හිත කියන්නෙ පුදුම දෙයක්. තවමත් මිනිස්සු උත්සාහ කරනවා හිත ගැන සම්පූර්ණයෙන් කියවන්න. බුදුරජාණන්වහන්සේ වරක දේශනා කරනවා හිත ගැන මෙහෙම.
දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි ය.
ජීවත්වෙන ටික කාලය ඇතුලෙ අපි විවිධ දේවල් කරනවා. කියනවා. හිතනවා. මේ දේවල් වලින් සමහරක් නිසා අපි සතුටු වෙනවා. සමහරක් නිසා දුක් වෙනවා. සමහරක් නිසා දුක, සතුට අතරමැද මට්ටමක ඉන්නවා. මේ මොන තැන හිටියත් ඒ හැම තැනකටම අපිව මෙහෙයවන්නෙ 'හිත' කියලා අපිට ලේසියෙන් හිතෙන්නෙ නැහැ. තේරුමක් නැහැ. අපි සෑහෙන්න මහන්සි ගන්නවා අපේ බාහිරය ලස්සන කරන්න. වටපිටාව ලස්සන කරන්න. ඒ උත්සාහය කරා අපිව මෙහෙයවන්නෙ හිත කියලා අපිට තේරෙන්නෙ නැහැ.
නිකමට හිතන්න. අපිට ඕනා ඇඳුමක්. ඉතින් අපි යනවා ඇඳුම් කඩේකට. එතන තියෙනවා ඇඳුම් ගොඩක්. ඊට පස්සෙ අපි තෝරනවා ගැලපෙන එකක්. ඒක ඇඟට දාලා බලනවා. සයිස් එක, පාට ගැලපෙනවද කියලා. ඒක ඇන්දම පෙනුමට තියෙනවද කියලා බලනවා. ඉතින් සතුටුයි නම් අපි ගන්නවා. අසතුටුයි නම් වෙන එකක් තෝර ගන්නවා. ගැලපෙන්නෙ නැත්නම් වෙන කඩේකට යනවා. මේ ක්‍රියාවලිය කරන්නෙ ඇඟද? නැත්නම් ඇහැද? නැහැ. මේ ක්‍රියාවලියට අපිව මෙහෙයවන්නෙ අපේ හිත. හිතට තමයි ඇඳුම ඇඟට ලස්සන වෙන්න ඕනා. ගැලපෙන්න ඕනා. නැතුව ඇඟටවත් ඇහැටවත් නෙමෙයි.
අපි දැකලා ඇති මළමිනී සිය ගණනක්. දැනටත් ඔයා ගිහිල්ලා ඇති අවම වශයෙන් එක මළ ගෙදරකට හරි. එතැනදි ඔයා මොකක් ද දකින්නෙ? මළ සිරුරක්. ඇයි ඒකට මළ සිරුර කියන්නෙ. ඔව්. පන නැති නිසා. පන නැති නිසා කියන්නෙ සරලව ම ගත්තම, ඒ මළ සිරුරෙ හිතක් නැති නිසා. හිත නැති නිසා තවදුරටත් ඒ සිරුරෙ කිසි දෙයක් වෙන්නෙ නැහැ. හිතක් තියෙද්දි සාමාන්‍යයෙන් සිරුර කරන දේවල් දැන් කරන්නෙ නැහැ. ඒක දිරලා යනවා විතරයි. හිත තිබ්බනම් නින්දෙදිවත් එක ඉරියව්වක ඉන්නෙ නැහැ නේද.
මේ හිතේ ස්වභාවය, ශක්තිය සාමාන්‍ය කෙනෙක්ට වචනවලින් කියන්න පුළුවන් කියලා මන් නම් හිතන්නෙ නැහැ. එවැනි හිතක් පාලනය කරන්න පුළුවන් ක්‍රමය නැත්නම් ඒ වගේ හිතකින් උපරිම ඵලය ගන්න ක්‍රමය දේශනා කලේ බුදුරජාණන්වහන්සේ විතරයි. උන්වහන්සේ තමුන් විසින් හිත අවබෝධ කරගත්තා විතරක් නෙමෙයි, අනුන්ටත් ඒක කරන හැටි කියලා දුන්නා. ඒ ධර්මය අදත් අපිට අවබෝධ කරන්න පුළුවන්.