තමිල් ඊලම බිහිවුනානම් .................

Feb 20, 2015
588
203
0
තමිල් ඊලම බිහිවුනානම් .................

තමිල් ඊලම බිහිවුනානම් දෙමළ ජනතාව කිසිදිනක මොනම වරදකට හෝ ප්‍රභාකරන්ව විත්ති කූඩුවකට නංවයිද් ?
ඒ ත්‍රස්තවාදයට එරෙහිව ලංකාව වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල යුධ හමුදා ජෙනරාල්වරු දෙදෙනෙකු , නාවුක හමුදාපතිවරු තිදෙනෙකු හා පසුකලක දක්ෂ ව්‍යාපාරිකයෙකු බවට පත්වූ තවත් විශ්‍රාමික හමුදා නිධාරියෙකු සමඟ, අද දින උදෑසන කොළඹ මහෙස්ත්‍රාත් උසාවි අංක 1 විත්ති කූඩුවේ සිටගෙන සිටින , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙස හද පිරි ශෝකයෙන් බලා සිටිනා විට මගේ සිතට ආ ප්‍රශ්නයයි.
එයට පිළිතුර මට අනුමාන කල හැක. මා විශ්වාස කරනා පරිදි ප්‍රෞඪ දෙමළ ජාතිය කිසි දිනක ඔවුන්ගේ ඊලාම සටනේ නායකයාට අපහාස වන මුග්ද ක්‍රියාවකට අනුමැතිය දෙන්නේ නැත. එය කල හැක්කේ එකමුතු කමක් නැතිකම නිසා ඉතිහාසය පුරාවටම නැවත නැවත තම ජාතික වීරයන් පාවාදුන් ජාතියකට පමනි.
2009 මැයි මස 18දා 30 වසරක ත්‍රස්ථවාදී ශාපයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනුනුදා දොරින් දොර කිරිබත් උයමින්, රතිඥ්ඥා පත්තු කරමින්, රබන් ගසමින්, සිංහ ධජය වනමින්, ජාතික අභිමානයෙන් කුල්මත්ව ජය ඝෝෂා නැගූ අපි වසර 7 ක් ගතවන්නටත් පෙර ඒ සියල්ල අමතකවී, එකිනෙකා කුලල් කා ගනිමින්, පිටරැටියන් ඉදිරියේ දනින් වැටී, ඔවුන්ගේ නියෝගවලට අවනතව, ජාතියේ ස්වාධිපත්‍යය පවා දෙමින්, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් රට බේරා ගත්රණවිරුවන් දඩයමට ලක් කෙරෙන අයුරු නෑසූ, නොදුටූ අයුරින් සිටින දීන මානසිකත්වයකට ඇද වැටුනේ මේ රටේ අවාසනාවකටම විය යුතුය.
ගොඨාබය රාජපක්ෂ නීතියට අනුව වරදක් කලාද නොකලාද යන්න තීරණය කල යුත්තේ අධිකරණයයි. එහෙත් ඔහුට විරුද්දව ඉදිරිපත් කර ඇති අල්ලස් චෝදනාව රටේ අවශ්‍යතාවකට කෙරෙන්නක්ද දේශපාලන අවශ්‍යතාවක් මත කෙරෙන්නක්ද යන්න තීරණය කල යුත්තේ මහජනතාවයි.
මේ රටේ ජනතාව ගොඨාභය රාජපක්ෂ තම රාජකාරිය දේවකාරියටත් වඩා කැපවීමෙන් ඉටුකල රාජ්‍ය නිලධාරියෙකු බව හොඳින්ම දනිති. රටට පිලිලයක්ව පැවති යුද්ධය අවසන් කිරීමට ඔහු කල කාර්‍ය භාරය ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. යුද්ධය අවසන් වූ පසු නාගරික සංවර්ධනයේ ඔහු කල පරිවර්ථනයද ජනතාව සි‍යැසින් දැක ඇත. මගේ අදහස අනුවනම් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික සම්පතකි. රට දැය ගැන සැබෑ අභිමානයක් ඇති ජාතියක් වෙසෙන රටක ඔහු ඉපදී මේ කටයුතු කලානම් ඔහු පිළිබඳව ඉතිහාස පොත් ලියැවෙනු ඇත. එහෙත් අවාසනාවකට ඔහු ඉපදුනේත් ජාතික වීර ශ්‍රීමත් අනගාරික ධර්මපාල තම උත්පත්තිය ගැන අවසානයේ දුක්වූ ශ්‍රී ලංකා භූමියේමය.
ජාතියක් ලෙස ඉතිහාසයේ අපි බොහෝ වැරදි සිදු කර ඇත්තෙමු . එයින් සමහරක් වැරදි ඉතිහාසය විසින්ම හඳුනාගෙන ඒ පිළිබඳව පසුකලක පොත්පත්වල ලියැවී ඇත. අද පාසැල්වල ඉතිහාසය නූගන්වන නිසා අපේ තරුණ පරපුර මෙම සමහරක් කරුණු නොදන්නවා විය හැක. එහෙත් අනාගතයේ යම් දවසක ඉතිහාසය විසින් ගෝඨාභය රාජපක්ෂටද සාධාරණත්වය ඉටුකරනු ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය නාලක ගොඩහේවාගේ මුහුණු පොතේ වූ සටහනක්
( 2016 සැප්තම්බර් 30)


14449994_1781696175413382_6221830781605982621_n.jpg


14522976_544446812420308_3181629090589699109_n.jpg
 
  • Like
Reactions: malakadss

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    හිතට හරිම කලකිරීමක් ඇතිවෙන්නේ.. පඩත්තර ගොන් සිංහලුන්ට මේවා තවමත් නොතේරෙන්නේ රටේ ජාතියේ කරුමෙටයි :no::no:

    14522976_544446812420308_3181629090589699109_n.jpg