තමන්ගේ ලේ වර්ගය ගැන දැනුවත්ද? (Blood groups)

මගේ ලේ වර්ගය

  • O+

    Votes: 106 45.9%
  • O-

    Votes: 12 5.2%
  • A+

    Votes: 27 11.7%
  • A-

    Votes: 6 2.6%
  • B+

    Votes: 53 22.9%
  • B-

    Votes: 8 3.5%
  • AB+

    Votes: 16 6.9%
  • AB-

    Votes: 3 1.3%

  • Total voters
    231

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    තමන්ගේ ලේ වර්ගය ගැන දැනුවත්ද? (Blood groups)

    O+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 37කගේ රුධිර වර්ගය O+ වේ.
    •O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: O+ O-
    •O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ O+ A+ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.


    O-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 6කගේ රුධිර වර්ගය O- වේ.
    •O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි වන්නේ O- රුධිර වර්ගය පමනි.එනම් අවාසනාවන්තම රුධිර වර්ගය වේ.
    •O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක(සර්ව දායකයා).


    A+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 34 කගේ රුධිර වර්ගය A+ වේ.
    •A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A+ A- O+ O-
    •A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ A+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.


    A-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 6 කගේ රුධිර වර්ගය A- වේ.
    •A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A- O-
    •A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ A+ A- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.


    B+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 10 කගේ රුධිර වර්ගය B+ වේ.
    •B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B+ B- O+ O-
    •B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.


    B-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 2 කගේ රුධිර වර්ගය B- වේ.
    •B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B- O-
    •B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ B+ B- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.


    AB+
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ.
    •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්‍රතිග්‍රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ.
    •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි.


    AB-
    •ලොව පුද්ගලයන් 100ක ගෙන් එක් පුද්ගලයෙකුගේ රුධිර වර්ගය AB- වේ.
    •AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: AB- A- B- O-
    •AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.
    උපුටාගැනීම බුකියෙනි

    blood_types.jpg


    තමන්ගේ ලේ වර්ගේ පෝස්ට් කරගන යන්න.
    වර්ගේ දන්නෙ නැත්තං දන්නෙ නෑ කියලා දාන්න. දාලා චෙක් කරලා බලාගන්න මොකද්ද වර්ගේ කියලා. හදිස්සියකටවත් දැනගන තියෙන්න එපායෑ‍.
     
    Last edited: