තමන් ආදරය කරන කෙනා ලබන ආත්මෙත් ඒ විදියටම ඉපදෙනවට කැමති නැද්ද?

AnuradhaRa

Well-known member
  • ලබන ආත්මේ 😄 ඒ මොකද්ද? 🤔
    ලබන ආත්මෙ හරි
    ස්වර්ගෙදි හරි

    මොකක්හරි 😭


    ඇත්තටම මාත් දන්නෙ නෑ මචං, මැරුණට පස්සෙ හරියටම මොකක් වෙයිද කියල
     
    • Wow
    Reactions: Candid-B

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    විද්‍යා ලෝකේ ලබන ආත්මයක් කියල එකක් නැහැනේ බන්. ඒවා තියෙන්නේ ආගමික ලෝකෙනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    බුද්ධ දර්ශනයට අනුව සසර කියන ගමනේ එක පොඩි කෑල්ලක් විතරයි මේ භවය කියන එක(මේ ආත්මය හරි මොකක් හරි ). නිවන් අවබෝධ කර නොගන්නා තාක් මැරි මැරී ඉපදි ඉපදී යනව කියල කියන්නේ. අනික මේ ලෝකේ කවුරුත්ම කෙනෙක් නෑලු අපිට අතීතයේ අම්මා තාත්තා නොවුන දරුවො නොවුන භාර්යාව ස්වාමියා නොවුන. සමහරවිට අපි කැමති අය ආයිත් අපිට හම්බ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඊලඟ භවයේදි අපේ අම්මා තාත්තා සමහරවිට අපේ හතුරො වෙලා ඉන්නත් පුළුවන් කියවලා අහල තියෙන විදියට. අපේ හතුරො අම්මා තාත්තා භාර්යාව දරුවො වෙන්නත් පුලුවන්.මේ සැරේ ඉන්න අය ගැනත් එහෙමම තමයි.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,946
    1
    6,820
    113
    @AnuradhaRa කෝ නූලක්වත් පේන්න නැනෙ ඉස්සර වගෙ ... ඖලක් නැනෙ මුකුත් 😳 ?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    ඉන්න මේ ආත්මේ කාලා බීලා ආතල් එකේ ඉදපන්. ඊළග ආත්මයක් තිබ්බත් නැතත් අපිට වැඩක් නෑනේ. තිබුනා කියලා හිතමුකෝ. අපි ඒ ආත්මේ ඉපදුනත් අපි දැන් ඉන්න විදියට නෙමෙයිනේ ඉපදෙන්නේ. ගතිගුණ සමහර මතකයන් එක්ක ඉපදුනත් පෙනුම වෙනස්. පුනර්භවය කියවන පොඩි ළමයින් ගැන හොදට ස්ටඩි කරොත් උන් ඉපදිලා ඉන්නේ වෙනම පැතිවල , වෙනම දෙමව්පියෝ ළග. ඒ නිසා ඊළග ආත්මේ සැපවත් වෙයි කියලා හිතලා එක එක දේවල් කරල වැඩක් නෑ. ඉන්න ටීකේ කාලා බීලා ආතල් එකේ ඉදපන්.

    සමහර ආගම්වල උගන්නන විදියට කැම්‍#රි වැඩ කරලා බෝම්බ පුපුරවගෙන ස්වර්ගයට ගිහින් කන්‍යවියෝ හොයන එකත් හෙනම ගොන් වැඩක්. :P
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ආදරය කරන අය කිව්වට ඉතින් දෙමව්පියන් සහෝදර සහෝදරියෝ ඇරෙන්න අනිත් පුද්ගලයෝ එක්ක තියෙන බැඳීම් තාවකාලිකයි.

    මටනම් නැවත ඉපදීමක් ගැන විශ්වාසයක් නැහැ. මේ ආත්මේ නැතිවෙලා ගියාට පස්සේ නැවත කිසිම විදියක කාවවත් හමුවීමක් නැහැ කියලයි මටනම් හිතෙන්නේ.

    අපි කැමති අය එක්ක ගොඩක් කල් ජීවත් වෙන්න පොඩි හරි බලාපොරොත්තුවක් තියෙන්නේ Anti aging research සාර්ථක වුනොත් තමයි.