තමන්ගේ computer එකේ තියෙන files/films/සින්දු ලෝකේ ඕනිම තැන&#3482

gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom
තමන්ගේ computer එකේ තියෙන files/films/සින්දු ලෝකේ ඕනිම තැන&#3482

මං අද කියල දෙන්න යන්නේ එළ සොෆ්ට්වෙයා එකක්. මේක ඉන්ස්ටෝල් කරහම පරිගණකයේ තියෙන ඕනිම ෆයිල් එකක් බලන්න (ඩවුන්ලෝඩ් කරලා), පරිගණකයට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න, පින්තූර බලන්න, සින්දු අහන්න, ෆිල්ම් බලන්න (ඩවුන්ලෝඩ් නොකර) පුළුවන්. යාලුවෙක්ට මේ පරිගණකයේ තියෙන සින්දු/ෆිල්ම් කීපයක් ෂෙයාර් කරලා අහන්න/බලන්න දෙන්න පුළුවන්. මේකේ තියෙන හොඳම දේ තමයි සම්පුර්ණයෙන්ම ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් වීම.

මේ එළ සොෆ්ට්වෙයා එකේ නම තමයි Tonido. මෙන්න මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න. අන්තිමේදී ඇප්ලිකේෂන් එක ස්ටාර්ට් කරන්න. පහළ ස්ක්‍රින් එක ඕපන් වෙයි.
http://www.tonido.com/application_download.html


create.png

login.png


මෙතෙන්දි අපේ අකවුන්ට් එකට නමක් තෝරගෙන "Check if account name is available" ක්ලික් කරන්න. නම තිබුනොත් පාස්වර්ඩ් එකක් සෙට් කරලා "Create" බොත්තම ක්ලික් කරන්න. දැන් හෝම් ස්ක්‍රීන් එක ඕපන් වෙනවා.

tonidohomepage_n.png


මේ සොෆ්ට්වෙයා එක පරිගණකයේ දුවනකන් හා ඉන්ටර්නෙට් තියෙනකන් ඔයාගේ පරිගණකයේ තියෙන ඕනිම දෙයක් බලන්න පුළුවන්. ගෙදර තියෙන වෙනත් පරිගණකයකින් ඉන්ටර්නෙට් නැති උනත් access කරන්න පුළුවන් මෙන්න මේ විදිහට වෙබ් බ්‍රව්සර් එකේ URL එක ටයිප් කරන්න:
IP Address:10001
මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා තියෙන පරිගණකයේ IP එක තම දැනගෙන ඉන්න ඕන.

මේ සොෆ්ට්වෙයා එකේ ගොඩක් වැඩ කෑලි තියෙනවා. ඒවා ඔයගොල්ලොන්ම හොයල අත්හදා බලන්න. ටොරන්ට් බාන්න, මිනි බ්ලොග් එකක් රන් කරන්න, තමන්ගේ වියදම් ගැන සටහන් තියාගන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.

හොඳනම් කමෙන්ට් එකක් දාලා යන්න.

Hope you all enjoyed reading this as much as i enjoyed writing it.

Kind Regards,

Gayan.

asanka.me
 

b0rnk!ll3r

Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    ඉන්ටර්නෙට් නැති උනත් access කරන්න පුළුවන් මෙන්න මේ විදිහට වෙබ් බ්‍රව්සර් එකේ URL එක ටයිප් කරන්න:
    ෆිල්ම් බලන්න (ඩවුන්ලෝඩ් නොකර) පුළුවන්


    i dont think so :S
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    මෙන්න ෆිල්ම් බල හිටපු විදිහේ ස්ක්‍රීන් ෂොට් එකක්.

    watchmovie.png



    Torrent ඩවුන්ලෝඩ් කරන හා add කරන ස්ක්‍රීන් ෂොට්

    addtorr.png

    torr.png
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මමත් හොය හොයා හිටියා බන් මේවගේ හුකර මාට් එකක්.ටැන්කූ කිව්වා,
    රෙපක් දුන්න මචෝ.
     
    Last edited: