව මට හිතෙන්නේ අත්හරින්නත් ඕනෙ අත්හැරෙන්නත් ඕනෙ කියලා.
     

    hpalpola

    Well-known member
  • ඔය දෙක දෙකක් විදිහටත් දකින්න පුලුවන් එකක් විදිහටත් දකින්න පුලුවන්. එක දෙක වෙනවද දෙක එකක් වෙනවද කියන එක තීරණය වෙන්නෙ අපේ මතවාදයටත්, අපිට සමාජයට සන්නිවේදනය කරන්න ඕනෙ මතවාදයටත් සාපේක්ෂව.

    ඔය අත්හැරීම කියන වචනය ලෙහන්න අමාරු වචනයක්. මම ඕක ගැන මේ ශාසනයට අදාල කරගෙන කල්පනා කලාම මගේ දැනුම අනුව මට හිතෙන්නේ අත්හරින්නත් ඕනෙ අත්හැරෙන්නත් ඕනෙ කියලා.
    ඔව්. ඕක නිදර්ශන කීපෙකින්ම පෙන්වලා තියෙනවා. ඒත් අපි අපිට ගැලපෙන විදියට ගන්න ඕනා ඉතින්. හොඳම තැනක් තමයි ආනන්ද හාමුදුරුවො රහත් වුන කතාව.