තමිල් ඊලම බිහිවුනානම්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තමිල් ඊලම බිහිවුනානම්

    තමිල් ඊලම බිහිවුනානම් දෙමළ ජනතාව කිසිදිනක මොනම වරදකට හෝ ප්‍රභාකරන්ව විත්ති කූඩුවකට නංවයිද් ?

    ඒ ත්‍රස්තවාදයට එරෙහිව ලංකාව වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල යුධ හමුදා ජෙනරාල් වරු දෙදෙනෙකු , නාවුක හමුදාපතිවරු තිදෙනෙකු හා පසුකලක දක්ෂ ව්‍යාපාරිකයෙකු බවට පත්වූ තවත් විශ්‍රාමික හමුදා නිධාරියෙකු සමඟ, අද දින උදෑසන කොළඹ මහෙස්ත්‍රාත් උසාවි අංක 1 විත්ති කූඩුවේ සිටගෙන සිටින , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙස හද පිරි ශෝකයෙන් බලා සිටිනා විට මගේ සිතට ආ ප්‍රශ්නයයි.
    14522736_1652089845102949_2377220573195244195_n.jpg

    එයට පිළිතුර මට අනුමාන කල හැක. මා විශ්වාස කරනා පරිදි ප්‍රෞඪ දෙමළ ජාතිය කිසි දිනක ඔවුන්ගේ ඊලාම සටනේ නායකයාට අපහාස වන මුග්ද ක්‍රියාවකට අනුමැතිය දෙන්නේ නැත. එය කල හැක්කේ එකමුතු කමක් නැතිකම නිසා ඉතිහාසය පුරාවටම නැවත නැවත තම ජාතික වීරයන් පාවාදුන් ජාතියකට පමනි.
    14432972_1652090028436264_8098337046863210596_n.jpg

    2009 මැයි මස 18දා 30 වසරක ත්‍රස්ථවාදී ශාපයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනුනුදා දොරින් දොර කිරිබත් උයමින්, රතිඥ්ඥා පත්තු කරමින්, රබන් ගසමින්, සිංහ ධජය වනමින්, ජාතික අභිමානයෙන් කුල්මත්ව ජය ඝෝෂා නැගූ අපි වසර 7 ක් ගතවන්නටත් පෙර ඒ සියල්ල අමතකවී, එකිනෙකා කුලල් කා ගනිමින්, පිටරැටියන් ඉදිරියේ දනින් වැටී, ඔවුන්ගේ නියෝගවලට අවනතව ජාතියේ ස්වාධිපත්‍යය පවා දෙමින්, ජාතික සම්පත් විකුනමින්, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් රට බේරා ගත්රණවිරුවන් දඩයමට ලක් කෙරෙන අයුරු නෑසූ, නොදුටූ අයුරින් සිටින දීන මානසිකත්වයකට ඇද වැටුනේ මේ රටේ අවාසනාවකටම විය යුතුය.

    ගොඨාබය රාජපක්ෂ නීතියට අනුව වරදක් කලාද නොකලාද යන්න තීරණය කල යුත්තේ අධිකරණයයි. එහෙත් ඔහුට විරුද්දව ඉදිරිපත් කර ඇති අල්ලස් චෝදනාව රටේ අවශ්‍යතාවකට කෙරෙන්නක්ද දේශපාලන අවශ්‍යතාවක් මත කෙරෙන්නක්ද යන්න තීරණය කල යුත්තේ මහජනතාවයි.

    මේ රටේ ජනතාව ගොඨාභය රාජපක්ෂ තම රාජකාරිය දේවකාරියටත් වඩා කැපවීමෙන් ඉටුකල රාජ්‍ය නිලධාරියෙකු බව හොඳින්ම දනිති. රටට පිලිලයක්ව පැවති යුද්ධය අවසන් කිරීමට ඔහු කල කාර්‍ය භාරය ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. යුද්ධය අවසන් වූ පසු නාගරික සංවර්ධනයේ ඔහු කල පරිවර්ථනයද ජනතාව සි‍යැසින් දැක ඇත. මගේ අදහස අනුවනම් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික සම්පතකි. රට දැය ගැන සැබෑ අභිමානයක් ඇති ජාතියක් වෙසෙන රටක ඔහු ඉපදී මේ කටයුතු කලානම් ඔහු පිළිබඳව ඉතිහාස පොත් ලියැවෙනු ඇත. එහෙත් අවාසනාවකට ඔහු ඉපදුනේත් ජාතික වීර ශ්‍රීමත් අනගාරික ධර්මපාල තම උත්පත්තිය ගැන අවසානයේ දුක්වූ ශ්‍රී ලංකා භූමියේමය.

    ජාතියක් ලෙස ඉතිහාසයේ අපි බොහෝ වැරදි සිදු කර ඇත්තෙමු . එයින් සමහරක් වැරදි ඉතිහාසය විසින්ම හඳුනාගෙන ඒ පිළිබඳව පසුකලක පොත්පත්වල ලියැවී ඇත. අද පාසැල්වල ඉතිහාසය නූගන්වන නිසා අපේ තරුණ පරපුර මෙම සමහරක් කරුණු නොදන්නවා විය හැක. එහෙත් අනාගතයේ යම් දවසක ඉතිහාසය විසින් ගෝඨාභය රාජපක්ෂටද සාධාරණත්වය ඉටුකරනු ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඨාබය හොඳයි යටට ජෝකෙක් විදිහට අඳින්න.

    මු කොච්චර දකුණේ අහිංසක මිනිස්සු මැරුවද
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ගොඨාබය හොඳයි යටට ජෝකෙක් විදිහට අඳින්න.

    මු කොච්චර දකුණේ අහිංසක මිනිස්සු මැරුවද

    You cannot give Reputation to the same post twice.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මම අද ඇතුලෙ ඉන්නෙත් ගෝටා නිසා. ඒත් පිළිගන්න ඕනෙ අපි වගේ සමාජයට පිළිලයක් වුන උන්ව සීන් එකෙන් ඉවත් කරන්න ගෝටා සෑහෙන මහන්සි වුනා.මම ගරු කරන ආදරය කරන චරිතයක්. පොන්න සිංහලුන්ට මේවට වග කියන්න වෙනවා
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    තමිල් ඊලම බිහිවුනානම් දෙමළ ජනතාව කිසිදිනක මොනම වරදකට හෝ ප්‍රභාකරන්ව විත්ති කූඩුවකට නංවයිද් ?
    ඔහුට විරුද්දව ඉදිරිපත් කර ඇති චෝදනාව රටේ අවශ්යතාවකට කෙරෙන්නක්ද දේශපාලන අවශ්යතාවක් මත කෙරෙන්නක්ද යන්න තීරණය කල යුත්තේ මහජනතාවයි.
    sarath_fonseka.jpg

    sarath-fonseka-released-on-presidential-pardon.jpg

    :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජීවිතේ බේරගන්න කොටින්ට වන්දි ගෙවපු නායකයො හිටපු රටක් මේක...
    ඒ අතර මිනී කන්නන්ගේ දේශය කියල නමකුත් පටබැදිල ලෝකයෙන් කොන් වෙලා...
    කිසිම සංවර්ධනයක් නැතිව ගද ගහපු රටක් ගොඩගත්ත උන්ට ඔහොම දඩුවම් දිල මදි....
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    itin bn oka ahanna deyakda, rata,jathiyata,agamata vaira karana lamek hada ganna bari ponnayek rata palanaya karaddi ohoma thama, anika ube danne nadda prabakaran ekka deal dala unp eke hitapu hodama leaders lava marala unp leader vune kohomada kiyala? anika mataka nadda prabakaran ta baye uta venama ratak hadaganna dipu ponna ballane ape rata palanaya karanne...dan ape rata palanaya karanne ltte diaspora eka..eka na kiyala kiyanaone kenekta mama oppu karala pennannam eka...


    Ranil thama ape rate lokuma minimaruwa, prabakaran neve..prabakaran ta vada darunu ponna ballek thama ranil vesige putha.​
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මගේ අදහස අනුවනම් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික සම්පතකි.


    සිංහලයන්ට තියන හැම සම්පතක්ම සිංහලයො විනාස කරගන්නවා. අන්තිමට සිංහලයෝ බල්ලො බළල්ලු වගේ පාරෙ මැරෙන දවසක් ලගදීම එයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    සිංහලයන්ට තියන හැම සම්පතක්ම සිංහලයො විනාස කරගන්නවා. අන්තිමට සිංහලයෝ බල්ලො බළල්ලු වගේ පාරෙ මැරෙන දවසක් ලගදීම එයි

    :yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සිංහල මිනිස්සුන්ට කෙළ උන දාට බේරගන්න ඔය කිසිම ජාතියක් එන්නෙ නෑ. ඒ උනාට සිංහල මිනිස්සු අනෙක් ජාතින් ගැන ලොකු කැක්කුමකින් කතා කරනවා. ඒ මදිවට ප්‍රභාකරන් ගැන සමහර උන් දුකින් කතා කරනවා. සංහිදියාවක් ගැන කිය කිය විකාරයක් කරනවා. මොන රටකද මිනිස්සු සන්හිදියාවකින් ජීවත් වෙන්නෙ ? USA වල දවසකට කළු ජාතිකයො 8 සුදු ජාතිකයො අතින් මැරුන් කනවා. සංහිදියාවක් තියනවනම් හැම ජාතියකටම සමාන අයිතීන් දෙන්න ඕනේ. ලංකාවේ ඒක කිසිම වෙලාවක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කියනවනම් නම් එක ලොකුම ලොකු බොරුවක්. එහෙනම් Malasia වගේ වෙන්න ඕනේ. ඉතිහාසයක් නෑ. culture එකක් කියල නෑ ..හැමෝම එකට ඉන්නවා. හැමෝටම සමාන අයිතිවාසිකම්. සිංහල මහ ජාතියක් විදිහට ලංකාවේ ඒක කරන්න බෑ.. දැනටත් අපි වැඩි අයිතිවාසිකම් භුක්ති විදිනවා. ඒක එසේ විය යුතුයි. එහෙම රටක සංහිදියාවක් ගැන කතා කරන එක විහිළුවක්.
     
    • Like
    Reactions: xcorat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ජන්තු අයියා;20751449 said:
    එ ඉස්සර මචන් මෙයා කලවැද්දා..දැන් රනිල්ගේ බව් බව් ටොමියා...

    සිරාවටම.මස් කැලි දෙන්න ඕනේ නෑ. කටු දුන්නා නම් ඇති. මේ දවස් වල ලසන්තගේ කටු ටික දීලා තියෙන්නේ සූප්පු කරන්න.