හිතේ ආශ්චර්යය

hpalpola

Well-known member
  • හිත කියන්නෙ පුදුම දෙයක්. තවමත් මිනිස්සු උත්සාහ කරනවා හිත ගැන සම්පූර්ණයෙන් කියවන්න. බුදුරජාණන්වහන්සේ වරක දේශනා කරනවා හිත ගැන මෙහෙම.

    දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි ය.

    ජීවත්වෙන ටික කාලය ඇතුලෙ අපි විවිධ දේවල් කරනවා. කියනවා. හිතනවා. මේ දේවල් වලින් සමහරක් නිසා අපි සතුටු වෙනවා. සමහරක් නිසා දුක් වෙනවා. සමහරක් නිසා දුක, සතුට අතරමැද මට්ටමක ඉන්නවා. මේ මොන තැන හි⁣ටියත් ඒ හැම තැනකටම අපිව මෙහෙයවන්නෙ 'හිත' කියලා අපිට ලේසියෙන් හිතෙන්නෙ නැහැ. තේරුමක් නැහැ. අපි සෑහෙන්න මහන්සි ගන්නවා අපේ බාහිරය ලස්සන කරන්න. වටපිටාව ලස්සන කරන්න. ඒ උත්සාහය කරා අපිව මෙහෙයවන්නෙ හිත කියලා අපිට තේ⁣රෙන්නෙ නැහැ.

    නිකමට හිතන්න. අපිට ඕනා ඇඳුමක්. ඉතින් අපි යනවා ඇඳුම් කඩේකට. එතන තියෙනවා ඇඳුම් ගොඩක්. ඊට පස්සෙ අපි තෝරනවා ගැලපෙන එකක්. ඒක ඇඟට දාලා බලනවා. සයිස් එක, පාට ගැලපෙනවද කියලා. ඒක ඇන්දම පෙනුමට තියෙනවද කියලා බලනවා. ඉතින් සතුටුයි නම් අපි ගන්නවා. අසතුටුයි නම් වෙන එකක් තෝර ගන්නවා. ගැලපෙන්නෙ නැත්නම් වෙන කඩේකට යනවා. මේ ක්‍රියාවලිය කරන්නෙ ඇඟද? නැත්නම් ඇහැද? නැහැ. මේ ක්‍රියාවලියට අපිව මෙහෙයවන්නෙ අපේ හිත. හිතට තමයි ඇඳුම ඇඟට ලස්සන වෙන්න ඕනා. ගැලපෙන්න ඕනා. නැතුව ඇඟටවත් ඇහැටවත් නෙමෙයි.

    අපි දැකලා ඇති මළමිනී සිය ගණනක්. දැනටත් ඔයා ගිහිල්ලා ඇති අවම වශයෙන් එක මළ ගෙදරකට හරි. එතැනදි ඔයා මොකක් ද දකින්නෙ? මළ සිරුරක්. ඇයි ඒකට මළ සිරුර කියන්නෙ. ඔව්. පන නැති නිසා. පන නැති නිසා කියන්නෙ සරලව ම ගත්තම, ඒ මළ සිරුරෙ හිතක් නැති නිසා. හිත නැති නිසා තවදුරටත් ඒ සිරුරෙ කිසි දෙයක් වෙන්නෙ නැහැ. හිතක් තියෙද්දි සාමාන්‍යයෙන් සිරුර කරන දේවල් දැන් කරන්නෙ නැහැ. ඒක දිරලා යනවා විතරයි. හිත තිබ්බනම් නින්දෙදිවත් එක ඉරියව්වක ඉන්නෙ නැහැ නේද.

    මේ හිතේ ස්වභාවය, ශක්තිය සාමාන්‍ය කෙනෙක්ට වචනවලින් කියන්න පුළුවන් කියලා මන් නම් හිතන්නෙ නැහැ. එවැනි හිතක් පාලනය කරන්න පුළුවන් ක්‍රමය නැත්නම් ඒ වගේ හිතකින් උපරිම ඵලය ගන්න ක්‍රමය දේශනා කලේ බුදුරජාණන්වහන්සේ විතරයි. උන්වහන්සේ තමුන් විසින් හිත අවබෝධ කරගත්තා විතරක් නෙමෙයි, අනුන්ටත් ඒක කරන හැටි කියලා දුන්නා. ඒ ධර්මය අදත් අපිට අවබෝධ කරන්න පුළුවන්.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා
    ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඬ වෙලා උන්නා
    දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
    බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා


    මගෙන් අරගෙන ආදරේ අහුරක්
    දුන්නේ මා හට ආදරේ බිඳුවක්
    ඒක නිසයි මෙතරම්ම දුකක්
    ආදරය නිහඬම සෙවණක්..


    දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත්
    ඔයා දන්නේ නෑ තිබුනු සෙනෙහසක්
    ඒක නිසයි මෙතරම්ම දුකක්
    ආදරය නිහඬම ගොදුරක්..
    හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා
    ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඬ වෙලා උන්නා
    දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
    බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා...
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,329
    113
    හඳට කිට්ටුව
    හිත පුදුම වස්තුවක්,
    අසෙන කුටීරයක,
    තනිව ගමන් මැදි,
    සංවරයෙහි සන්සුන් වෙයි.

    මාරය මැදින් මඟ තැබේ,
    හිතේ ගැඹුරු මඟ.
    දුක් සතුටේ මද්‍යස්ථානය,
    නිවන් මඟට සෙරෙන සන්සුන්.

    අපේ ඇඟ, ඇඳුම තෝරන්නේ,
    හිතේ මඟ පෙන්වමින්.
    ඇඳුම ලස්සනද?
    ගැලපේද? හිත ප්‍රශ්න කරයි.

    මළ සිරුරේ සන්සුන්,
    පන නැති හිතේ නිවන්.
    හිත නැති කාලේ දිරියාව,
    සිරුරේ අගස්ම සමුයාව.

    බුදුරජාණන්වහන්සේ පැවසූ,
    හිතේ පාලනය මඟ පෙන්වූ.
    ඒ මඟ තෙරෙනවා අදටත්,
    ධර්මයේ රැහැනෙන් සන්සුන් වෙන්නට.

    හිතේ බලය, කාටද කියන්න පුළුවන්?
    නොදැකූ පතනේ පාලනයට,
    සන්සුන් හිතක් අරමුණ කර,
    නිවන් මඟට ගමනක් කරමු.
     
    • Like
    Reactions: NRTG

    hpalpola

    Well-known member
  • හිත පුදුම වස්තුවක්,
    අසෙන කුටීරයක,
    තනිව ගමන් මැදි,
    සංවරයෙහි සන්සුන් වෙයි.

    මාරය මැදින් මඟ තැබේ,
    හිතේ ගැඹුරු මඟ.
    දුක් සතුටේ මද්‍යස්ථානය,
    නිවන් මඟට සෙරෙන සන්සුන්.

    අපේ ඇඟ, ඇඳුම තෝරන්නේ,
    හිතේ මඟ පෙන්වමින්.
    ඇඳුම ලස්සනද?
    ගැලපේද? හිත ප්‍රශ්න කරයි.

    මළ සිරුරේ සන්සුන්,
    පන නැති හිතේ නිවන්.
    හිත නැති කාලේ දිරියාව,
    සිරුරේ අගස්ම සමුයාව.

    බුදුරජාණන්වහන්සේ පැවසූ,
    හිතේ පාලනය මඟ පෙන්වූ.
    ඒ මඟ තෙරෙනවා අදටත්,
    ධර්මයේ රැහැනෙන් සන්සුන් වෙන්නට.

    හිතේ බලය, කාටද කියන්න පුළුවන්?
    නොදැකූ පතනේ පාලනයට,
    සන්සුන් හිතක් අරමුණ කර,
    නිවන් මඟට ගමනක් කරමු.
    Wow..
     
    • Like
    Reactions: NRTG