තමිල්නාඩුවට ස්වරාජ්‍යය ' කරුණානිධිගේ සිහ

Sakibura

Member
Sep 20, 2009
226
10
0
තමිල්නාඩුවට ස්වරාජ්‍යය ' කරුණානිධිගේ සිහ

'තමිල්නාඩුවට ස්වරාජ්‍යය ' කරුණානිධිගේ සිහිනය කියයි Written by සරත් වික‍්‍රමසිංහ Friday, 19 February 2010 02:38
karunanidi.jpg

Top Lanka News පෙබරවාරි 18
කිසියම් දිනයක තමිල්නාඩුවට ස්වරාජ්‍යය ලබාගැනීම තමාගේ සිහනය බව තමිල්නාඩු මහ ඇමති කියා තිබේ. කාලයක් ස්වරාජ්‍ය කතාව කියවමින් සිට එය නතර කළ කරුණානිධි ආයෙත් සිහිනය ගැන කියවීම මහඵවියට කරන දෙඩවිල්ලක් නොවේ. ඔහු තමිල්නාඩුවේ ස්වරාජ්‍යය ගැන කතා කිරිම අත්හලේ ඇල්ටීටීඊය ලංකාවේ හැදි වැඞී ප‍්‍රබල වී එනු දැකිමෙන් ඇතිවු පී‍්‍රතියෙනි. ඇල්ටීටිඊය ලංකාව බිද ඊළාම් නමින් ස්වාධින දෙමළ රටක් පිහිටුවිමට උත්සාහ කළේ ය. ඊට තමිල්නාඩු දේශපාලනඥයින්ගේ උපරිම සහය ලැබුණේ ස්වාධින ඊළාමය කේන්ද්‍ර කරගෙන තමිල්නාඩුව නිදහස් කිරීම ඇල්ටීටිඊයේ දෙවැනි සැලැස්ම ඔවුන් අවබෝධකරගත් බැවිනි.
ඉන්දියාව බෙදීමට බටහිරුන්ට අවශ්‍යකර තිබේ. ඇල්ටීටීඊය යොදවා තමිල් ඊළම හැදු පසුව එය ඉතාම පහසුවෙන් කරන්ට හැකිවෙතැයි බටහිරුන් සිතුහ. එමනිසා ඔවුන් ඉන්දියාව බිද ස්වාධින දෙමළ රටක් බිහි කිරිමේ අනාගත සැලසුම් ඇතිව ඇල්ටීටිඊයට උපකාර කළහ. ඇල්ටීටීඊය පරාජය වු නිසා ඊළාම් සිහිනය බිදවැටුණි. කරුණානිධි ආයෙත් තමිල්නාඩු ස්වරාජ්‍ය ගැන කියවන්ට ගත්තේය.
ඇල්ටීටිඊය දන් නැති නිසා ඒ වෙනුවෙන් පෙනිසිටින ටිඇන්ඒ වැනි දෙමළ පෙරමුණු රට බෙදීම ගැන නොකියා උතුර නැගෙණහිර පලාත් වලට බලය බෙදීමක් ගැන කියවති. බලය බෙදීම යනු රට බෙදීමේ පළමු පියවරයි. එමනිසා ශ‍්‍රී ලංකාවට ආදරය දක්වන රටවාසින් කියන්නේ බලය බෙදීමක් හෝ රට බෙදීමක් නැතිව සාමයෙන් සතුටෙන් ශ‍්‍රී ලංකාව තුඝ ජීවත්විය යුතු බවයි.
කොහොම වෙතත් කරුණානිධි ආයෙත් සිහිනය ගැන කියන්නේ ලංකාවේ දෙමළ රාජ්‍යය හැදීම සිහිනයක් බව ඔහුට වැටහෙන බැවිනි.එහි අන්තිම තුරම්පුව වශයෙන් කෙරුන විශ‍්‍රමික ජෙනරාල් පොන්සේකාට බලය ලබාදීමේ බටහිරුන්ගේ තුරුම්පුව ද අහක ගියේය.
 

Treveen

Member
Aug 4, 2009
225
21
0
මේවා එළකිරි නංගිලාට වැඩක් නෑ නංගී .....ඔයා නිකං රැවුල පෙන්නනවා
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පැනලා ගිය කොටි දැන් තමිල්නාඩුවෙ වෙන්නැති ඉන්නෙ.