තම්බි ප්‍රශ්න තියෙනවාද තම්බි ප්‍රශ්න?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113

    පරණ පෙම්වතා පෙම්වතිය පසුපස නැවත එනවැයි ගෙල කපා මරා වළදාලා​


    තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් හම්බෙගමුව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තණමල්විල, අරඹෙකෙම පදිංචි පුද්ගලයකු කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර වළදමා තිබියදී තණමල්විල මූලාස්ථාන පොලීසිය විසින් ඊයේ (22) දහවල් සොයාගෙන තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල අරඹෙකෙම පදිංචි රොෂාන් දිනුක නමැති 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

    මඟුල් ගෙදර ගුටි කෙළියෙන් හාර මාසයක් රෝහලේ සිටි දෙදරු පියා මරුට​

    සූරියවැව විවාහ මංගල උත්සවයකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කළ පහර දීමකින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මාස හතරකුත් දින 16ක් එක්තැන්ව සිටි දෙදරු පියා මියගොස් ඇතැයි සූරියවැව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නව අන්දරවැව පාර‍, නබඩගස්වැව සූරියවැව ලිපිනයේ පදිංචිව සිටි 47 හැවිරිදි එපිටගෙදර රූපසිංහ‍ නමැති දෙදරු පියෙකි.

    Kattiya dakke na wage yanna. Hee hee hee
    ------ Post added on Nov 23, 2024 at 4:32 PM
     
    • Wow
    Reactions: sahan50