“මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලොකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.
“මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.
“ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.
“මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලොකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලොකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලොකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලොකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලොකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.
“මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක්වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, ඉතා රුවෙන් අඩුවූද, පිරිවර නැත්තෙක්ද වේ.
මහණෙනි, මේ කාරණය සිද්ධවේ. එනම් එක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ.
“මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමට පැමිණ, යම්සේ හිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි.
“යම් බ්‍රහ්මයෙක් වේද ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙක, මැඩපැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි, මවන්නෙකි, ඉතා උසස්ය. බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි. ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටිනේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඒ අපි අනිත්‍යය, ස්ථිර නැත, ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආවෙමු’යි.
“මහණෙනි, යම් කරුණකට පැමිණ, යමක් නිසා එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවෙය යන මතය ඇති සමහර මහණ බමුණෝ කොටසක් නිත්‍ය කොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද මේ ඒ ප්‍රථම කරුණයි.
https://suttacentral.net/dn1/en/bodhi?lang=en&reference=none&highlight=false