තමාට වරදක් කළා කියා සිතමින් ද්වේශය වඩයි...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තමාට වරදක් කළා කියා සිතමින් ද්වේශය වඩයි...
    තමාගේ මිතුරෙකුට වරදක් කළා කියා සිතමින් ද්වේශය වඩයි..
    තමාගේ හතුරෙකුට යහපතක් කළා කියා ද්වේශය වඩයි..
    තමාගේ මිතුරාගේ හතුරන් කියාත්... තමාගේ හතුරාගේ මිතුරන් කියාත් ද්වේශය වඩයි...
    අවසානයේ ගෑවුණ ගෑවුණ ස්ථානයේ ද්වේශය උපදී..
    පිටතින් නසන්නට කොතෙක් නම් සතුරන්ද.. ද්වේශය පිරුණු සිතකට...
    නැසිය යුත්තේ එකම එක තැනකි...
    තමාගේම ද්වේශ සිතයි..
    මේ මොහොතේ ඇතිවන ගැටෙන සිතයි..
    අතීත සිත් ද නිරුද්ධ වී අවසානයි..
    අනාගත සිත් උදා වී නොමැත..
    මේ මොහොතේ ඇතිවන සංස්කාරයන්ට වටිනාකමක් දී මම, මගේ කියා අල්ලාගැනීම හේතුවෙන්ම ද්වෙශයද, කාමයද උපදී.
    ඇතිවූ තැනම නැතිවීම දකින්නට සිත පුරුදු කරන්න.
    යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න.
    සතිය වඩන්න..
    මාර්ගය නොවඩන තාක් කල් නිවන දුරස් ය..
    සැනසීම දුරස් ය ..
    මේ බුද්ධ ශාසනයේදීම අවම වශයෙන් සෝවාන් ඵලයෙන් වත් සැනසීමට අධිෂ්ඨනයක් ඇති කර ගනිමු...!!!
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    ජීවිතේ රීස්ටාර්ට් එකක් දාගන්න ක්‍රමයක් තියේද