තමන්ගේ බඩ තමන්ම පලාගනී...

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    තමන්ගේ බඩ තමන්ම පලාගනී...

    තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා

    තමන්ගේ බඩ තමන් විසින්ම කපාගෙන එහි සැත්කමක් සිදුකරගන්නවා කිව්වොත් ඔයාලාට මොකද හිතෙන්නේ?

    http://imgur.com/xirssiA

    රුසියානු ජාතික ලියොනිඩ් රොගොනොව් ( Leonid rogonov) ඇට්ලන්ටිකාවේ නොවාකෝෂියා රැසියානු පරික්ෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. 1961 වසරේ අප්‍රේල් මස දිනක ඔහුගේ දකුණු උදර ප්‍රදේශයේ වේදනාවක් හා ඔක්කාර තත්ත්වයක්ද ඇතිවිය. වෛද්‍ය රොගොනොව් හට මෙය උන්ඩුක පුච්ඡ ප්‍රදාහයක් හෙවත් ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයක් බව හදුනාගැනිමට අපහසු නොවිය. ඉක්මන් ප්‍රතිකාර නොගතහොත් ජිවිත අවධානමක් ඇති බවද ඔහු වටහාගත්තේය.

    http://imgur.com/lN9ZQMd

    නමුත් එක් ගැටලුක් විය. පරික්ෂණ මධ්‍යස්ථානයේ සිටි 13 ආසන්න පරික්ෂකයන් හට සිටි එකම වෛද්‍යවරයා ඔහු පමණි. ආසන්නතම මධ්‍යස්ථානයට ඇති දුර සැතපුම් 1000 වන අතර, අධික හිමපතනය නිසා ගමනාගමනය ඇණහිට තිබිනි.

    මේ හේතුවෙන් උණ්ඩුක පුච්ඡය ඉවත්කරගැනිමේ සැත්කම (appendectomy) තමාවිසින්ම සිදුකර ගැනිමට වෛද්‍ය රොගොනොව් තීරණය කලේය. ඔහු සැත්කම නිරික්ෂණය කිරිම සදහා කණ්නාඩියක් බාවිතා කල අතර, ඔහුගේ සහයට කදවුරේ සිටි අනෙක් පරික්ෂකයන් ද සිට ඇත. ඔවුන් විසින් වෛද්‍ය රොගොනොව් ගේ අතට සැත්කම සදහා අවැසි උපකරණ ලබා දි ඇත. සැත්කම අතරතුර ඔහුගේ අන්ත්‍රයක් අත්වැරදිමකින් කැපිමක් වි ඇති අතර, රොගනොව් විසින් එය මැසු බවද සදහන් වේ.
    සැත්කම සදහා පැය දෙකක් ගතවිය. සැත්කමින් පූර්ණ සුවය ලබාගැනිමට වෛද්‍ය රොගොනොව් සමත්විය.

    http://imgur.com/8KTEOiD

    නැවත මවුරටට යැමෙන් පසු වෛද්‍ය රොගොනොව්, සාන්ත පීටර්ස්බර්ග් පරික්ෂණ ආයතනයේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කරන ලදි.
    2000 වසරේදි පෙනහලු පිලිකාවකින් මියට යන විට ඔහු 66 වන වියෙහි පසුවිය.

    අමතර කරුණක්,
    වෛද්‍ය සායනික පාරිභාෂික වචන වලට මුලික වි ඇත්තේ ග්‍රීක බසයි. appendectomy/appendectomia,ae (f) හී -ectomia {ectomia,ae (f) } යනු ඉවත්කිරිම යන අරුත් දෙයනවා.
    එමෙන්ම -tomia { tomia,ae (f)} යන පදයේ අර්ථය පැල්මක්/කැපුමක් කිරිමයි. මේ පද වලට ලොකු වැදගත්කමක් තියනවා. පොඩ්ඩ වැරදුනොත් කැපිල්ල, අවයවයක් අයිං කිරිල්ල දක්වාම යනවා. ග්‍රීක, ලතින් භාෂා හරිම සිත්ගන්නාසුලුයි. වෙලාවක් තිබුනොත් භාෂා ගැනත් ඉදිරි ලිපියකදි කතා කරමු.

    Ipsa scientia potestas est!!!

    - රොෂින් ප්‍රනාන්දු


    කැමැතිනම් මාගේ ජනේලය බ්ලොග් එක පැත්තේ ඇවිල්ලා ලිපියක් දෙකක් කියලා follow පාරක් දාන්න.
     
    • Like
    Reactions: rm1980