තපෝවන ආරණ්‍ය සේනාසනය
අතීතය සිහිපත් කරමින් මූකලාන හා බැඳුණු ජීවිතයේ සිදුවීම් රැසක් හෙළිකළ හිමියෝ අද බෙරලිය මූකලානේ තපෝවන ආරණ්‍ය සේනාසනය ආරම්භ කර ඇත්තාහ. පැටිවියේ හා සාමනේර වියෙහි මතකයන් අලුත් කරමින් අපට තොරතුරු පැවැසුවේ තපෝවන ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සුජාත හිමියෝය.
ඇල්පිටිය නගරයේ සිට පැමිණ එකොළහ කණුව (සූරිය ගල්මෝල) ළඟින් ඇති මගුරකඩුව පාරේ උඩුවිලට පැමිණි විට ආරණ්‍ය සේනාසනයට ළඟාවීමට පුළුවන.
අපි තාර පාර පසුකර පැමිණ පටුමාවතකට අවතීර්ණ වීමු. එය ගුරු පාරකි. පරිසරය බෙහෙවින් නිහඬය. නිසලය. හීන් වැහි පොදක් විටින් විට සිරුරේ දැවටෙයි.
ඒ දහවල් කාලය වුවද හාත්පස මඳ අඳුරකින් වෙලී ඇත. අඩිපාර ඔස්සේ ගමන් කළ අපි ගලින් ගල අඩිය තබා කැලෑවට පිවිසියෙමු. පහළින් ගලා බසින දොළ පාරක සිලි සිලි හඬත්, රැහැයියන්ගේ හා සුළඟේ හෝ හෝ හඬත් හැරෙන්නට වෙනත් කිසිදු හඬක් නොනැඟේ.
සිංහරාජ වනාන්තරයට අයත් අක්කර තිස් පහක පමණ භූමි භාගයක් පුරා පැතිර ඇති බෙරලිය මූකළානේ වැඩවෙසෙන සුජාත ස්වාමින් වහන්සේ හා එහි ඇති විශේෂÀවය පිළිබඳව අපට තොරතුරු පැවැසුවේ ඇල්පිටියේ හර්ෂ ප්‍රදීප් කුමාර සොයුරාය. අපට මඟ පෙන්වූයේ ඇල්පිටියේ විජේසිංහය.
ලංකාවේ වැසි වනාන්තරයක් වන සිංහරාජයට අයත් බෙරලිය මූකලානේ ද වසර පුරාම වැසි ඇද හැළේ. ඇතැම් දිනවල දවස පුරාම ඇත්තේ සිරි සිරි පොද වැස්සකි. මෙම මූකළානේ එක් පසෙකින් ඇත්තේ පිටුවල ගම්මානයයි. තවත් පසෙකින් බඹරවාන ගම්මානයයි. අනෙක් පසින් ඇත්තේ පොරවගමය. කළුදිය පොකුණ, නිල්දිය පොකුණ, අඬාහැළෙන ඇල්ල මේ දිය ඇලි තුනම එක් වී තුන්දොළ ගලා බසී. ඒ ආරණ්‍ය සේනාසනය පිහිටි කඳු පාමුලිනි.
තම කුඩා කාලයේ සිටම දැන හඳුනාගෙන සිටි බෙරලිය මූකළානේ සුජාත හිමියන් විසින් තපෝවන ආරණ්‍ය සේනාසනය (සත්බෝධි ආරණ්‍ය සේනාසනය) ආරම්භ කරන ලද්දේ මීට වසර හතරකට පමණ පෙරය.
විශාල තරමේ කළුගල් වලට සම්බන්ධ කර සැදූ කුටි මූකළානේ තැනින් තැන පිහිටා ඇත. මේ වන විට කුටි විස්සක් පමණ ඇත්තේය. රටේ විවිධ පළාත්වලින් පැමිණෙන දායක දායිකාවෝ වසර පුරාම දානය හා අනෙකුත් අවශ්‍යතා සපුරති.
භික්ෂූන් වහන්සේ දානයක් නොමැති වූ විට ගම්වලට පිඩුසිඟා වඩිති. එසේත් නැති වුවහොත් සුජාත හිමියෝ දානය සකස් කර ගනිති.
කැලෑපාළුවන්ට ගොදුරුව තිබූ බෙරලිය මූකළාන රැක ගැනීමට සුජාත හිමියෝ කටයුතු කළේ මීට බොහෝ කලකට පෙර සිටය.
”මම සර්වෝදය සමඟ උතුරු නැඟෙනහිර පළාත්වල සේවය කළා. නමුත් මගේ නායක හාමුදුරුවෝ රෝගී වූ බව දැන ගත්තට පස්සේ මම සියල්ල අත්හැරලා ගමට ආවා. නායක හාමුදුරුවෝ අවුරුදු තුනක් එක්තැන් වෙලා හිටියේ. මම ගුරු හාමුදුරුවන් බලා ගත්තා. ඊට පස්සේ තමයි ආරණ්‍ය සේනාසනය ආරම්භ කළේ.”
”අපි පොඩි කාලේ තාත්තා එක්ක මේ මූකළානට එනවා බෙරලිය අහුලන්න. බෙරලිය වලින් පිට්ටු හදලා කන්න පුලුවන්. පුංචි කාලේ ඉඳලම මේ මූකළානට ආවාම මගෙ හිතේ ලොකු සැනසිල්ලක් ඇති වෙනවා. මේ කැලේ වටිනා ගස් වැල් තියෙනවා. මං මේ මුළු කැලෑවෙම ඇවිදලා තියෙනවා. ලංකාවට ආවේණික දුර්ලභ ගණයේ උඩවැඩියා වර්ග තියෙනවා. කාලයක් මිනිස්සු මේ මූකළානේ ගස්වැල් කපන්න ගත්තා. මම ඒක අද වෙනකොට නතර කරලා තියෙනවා. මම මේ අවට ගම්වල ගෙවල් වලට වටිනා පැළ වර්ග පහක් ලබා දුන්නා. ඒවා ඒ වතුවල හිටවා ගන්න කියලා. කැලෑ කැපීම නැවතුණේ ඒ ෂදිහට.”
නේවාසික භික්ෂුන් වහන්සේ පමණක් නොව සිල්මෑණිවරු කිහිප දෙනකු ද මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන්නාහ. භාවනානුයෝගි යෝගාවචරයන් වහන්සේ ජීවිතයේ අනිත්‍ය අත් දකින්නාහ.
ඉපදීමේ සිට මියයෑම දක්වා ද ජීවිතයේ අනිත්‍ය සිහිපත් කරන්නාහ. ජීවිතයේ අනිත්‍ය දෑස් ඉදිරිපිට දැකීමේ හා එහි එන්නන්ට අවබෝධ කිරීමේ අරමුණින් මීට වසර කිහිපයකට පමණ පෙර අපවත් වූ සේනාසනයේ වැඩ විසූ භික්ෂුන් වහන්සේ නමකගේ දේහය කාටත් දැක ගත හැකි අයුරින් තැන්පත් කර ඇත්තේය. ඒ අසල ඇත්තේ සක්මන් මළුවකි. මූකලානේ කිහිප පොළකම සක්මන් මළු සකස්කර ඇත.
”මම දන්වලා තියෙන්නේ කවද හරි මම අපවත් වුණත් මගෙ ශරීරයත් මේ විදිහට ම තියන්න කියලා. මෙය කෞතුකාගාරයක් කරන්නයි අදහස.”
මහණ දම් පුරන භික්ෂුන් වහන්සේ මෙන් ම තාවකාලික පැවිද්ද ලබන්නෝ ද මෙහි භාවනානුයෝගිව වාසය කරති.
මේ වස්සාන කාලයයි. ඈත දුර බැහැරින් පැමිණි භික්ෂුන් වහන්සේ තමන් අයත් ප්‍රදේශවලට වැඩම කර ඇත්තාහ. එහෙත් දිවයිනේ සිව් දිගින් පැමිණෙන උපාසක උපාසිකාවෝ භික්ෂුන් වහන්සේට සිවුපසින් සංග්‍රහ කරති. පින් අනුමෝදන් කර ගනිති.
සතා සිවුපාවා බහුල මේ කැලෑවේ කිසිදු බියකින් තොරව භික්ෂුන් වහන්සේ මහණ දම් පුරති.
”මුල්කාලෙ නම් කුප්පි ලාම්පුව පත්තු කරගෙන හිටියේ. දැන් නම් විදුලිය ලබාගෙන තිබෙනවා. සතා සිවුපාවට අපෙන් කිසිම හිරිහැරයක් නැහැ. ඒ නිසා බිය විය යුතු නැහැ.” ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමින් වහන්සේගේ කුටිය ආසන්නයේම භික්ෂු ගිලන් හළක් ඇත්තේය. වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ ගේ රැවුල කොණ්ඩය කපන්නේ ද වතුර උණුකර නාවන්නේ ද නායක හිමියෝය.
දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණෙන උපාසක උපාසිකාවන් සඳහා නේවාසික පහසුකම් මෙන්ම දානය සකස් කිරීම සඳහා මුළුතැන් ගෙයක් ද මෙම ආරණ්‍ය සේනාසනයේ පහළට වන්නට ඇත්තේය. එය පිහිටා ඇත්තේ ආරණ්‍ය සේනාසනයට ගමන් ගන්නා මාර්ගය ආරම්භයේමය.
හාත්පස අඳුරුය. විවිධ වූ සතුන් ගේ හඬ හතර වටින් ඇසේ. කැදලි කරා පියාඹන කුරුල්ලෝ ද මඟ වැරදුණු බට්ටිච්චෙක් ද හඬ නඟයි. වේලාව සවස හයට පමණ ඇත. එහෙත් අවට රාත්‍රි වෙස් ගෙන ඇත්තේය. නායක ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාද ලබා ආපසු එන්නට පිටත් වීමු.
ආ මඟ දෙස හැරී බැලුවෙමු. කිසිත් නැත. අප පැන ගිය ගල් බොරළු මාර්ගයත් අහසට උස්වූ රූස්ස ගහ කොළත් හැරෙන්නට වෙනත් කිසිවක් එහි නැත. එහෙත් මූකළාන තුළ සියලු සත්වයන්ට මෙත්වඩන, තුන්තිස් පැයේ බුදුගුණ මතුරන භික්ෂුන් වහන්සේ, සිල් මෑණිවරුන් අද ද හෙට ද අනාගතයේ ද මෙහි වැඩ වාසය කරනු ඇත.