තමන්ගේම කියල Web hosting ආයතනයක් පටන් ගමු - පියවරෙන්

sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    තමන්ගේම කියල Web hosting ආයතනයක් පටන් ගමු - පියවරෙන්



    worker-serverroom-thinkstock-100528143-primary.idge.jpg


    තොරතුරු තාක්ෂණයත් එක්ක ගැටෙන් බොහෝ දෙනෙක්ට ආසාවක් තියෙනවා පොඩියට හරි තමන්ගෙම කියල හොස්ටින්ග් කම්පැනියක් කරගෙන යන්න. මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නේ පියවරෙන් පියවර කොහොමද තමන්ගේම කියලා පොඩියට වෙබ් හොස්ටින්ග් කම්පැනියක් පටන් අරගෙන වැඩ කරගෙන යන්නේ කියල. බොහෝවිට වෙන හොස්ටින්ග් Provider කෙනෙක් මේ වගේ පැහැදිලිව නොකියා අපෙන් re-seller එකක් ගන්න කියලා විතරක් කියයි. ඒකට හේතුව තමයි, *බය*

    ඔව්. තමන්ගේ ව්‍යාපාරය කඩාවැටෙයි කියන බය. ඇත්තටම කියනවානම් eezpal ආයතනයත් මුලින්ම හොස්ටින්ග් කියන ක්ෂේත්‍රයට එන්න හේතුවත් ඒ වගේම හොස්ටින්ග් ව්‍යාපාරයක් තමයි. ඒත් අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුලත අන්තර්ජාතික සේවාලාභීන් බොහෝමයක් අපෙන් සේවාවන් ලබාගෙන තියෙනවා.

    හොස්ටින්ග් ව්‍යාපාරයක් පටන් ගන්න මූලිකවම අවශ්‍ය කරන දේවල් තුනක් තියෙනවා.

    පලවෙනි එක තමයි ආයෝජනයක්. මුලින්ම හොස්ටින්ග් ආයතනය පටන් අරගෙන මාස 2-6ත් අතර වගේ කාලයක් බොහෝවිට පාඩු පිට හෝ පාඩු ලාබ නොලබන තත්වයක තමයි දුවන්න වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. තමන්ගේ හැකියාව මත පුළුවන් ඒ කාලය අඩුකරගන්න. නමුත් ඒ කාලය තුල තමන්ගේ දැනට එකතුවෙලා ඉන්න සේවාලාභීන් සියළුම දෙනාට හොදම උපරිම ආකාරයේ සේවාවවක් ලබාදෙන්න තමන්ගේ අතේ පොඩි මුදලක් අවශ්‍ය කරනවා.

    දෙවන දේ තමන් කරන්න යන දේ පිලිබඳ දැනුමක්, මේ කාලයේ බහුලව දකින්න තිබෙන දෙයක් තමයි summer host සහ teen host කියන දෙවර්ගය. මේ දෙවර්ගයම වැඩි කාලයක් පවතින්නේ නැහැ. (summer host/teen host යනු මොනවාදැයි පෙර ලිපියකින් පැහැදිලි කර තිබේ) තමන්ට ස්ථිර අධිෂ්ඨානයක් තියෙනවානම්, තමන්ගේ මේ පටන් ගත්තු දේ නවත්තන්නේ නැතිව කරගෙන යනවා කියලා, ඒක ගොඩක්ම වටිනවා. ඒ වගේම ක්ෂේත්‍රය ගැන දැනුමක් ලබාදෙන්න කැමති අයත් හරිම අඩුයි. මාකටින්, ක්ලයන්ට් හැන්ඩලින්, සර්වර් මැනේජ්මන්ට් වගේ ගොඩක් දේවල් මේකට අයිති වෙනවා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. හොස්ටින්ග් එක පටන් ගත්තු ගමන් ඩේටාසෙන්ටර් පිටින් දෙන්න හිතන්න එපා. හෙමීට වර්ධනය කරගන්න තමන්ගේ ආයතනය. මුලින්ම හොද තැනකින් re-seller hosting එකක් අරගෙන පටන් ගන්න. ඊට පස්සේ ක්‍රමයෙන් vps/dedicated ගිහින් cloud එනකල් වර්ධනය කරගන්න.

    තුන්වෙනි දේ තමයි ප්‍රසන්න භාවය. තමන්ගේ ක්ලයන්ට් මොන විදියේ ආකල්පයක් දරන කෙනෙක් වුනත්, සිනාමුසු මුහුණකින් ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය වෙනවා ඕනම ව්‍යාපාරයකදී. (මැර ව්‍යාපාරය හැරුනාම ;) )

    <removed paragraph>

    මේ දේවල් තුනම හරිනම් තමයි ඊලඟ පියවරට යන්න පුළුවන්. ඊලඟ පියවර තමයි හොද Reseller ගිණුමක් තෝරාගන්න එක.

    දැනටමත් වෙබ් කියන දේ ගැන දන්න කෙනෙක් දන්නවා ඇති සාමාන්‍යෙයන් බහුලවම භාවිතා වන මෘදුකාංගය තමයි cPanel කියන්නේ. නමුත් Reseller ආකාරයේ ගිණුමක් එක්ක WHM කියන අතුරුමුහුණතටත් පිවිසීමේ හැකියාව ලැබෙනවා. ඒ ගැනත් වැඩි විස්තර ඉදිරි ලිපි වලදී දාන්න කියල හිතාගෙන ඉන්නේ. කාලවෙලාවත් එක්ක තමයි ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ.

    මීලඟ ලිපිවලදී පැහැදිලි කරන්නම් කොහොමද cPanel/WHM එක්ක වැඩ කරන්නේ. Billing system එකක් එක්ක සම්බන්ධවෙන්නේ වගේ දේවල්. ලිපිවලට ලැබෙන ප්‍රතිචාරය මත තමයි ලිපි ලිවීම ඉක්මන් හෝ ප්‍රමාද වෙන්නේ.

    රීසෙලර් පැකේජයන් ගේ මිල මෙතනින් බලාගන්න පුළුවන් : https://portal.eezpal.com/cart.php?gid=3


    මුල් ලිපිය - http://119sinhala.blogspot.com/2015/05/web-hosting.html
     
    • Like
    Reactions: allrights

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    mokadda ban me address ekak, contact number ekakwath nethi company eka

    ඔයාට කම්පැනි එකේ legibility එක ගැන ගැටලුවක් තියෙනවානම් [email protected] කියන මේල් එකට ඊමේල් එකක් යවලා ආයතනය ගැන සම්පූර්ණ විස්තර ලබාගන්න පුළුවන්. Green Office කියන සංකල්පය උඩ භාවිතා කරන ආයතනයක් නිසා Physical location වලට ලබාදෙන්නේ DC විතරයි. CO2 emission එක අවම කරන්න සහ ISO 2002 කියන සහතික ලබාගන්න අපි කරන උත්සහයක් ඒක.

    ඔයාට මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ පෞද්ගලික දුරකථන අංකයෙන්. (PM එකක් දාන්න)

    ඒ වගේම [email protected] කියන ලිපිනයෙන් Development team එක සම්බන්ධ කරගන්න පුළුවන්. අපි real people company එකක්. Green office වුනාට.

    තව දෙයක්, ලිපිය ලිවීමේ අරමුණ අපෙන් හොස්ටින්ග් ගන්න කියන එක නෙමෙයි :)