තම කුසින් උපන් දරුවන් 8 ක් මරාදමලා
තමා බිහිකළ දරුවන් 8 දෙනෙකුම ඝාතනය කළ බව කියන මවක පිළිබඳ ප්රංශයෙන් වාර්තා වේ. ප්රංශයේ උතුරු දිග ප්රදේශයේ වෙසෙන කාන්තාවකට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි. 1989 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ මෙම කාන්තාවට දාව උපන් දරුවන් 8 දෙනෙකු ඝාතනය කර ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් ප්රකාශ කර තිබේ.
එම දරුවන්ගේ සිරුරුවල කොටස් ඔවුන් වාසය කරන ගම්මානයේ තිබියදී සොයාගැනීමට හැකිවී ඇති බව සඳහන්ය. කෙසේවෙතත් මෙම කිසිදු මරණයක් පිළිබඳ අදාළ කාන්තාවගේ සැමියා දැනුවත්ව නොමැති බව වාර්තා වේ. කාන්තාවගේ මෙම හැසිරීමට හේතුව තවමත් පැහැදිලි වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

)